Friday, June 3, 2011

බස් එක...

කොච්චර හෙමින්ද ආවෙ කීවෝත් පයින් යන මිනිස්සු බස් එක ඉස්සර කරගෙන යනවා.එත් කොන්දා නම් කෑගහන්නේ දිව්‍යලෝකේට යන්න මේ ලෝකෙටම තියන අන්තිම බස් එක වගේ...drawa   නම් එලෝ මෙලෝ නැතිව මනෝ පාරක් ගහගෙන පාරක් තියන හින්ද යනවා. අන්තිම සීට් එකේ දෙපැත්තේම මල් කඩනවා.උන්ට නම් හිතෙනවා ඇති මුන් දෙන්න දේව දුතයෝ කියල.
ඉස්සරහම සීට් එකේ හාමුදුරුවන්ගේ ෆෝන්  එක ring වෙනවා."බෝ මළුවේ මල් සුවදට පැතිරුණු.." සනත් නන්දසිරි ඕක කියන්නේ හාමුදුරුවන්ටමද?.නැත්තම් හාමුදුරුවෝ වෙන සින්දුවක් නැතුවට මේක දාගෙනද?.ඔන්න දැන් මගේ හිත වැඩ කරන්නේ හාමුදුරුවෝ ෆෝන් පාවිච්චි කරන එක හොදයිද කියල. ඊට  පිටි පස්සේ සීට් එකේ uncle හිතන්නෙත් ඒකමද කොහෙද....
ඇන්ටිලා දෙන්නෙක් ගජ රාමෙට කතාව...මන් ඒකට හොට දාන්න බැලුවේ...එත් වැඩක් නෑ.sure උන් කතාවෙන්නේ සාරියක් ගැන හරි.මිනිහගේ වැරද්දක් ගැන. උන් දන්නේ ඕව විතරනේ...
ඔන්න ඔන්න කිටක් මර ගත්ත කොල්ලෙක්.. කෙල්ලෙක්ට line   එකක්, කෙල්ලත් ඇහැ දානවා.තව ටිකක් වෙලා යනකොට වැඩේ සෙට් වෙයි වගේ. හොදා හොදා,
දේශපාලන කතාවක් ඇහෙනවා..ඒකත් හැමදාම කියවන මාතෘකාවක්.වැඩක් නෑ...ඕව ඇහුවම නිකන් තද වෙනවා විතරයි.
මට නම් දැන් කම්මැලියි .මේකේ සින්දුවක් වත් දාන්නේ නෑනෙ...එක්කොත් ඕන නෑ, මේකේ දැම්මත් දන්නේ අහගෙන ඉන්න පුළුවන් සින්දු නෙවේනේ.
පාර දිහා බැලුවට වැඩකුත් නෑ. මන් හැමදාම මේවා දකිනවනේ...මොනවා වත් කල්පනා කරන්න තියනවද?...
ඔව්,
එත්...ඒවා මොනවද?. වැඩක් ඇති දෙයක් නෙවේ...
එපා අහන්න.. ඇහුවට කියන්නේ නෑ...
 

2 comments:

  1. හික්ස්.. ජෙරියෝ.... බස් එකේ ඇන්ටනා දාන්නේ පරිස්සමින්... :D

    ReplyDelete
  2. හැම දාම යන එන ඒ පාර දිහා ,හැමදාම දකින ඒ දේවල් දිහා වෙනදට වැඩිය පොඩ්ඩක් වෙනස් විදියකට බලන්න. වෙනස් විදියකට සිතන්න.ඔබ මෙතෙක් නොදුටු බොහෝ අපූරු දෑ ඒ තුලින් ඔබට පෙනේවි

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...