Monday, August 15, 2011

විවාහය සහ මනමාලයො

මේක කොහෙන් පටන්ගන්නද මොනව කියන්නද කියල හරිම අදහසක් තාම ඔළුවෙ ඇතුලෙ නොතිබුණත් මේක නොකියා ඉන්න නම් මට හිතෙන්නෙම නෑ,
එක කාලෙක, එහෙම කිව්වට මේක වෙලා දැන් දවස් 3,4 ක් ඇති.....
එක ගෙදරක අවුරුදු 23ක් විතර වෙන දුවෙකුට විවාහයක් කරල දෙන්න ඒ දෙමව්පියන්ට උවමනා උනාළු,
අනේ ඒ උනාට මේ දෝනියැන්දට නෙමේ විවාහයේ වගේ වගක් තිබුනේ, එයාට විවාහය කිව්වම, නයාට අදු කොළ වගේම නොවුනත් ඊට ටිකක් අඩුවෙන් ඔය කියන මාතෘකාව එපා වෙලයි තිබුනේ....
අනේ ඒ උනාට ඉතින් අම්මට අප්පච්චිට උඩින් යන්න බැරි කමටයි, ගැලවිජ්ජාවටයි කියන දෙකටම හරි යන්න ගෙදරින් කියන ඕන දෙකට කැමතියි කියල මේ දෝනියැන්ද කිව්වලු..........
අනේ ඔන්න ඉතින් එක දවසක් අර දෝනියැන්දට උන්දැගේ අම්ම ගෙනත් දුන්නලු පොටෝ කෑලි 3,4ක්. 3,4ක් කිව්වට එතන තිබ්බලු පොටෝ කෑලි 6ක්ම. මොනවද ඒකේ තිබුනේ, හි හි හි හි..................
මනමාලයෝ! එක්කෙනෙක්ද? නෑ 6 දෙනෙක්ම. ඉතින් අම්ම කියපි දුවේ ඔතනින් කැමති, හොද කෙනෙක් තෝරලා කිව්වනම් කියල..........
අනේ දෙවියනේ මනමාලයෙක් තෝරනව කියන්නේ, මොකෝ අවුරුදු කුමාරයෙක් තෝරනව වගේ වැඩක්යැ පොටෝ කෑල්ලක් දිහා බලල තෝරන්න....
අනාගත සහකාරය කිව්වම කොච්චර බාරදූර වගකීමක්ද නේද?
මේ දෝනියැන්දත් ඉතින් පොටෝ කෑලි 6 දිහා බැලුවලු, අනේ ඉතින් රූපෙ නම් කියන්ට තරම් වරදක් නෑ.... රූපෙ දිහා බලල මක්කොරන්නෙයි, මොකෝ රගපාන්ට යවන්ටයැ උන්දැව....
අනේ ඉතින් පොටෝ කෑලි 6 ආයෙමත් අම්මටම දීලා දෝනියැන්ද යාප්පුවෙන් කියපි මේ කවුරුවත් හරි නැතෙයි කියල.......
අම්මත් ඉතින් හ්ම් හ්ම් කියල නිහඩ උනාට මොකෝ දෝනියැන්දට තිබිච්ච එකම පුරස්නෙ අම්ම තව කී දොහකින් මේ අලකලංචිය ආයෙමත් පටන් ගනීද කියලයි.......
විවාහය අත්‍යවශ්‍ය දෙයක්ද?
මේ දෝනියැන්දට තිබිච්ච එකම උත්තරයක් නැති පුරස්නේ ඕං ඔච්චරයි....

4 comments:

  1. හිහ් හිහ්.. දෝනියැන්ද ලොක්කිම ද මන්දාලු..

    ReplyDelete
  2. ඕක ඉතින් පරණ අයගේ බයිලාවනේ අක්කා....
    දන්නවනේ අර කතාවක් තියෙන්නේ වදුරෙක්ගේ නැට්ට මොකේටද අහුවෙලා කැඩුනම, මේක ඇවිත් අනිත් වදුරන්ට කියපි නැට්ට වැඩක් නෑ, ඕක අයින් කරගනිල්ල කියල.
    අන්න ඒ වගේ තම මේකත්..
    කොර ගත්ත මගුලට කර ගන්න දේකුත් නැතුව තවත් එවුන් ඒ ගොඩටම දා ගන්න හදන්නේ..
    අත්‍යවශ්‍ය නම් නෑ කොහොමත්..

    ReplyDelete
  3. හපොයි...ඔක නම් අත්‍යවශ්‍යම දෙයක් නම් නෙවෙයි...

    ReplyDelete
  4. දෝනියැන්දැ.... දැන් අම්මා පෙන්නපු පොටෝ කෑලි ඔක්කෝගේම ටෝටල් එක කියද...?

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...