Wednesday, August 10, 2011

දුටිමි වෙළෙන්දියක...


බඩට අහරක් නැතිව
සිතට නිවනක් නැතිව
උදේ රෑ වෙහෙසෙමින්
විදී දුක් වේදනා...
නොනැවතී කෑගසයි
උගුර ලේ රස දැනෙයි
හිතෙන මුත් අත්හරිනට
අහිමි වේ ලාබයම...
වැහි කලෙත් ඉඩොරෙත්
කියා වෙනසක් නැතේ
කකුල් නම් වාරු නැත
සිතේ වාරුව ඇතේ...
නුබ ගෙදර යන තුරා
සිටිති මග බල බලා
නුබේ කිරි දරු පැටව්
කුසගින්න ඉහ දරා...
හෙට උදේ ඉර උදා
වන්ට පෙර යළිත් නුබ
එළවලු බර කරට ගෙන
රැගෙන යයි මහ මගට...

1 comment:

  1. හැමෝටම එකම දේ කරන්නත් බෑ නොව..ජිවත් වෙන එකත් ඉතින් සෙල්ලමක් වගේ නෙවේනේ..

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...