Friday, September 30, 2011

සංගීතයයි...සිංදුවයි...

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නේ.ඔය භාෂාවට කරන්න බැරි දෙයක් නෑ. ඔනම කෙනෙක් අඩවන්න, හිනස්සන්න ඔය සංගීතෙට පුලුවන්. කොටින්ම කියනවනම්,
හිතේ තියන හැගීම් කියාගන්න හොදම භාෂාවක් සංගීතය.
සංගීතයෙත් එක එක වර්ග තියනවනේ...අර කැටගරීස් කියලා කියන්නේ...
ඔවා අතරට, හිපොප්, රැප්, ක්ලැසික්...වගේ එක එක වර්ග වැහි වැහලා තියනවා. ඔය අතරේ මේ එක එක සංගීත වර්ග වලට දබර කරගන්න අයත් නැතුවා නෙවෙයි.
රැප් හොදයි...නෑ..නෑ..ක්ලැසික් තමා හොද...ඔය වගේ.
ඉතින් ඔය සංගීතය යොදලා හදන සිංදු වලටත් දබර කරගන්න වෙලාවල් එමටයි.
සින්දු වලට ගහගන්නවා අහලා, දැකල තිබුනට, සින්දු වලින් ගහගන්නවා දැකලා තිබුනෙ නෑ...හැබැයි එහෙම චාන්ස් එකක් මට හම්බුනා බලාගන්න...ගෙදර ඉදගෙනම.
අපේ ගෙදරට ඉස්සරහින් ඔන්න ගෙවල් දෙකක් තියනවා. ඔය ගෙවල් දෙක වෙන් කරන්න මහා විශාල බැම්මකුත් තියනවා.
මේ ගෙවල් දෙකේ ඉන්න අය කාලෙක ඉදන් එච්චර හිත හොද නෑ. ඔය එක ගෙදරක ඉන්නවා පුතෙක්. මිනිහා ලගදී තමයි ලංකාවට ගොඩ බැස්සේ.
ආව එකෙ සතුට යාලුවො එක්ක බෙදා ගන්න ඔනෙ කියලා, දවසක් හවස ඉදන් පොඩි පහේ බජව්වක් දාන්ඩ පටන් ගත්තා. නරක නෑ...අපරාදේ කියන්ඩ බෑ නැගල
යන සිංදු ටික...පංකාදු පහයි.
මාත් ඉතින් ඒ පැත්තට කන් දීගෙන් හිටියා, ආයේ ඉතින් ඉබේම නැටවෙනවා.
ඔහොම ටික වෙලාවක් යනකොට බජව්වේ සද්දේ ටිකක් අඩු වුනා. එතකොටම හැත්තෑව දශකයේ ජනප්‍රිය ඉංග්‍රීසි ගායකයෙක්ගේ සින්දුවක් ඇහෙන්ඩ පටන් ගත්තා.
බොලේ...බජව්වට මක් වුනාද කියලා මාත් බැලුවා සද්දේ කොහෙන්ද කියලා. අහ්...අනිත් ගෙදරින්. හොදයි හොදයි එකත් නරක නෑ කියලා අහගෙන හිටියා.
ඒක ඉවර වෙගෙන එනකොටම ඔන්න අයෙත් බජව්ව පටන් ගත්තා..."මධුර යාමේ......" අහ්..එකත් නරක නෑ කියලා අහගෙන හිටියා.
ඔන්න එතකොටම ආයෙත් 70 දශකේ ගායකයා සද්දේ වැඩි කරලම සිංදු කියපි.
මේ මොන විකාරයක්ද කියලා මාත් හෙමීට දොර ඇරලා බැලුවා...හික්..හික්..බජව්ව දාන්ඩ පටන් ගත්තේ ගේ ඇතුලේ...දැන් බලනකොට ඒක බැම්ම ලගටම ඇවිල්ලා.
හැත්තෑව දශකේ සිංදුව ඇහුනේ අනිත් ගෙදර ඇතුලෙන්...දැන් බලනකොට රේඩියො එකත් බැම්ම ලගටම ඇවිල්ලා. ගෙවල් දෙක දෙපැත්තේ ජාති දෙකකින් කළවමේ සිංදු ඇහෙනවා.
අයේ ඉතින් එකම විකාරයයි. කොහොමහරි තමන්ගේ ගෙදර සිංදුව සද්දෙන් කියන්නයි ගෙවල් දෙකම පොරකන්නේ.
මොනවත් කියන්ඩ පුලුවන්යැ..මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ...මටත් ඉතින් හිනා...
හැබැයි ඉතින් මිනී මරාගන්නේ නැතුව... අතින් පයින් තියන තරහ පිරිමහන්නේ නැතුව...ඔහොම කරලා බේරුනොත් ඇති කියලා හිතාගෙන මාත් ආව එන්ඩ...

6 comments:

  1. hoda adarshayak......

    ReplyDelete
  2. බජව්ව දාපු කෙනා "බබරෙකුට" නෑ කමක් දක්වන කෙනෙක් නේද?? හික්ස් ..
    කොයි හැටි වෙතත් බලන් ඉන්න ආස හිතෙන සිද්දියක්...

    ReplyDelete
  3. අපොයි..නෑ...නෑ...බබරෙකුට තියා මී මැස්සෙකුටවත් නෑකම් කියන්නේ නෑ...

    ReplyDelete
  4. ne jerry, rathu pata car ekakata nekam dakwana ekkenek....

    ReplyDelete
  5. මමත් ඔක අහන්නයි කියල හිතාගෙන කියවගෙන අවේ Jerry යෝ...
    ඇත්තටම ඩොටි අක්කේ ඒ පැත්තට කන් දීගෙනද හිටියේ නැත්තම් හිත දීගෙනද...?

    ReplyDelete
  6. ඇත්තටම මල්ලියේ...ඔකට හිත දීගෙන හිටියනම්, මමත් ආය බල බල ඉන්නේ නෑ... සපොර්ට් එකට යනවා...ඒත් මගේ වෙලාවට එහෙම උනේ නෑ...

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...