Tuesday, July 26, 2011

විබහගය හා අබාග්‍යය..

මේක මට ලියන්න හිතුනේ චතුවා  දාලා තිබුන පොස්ට් එකක් දැකලා.එත් එක මේ විදියට ලිය වෙයි කියල හිතුනේ නෑ...අදත් විබාගයක් ලිවනේ එකෙන් පස්සේ තමයි මේ වගේ දේවල් ගලාගෙන එන්නේ...අමාරුවෙන් හරි කමක් නෑ මේ පට්ට අන්දරය කියවල බලන්නකෝ එහෙනම්...

මේ කතාවේ කතා නායකයා මම ඒ කියන්නේ මේ ජෙරියා, ජෙරියගේ මේ කතාව පටන් ගන්නේ මොන්ටසොරියෙන්.ඒ කලේ මු හෙන දඩබ්බරයලු, අම්ම තමයි එහෙම කිවේ. මං ඒ කාලේ මෙලෝ දෙයක් කරේ නෑ කියල මොන්ටසොරි ටීචර් කිවලු. යේ ඉතින් ඒකෙ ගිහින් කරන්න තියෙන්නේ මොනවද?.

කොහොමින් කොහොම හරි මං එකේ පන්තියටත් ගියා...දෙකටත් ගියා.. ඒකත් හිටියා. හිටපු ගමන් මරුසි වැඩ කර. ඒවා ඉතින් ලාබාල ගනයේ ඒවා.  3,4 ත් ඔහමම තමා.
ඔන්න මං පහට ආවා..ශිෂ්ෂත්වෙත් ලීවා... ඒකත් පාස් වුණා අහම්බෙන් වගේ....

ඔන්න ඉතින් වාර විබාගත් ලිය ලිය කාලයක් ගියා... ඔන්න දැන් ඕ ලෙවෙල් ඉවර කරාලු...ඒකත් ගොඩ කියන්නේ...
අම්මටසිරි ඉතින් දැන් ඉතින් ලොකු පොරවල්ලා..
ඔන්න දැන් ඉතින් උ.පෙ. කරනවලු. හැමදාම ඉස්කෝලෙත් ගියාලු. පන්තිවලටත් ගියාලු.ගණනුත් හැදුවලු..පාඩමුත් කරාලු...විබගේත් ලිවලු...
කෝ කෝ රිසල්ට් ???
මදි නේද? ආයේ පාරක් කරන්න වෙයි නේද?
එහෙම කියන ගමන් සමහරු අහනවලු...
පුතාට මදි නේද?, දැන් මොකද කරන්නේ ? ආයේ කෙරුවත් ඔහොමම තමා ...
නොදකින් මේ ගැනුන්ගේ කටවල්...ඕව තමා හෙනේට හිටින්නේ...



ඔන්න ඕව එහෙම මෙහෙම් සිද්ද වෙලා ඉවර උනාලු...කොල්ලට කැම්පස් එක අත ලගින් මිස් වෙලා ගියාලු....දුකයි තමා මොනවා කරන්නද...
සමහර විට නිදහස් අද්‍යාපනය ලබන්න වරම් නැතුව ඇති...

පස්සෙන් පහු කොල්ල තව වැඩකට අත ගැහුවා ඔන්න. ඒකත් ඉතින් සිරාවටම පටන් ගත්තා...පටන් ගන්නේ හැමදේම සිරාවටමයි.. හැබැයි ඒවා ඉවර කරන්නේ හරිම සිම්පල් පැලානකින්...
දැන් බලන් යනකොට ඒකත් මේ වගේ තමයි...

මේකත් හැමදාම වගේ විබාග තියන පෝරියල් එකක් තමා...දැන් ඉතින් හෙන ගහන්නද...බදා ගත්තනම් කොරන්ඩ එපාය...
හැමදාම  විබාගයක් කිට්ටු වෙන කොට.. අර මොකද්ද එක කැඩුන කඩියා වගේ. පොතක් දෙකක්  හොයාගෙන පාඩම් කරනවලු....ඒකත් හැබැයි බාගෙට...

  කොහොම හරි ,විදේශ අදාරත් ලබාගෙන ඒවත් ගොඩ දැම්ම කියන්නේ... ඇහුවම නම් කියන්නේ ගින්නක් නෑ කියලා...
එත් හැමදාම විබාගයක් ඉවර වෙලා එලියට එන්නේ..
    " ඊලග පාර නම් කොහොමහරි මුල ඉදන්ම වැඩ කරලා මේ සබ්ජෙක්ට් එක ගොඩ දානවා" කියලා ...
ඕක දැන් හැමදාම ගහන තැටිය තමා...


මෙහෙම කාලයක් කොරන් ගිය කොල්ලා එක දවසක්... කෙලව ගත්තා...
විදේශ අදාරත් නෑ...ලියන්න දේකුත් නෑ....
අන්න ඒ දවස තමා අද....
ඒ කිවේ
දෙදහස් එකොළහක් වූ ඇසළ මස විසිහයක් වූ කුජ දින....

 

4 comments:

  1. මොන කතාද ඉතින් ජෙරියෝ.. අපි දෙන්නම එකටනේ අද හෝල් එලි බැස්සේ.. මට ඉතින් විදේශාධාරත් නෑ මුකුත් නෑ..

    හැබැයි බං.. අපි එළිබැස්සා කලින් වැඩී.. දන්නවානේ ඇයි කියලා.. :D

    ReplyDelete
  2. ඒක නං ඇත්ත බං...අපි එලිබැස්ස වෙලාව වැරදියි...තව ටික වෙලාවක් ලැග්ග නම්...මේක ලියන විදිය වෙනස් කරන්ට තිබ්බා...

    ReplyDelete
  3. මමත් ගොඩ ගියොත් ගොඩ යන්නේ උබලා දෙන්නා ගත්ත ඔය තිරනය මම නොගත්ත නිසා.... අනේ ඉතින් අපේ නෙත්මි අක්කාට පින්සිද්ද වෙන්න ඔනේ.. මාව ගොඩ දැමිමේ ඒ අක්කන්ඩිනේ... <3 :)

    ReplyDelete
  4. මම උඹට කීවානෙ උදෙම මම ලගින් නමී ඉන්න ඵපා කියලා....

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...