Friday, September 2, 2011

ආරම්භයක් පමණි....

ලෝකයේ පටන් ගැන්ම ගැන හරියටම කියන්න තවම කාටවත් පුළුවන් වෙලා නෑ..ඒක සිද්ද උනේ කොහොමද කියල එක එක අය හුගක් කාලෙක ඉදං පර්යේෂණ පවත්වනවා . එත් හොයා ගන්න දේවල් ඉදිරිපත් කරන්න "වාද" හැටියට,ඒ කියන්නේ ඒවා තවම ඔප්පු කරලා නෑලු..ඔප්පු කරොත් විතරලු ඒවා "නියම" බවට පත් වෙන්නේ..නියමය සහ වාදය කියන එකේ පැහැදිලි තේරුමක් ගැන හරිම වැටහීමක් මටත් නෑ..ඒ දෙකේ වෙනසක් තියන බවට ඒත්තු යන විදියට ඒක ගොඩ නගපු කෙනා කරලා තියනවා.එකත් එක්තරා කල්පිතයක් විතරයි .
       "සෛද්දාන්තිකව උපකල්පනයන් මත ගොඩ නගපු යම් ප්‍රකාශනයක් ඔස්සේ  වාදයක් ගොඩ නැගිය හැක.."එම වාදය ඔස්සේ කරන ලද පර්යේෂණයන් මගින් එය නියමයක් බවට පරිවර්තනය කල හැක."...  
මෙන්න මේ වගේ අර්ථකතන ඕන කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවනි ..ඒ උනත් මේකත් එක්තර ආකාරයක කල්පිතයක් විතරයි...
මං මෙච්චර වෙලා කියන්න දැගලුවේ මේ ලෝකේ වෙන හැමදෙයක්ම සිද්ද වෙන්නේ කොහොමද කියල මට හිතන විදිය ගැන කියන්න පොඩි පුර්විකාවක් හදා ගන්න...

  මගේ ලෝකය  රාමුවකට කොටු වෙලා තියන දෙයක් විදියට අර්ථ ගන්වන්න මං කැමති නෑ.එහෙම උවමනාවකුත් නෑ...පිටින් ඉදං බලන කෙනා එහම කියන්න පුළුවන් මොකද ඒක එයාගේ ලෝකයත් එක්ක සංසන්දනය කරලනේ එහෙම කියන්නේ.
  මං ජීවත්වෙන්නේ ලංකාවේ, ඒක එහෙමයි කියල කියනවා.ඒ කියන්නේ ලෝකයේ මං ඉන්න ප්‍රමාණයට කියන්නේ ලංකාව කියල.... මේ ප්‍රමාණයෙන් එහාට තවම මම ගිහින් නෑ.. ඒ කිවේ මේ රටින්  පිටට  ගිහින් නෑ කියල...
කොහොම උනත් මේක ඇතුලේ වෙන හැමදෙයක්ම මං හරියටම දන්නෙත් නෑ..දැන  ගන්න ඕනෙත් නෑ.දැන ගත යුතුමයි කියල හිතෙන දේවල් ටිකක් හොදට දැනගත්තම ඇතිනේ.
       මං හැමදේම දැන් කියන්නේ නෑ ..ඒක ටික ටික හෙමින් කරන්න ඕන දෙයක්...මං අද හැදුවේ මේකට මුල පුරන්න කියල. සරලවම කිවොත් මේක ටිකක් දිගට යන දෙයක්. ඒ හින්ද හෙමින් සීරුවේ දාන්නම්කො...
"ආරම්භයක් පමණි"....
        

2 comments:

  1. ලොකයේ සිද්ද වෙන ගොඩක් දෙවල් පිටිපස්සේ නියමයක් තිබුනට...තමන්ගේ ලොකයේ...නියම හදාගන්න පුලුවන් තමන්ට විතරයි...ඒ නියම වලට මුලපුරන වාද ගොඩනගන්නෙත් තමන් විතරයි...තමන් ඉන්න ප්‍රමාණයෙන් එහාට හිතන්න...දැනගන්න...ඒ නියම වලට පුලුවන් වේවි කියලා හිතෙනවා...

    ReplyDelete
  2. එක පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ට කියනවා මම උසයි කියලා, ඒත් ඒ පුද්ගලයා ඒ දේ කියන්නේ අනෙක් පුද්ගලයට සාපේක්ෂව, කුමන සාපේක්ෂතාවයකට අනුකූලවද? භේ‍රතිකවාදී සාපේක්ෂතාවයකට අනුව..
    අපේ සමාජෙ එක් මිනුම් දණ්ඩක් තමයි භේ‍රතික උපාංග,
    අද සමාජෙට බැරිද අධ්‍යාත්මික සාපේක්ෂතාවයකට යොමුවෙන්න, පුළුවන්, ඔවුන් යොමුවෙනවා, හැබැයි නිවැරදි ආකාරයට නොවේ, ඔවුන් මනසේ ගොඩනගාගන්න කල්පිත සිතුවිල්ලක් ඔස්සේ මුළු විශ්වයම තීරණය කරන්නට යනවා...
    අන්න එතැනයි වෙනස් කළ යුත්තේ....
    "ආරම්භයක් පමණි"....
    එවන් වෙනසක් කළ යහකල්පිත දැකීමක්ද?

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...