Wednesday, August 17, 2011

මට කල් ඕන...


මේක ඉතින් ආපහු මතක් උනා මට..මොකෝ ඉතින් මේ දවස් ටිකේම අහන්නේ මේවනෙ...අපේ අය දැකපුවම දුකත් හිතෙනවා.. ඒත් ඉතින් මොනා කරන්නද...හැමදේම හිතන විදියටම කොර ගන්න ඉතින් අමාරුයි නොවැ..

මේකත් ඉතින් ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්ලු ඔං.. මං නම් දැක්කේ නෑ ඒත් ඉතින් කියපු කෙනා  දන්නවා... 
මං එයාට අය්යා කියල කියන්නම්කො...
 ඔන්න මේ අය්යා බොහොම සැහැල්ලුවෙන් ජිවත් උනාලු..ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩ්ඩක් ලයින් එකක් එහෙම ලාවට දීල බලනවලු..ඇහැක් එහෙම ගැහුවා කියල මුකුත් වෙන්නේ නෑ නේ???..මෙන්න මෙහෙම ආතල් එකේ කුරුල්ලා වගේ සිස් ගල හිටපු අපේ අය්යාට දවසක්  මොකෙන්ද වැදුනලු හොද පාරක්...පාරක් කීවට ඊතල පාරක්..ඒක එව්වා කියන්නේ  අනන්ගයාලු...
නෑ නෑ අර හන්දියේ බෝක්කුව උද ඉගෙන කෙල පෙරන මරුසියා නෙවේ..දිව්‍යලෝකේ කරක් ගහන වලාකුලක් උඩ චුන් එකේ ඉන්න දෙය්යා බුවා ලු...ඒක විදලා තියෙන්නේ මල් හිසරයක්ලූ හික්ස් 
මේක වැදුන අය්යාට එලෝ මෙලෝ නැතුව ගියා...
මෙන්න යකෝ ටික දවසක් යනකොට  මේකා කෙල්ලෙක් පස්සෙන් වැටිලා...කොහොම හොදට හිටපු කොල්ලෙක්ද ???
කෙල්ලත් ලයින් එක දුන්නා," දැන් හිනා wenawa  මට මොකද්ද වගේ" අය්යා බොහොම අහිංසක විදියට කියවනවා..
පව් අප්පා අපි කියල කිසිදෙයක් කොරන්න ඉතුරුවක් වෙලා නෑ මයේ හිතේ???
ඔන්න එක දවසක් හොද වෙලාවක් කාරිය බලල අය්යා ගිහින් අපි නේද කෙල්ල ගෙන්..මෙකි උඩ ගියා
රතු උනා...ලජ්ජ්වෙන් අබරි අබරි කිවනේ..මෙන්න මෙහෙමයි උනේ....
"මන් ඔය ගැන දන්නෙත් නෑ "...
"මොනවද ඔයාට දැන ගන්න ඕන"????
" හැමදේම "...
..................................(ගොඩක් තිබුන)...
"මං ඔයාට කැමතියි...ඔය මට මොකද කියන්නේ...???"
"මට හිතා ගන්න බෑ."...
"ඔය හිතල කියන්න..."
"දැන්ම බෑ...මං සතියකින් කියන්නම්.."..
.................................................................................................................................................
දෙවන සතිය..
අය්යා ගියා කෙල්ල ලගට...
"දැන් සතියක් ගියානේ??, දැන් ඔයා මොකද කියන්නේ???
" අනේ අය්යේ සොරි...මට බෑ..."..

"එහෙනම් මොන මගුලකටද ඕයි කල් ඉල්ලුවේ??? එදාම බෑ කීවා  නම් ඉවරනේ."
අය්යා කිවේ මෙහෙම නෙවේ.. ඒ කියපු විදිය මේකට දාන්න බෑ...පුළුවන් විදියට තම ඔන්න මං කිවේ...
ඔන්න දැන් අය්යා ආපහු හිටපු පරණ අය්යාම වෙලා..
එහෙම තමයි වෙන්න ඕන...ඔයා කෙහෙල්මල් ලව පැත්තකට දාලා සරල උනාම මාර ගති.....
.

.
.

.

4 comments:

  1. කියවගෙන ගියාම උඹට උනු සිද්ධීයක්දෝ කියලත් සැකයක් මතු වෙනවා.කොහොම උනත් නියම පෝස්ට් එක ආ.. දිගටම ලියන්න සුබ පතනවා.. ජය..!

    ReplyDelete
  2. ඇත්ත...සරල වෙන තරමට තමන්ටයි...අනිත් අයටයි...හැමොටමයි හොදයි. මොකද තමන්ට ගැලපෙනෙ, හරියන කෙනෙක් හොයා ගන්නවා කියන එක තරම් සංකීර්ණ දෙයක් මේ ලොකේ වත් නැතුව ඇති නිසා...

    ReplyDelete
  3. මෙහෙම සිද්දියකට අ‍පේ ක්ලාස් එකේ අයියා කෙනෙකුටත් මම කපු කමක් කරා... එ මගුලත් කෙලවුනේ මේ විදියටම කථාවක් ගිහින්ම තමා...

    ReplyDelete
  4. කියෙවුවේ නම් ලොකු කමෙන්ට් එකක් දාන්නම් කියලා.. මොකද ෆිල්ම් එක ෂූට් කරනකොටම අපි බලාගත්තානේ.. ඒත් බෑ වගේ දැන් නම්.. :D

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...