Wednesday, September 7, 2011

ඇරබුම සොයා....

 "ඉස්සෙල්ලම ආවේ කිකිලිද බිත්තරේද?..."
 ඕක පුංචි කාලේ කියපු මෝඩ ප්‍රශ්නයක් කියල සමහරු කියාවි...සරල වින්දනයක් ගන්න ගොතපු මෝඩ කතාවක්ය කියල කියාවි..එත් ඒ සරල ප්‍රශ්නය ගැන සංකිර්ණව හිතුවොත් ,ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක්...පුංචි කාලේ විදියටම ඒකට උත්තරේ හොයන්න ගියොත්...
"ඉස්සෙල්ලම ආවේ කිකිළි"...කෙනෙක් කියාවි...
"හාහ්, කිකිළි ඉපදෙන්නෙත් බිත්තරෙන්"...තව කෙනෙක් කියාවි...
ඔය විදියටම හිතුවොත් ඉස්සෙල්ලම ආවේ බිත්තරේ කියන්නත් බෑ..මොකද බිත්තරේ දාන්නෙ කිකිළි..
     ඔය කතාව ගැන හිතන තව කෙනෙක් කියාවි...ඉස්සෙල්ලම ඇතිවුනේ "කුකුළා" කියල.ඒක මෝඩ උත්තරයක් තමයි...
එත් ඒක පිළිගන්න තරම් කැමති අය ඉන්නවා.
                                               

 මේ ලෝකේ මුල්ම ජීවියා කව්ද?....කාටවත් ඒකට උත්තර දෙන්න බැරි වේවි...ඒක ගැන තවම හොයා ගත්තේ නැතත් ,ඉදිරිපත් වෙන සංකල්ප ප්‍රමාණය ,ඒක ඇති වෙලා ගත වුන අවුරුදු ගානටම සමාන වෙන තරමටම ඇති...

  අදම්ව ලෝකෙට මවපු දෙවියන්...පසුව ඒව මැවුව බවට දේව සංකල්පය පෙන්වා දුන්නත්,ඒකට අබියෝග කරන්නට ඩාවින් ඉදිරිපත් උනත්...ඔහුට එරෙහිව නැගුන හඩේ බරපතල කම නිසාම, තවමත් ඒක වාදයක් ලෙසටම පැවතිලා , නියමයක් නොවී නෂ්ට වෙමින් පවතිනවා.
  මේක ඔප්පු කරන්න පුලුවන්ද?...තවමත් බැරි උනත්...
ඇරබුම සොයා ගත යුතුමයි.... .

1 comment:

  1. අපේ ජීවිත ඇතුලේ තේරුම් ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා, සමහර දේවල් සිද්ද වෙලා ඉවර උනත් අපිටම හිත ගන්න බෑ ඒ දේවල් උනේ කොහොමද කියල,
    සමහර මිනිස්සුන්ට මුල මතක නැති උනාට මං හිතන විදිහට ඒ කරණය මෙතෙන්ට අදාල නෑ , ජීවියාගේ ආරම්භය විද්‍යාත්මකව ඔප්පු කරා උනත් සමහර දේවල් තමන්ගේ විශ්වාසයෙන් පිට පිළිගන්න තරම් තාම මිනිසාගෙ මනස වර්දනය වෙලා නෑ, අපේ ජීවිතවල මේ තරම් සිද්දි සමුදායක් සිදු වෙමින් නොවෙමින් පවතින අවදියක තවත් එක උබතෝකෝටික ගැටලුවකට මදි වෙනවට වැඩිය තමන්ගේ අනාගතය එක පියවරක් හරි ඉස්සරහට අරන් යන්න පුළුවන් විදිහක් හොයා ගන්න ඕනේ, ජීවියා ඇති උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් උනත් ඒ දේ දැන් ඇති වෙලා තියෙන නිසා අපි එතනින් එහාට යමක් හිතන්න මනස වර්දනය කරමු.

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...