Thursday, October 6, 2011

මහ මඟ සිඟා කන මාතෘ ප්‍රේමය

එදා ඒ සිදුවීම වෙලා අදට අවුරුදු 28 ක් ගතවෙලා තිබුනත්, වැසි දවසකට මගේ ජීවිතේ වෙනස් කරන්නට හේතු පාදක උන ඒ සිදුවීම එයාකාරයෙන්ම මගේ මනසට ගොඩවෙන්නේ මගේ ආරාධනයක් නැතුවම නෙමේ. එක බත් ඇටයක් හොයාගන්න මහමග යන එන හැම දෙන දිහාවේම අසරණ බැල්මක් රඳවාගෙන බැලුවත්, ඒ කවුරුත් එහා මෙහා යන්නේ, අපිට කිසිම හැගීමක් දැනීමක් නැති ගානට.. අවුරුදු 7 දරුවෙකුට මේ වගේ සිදුවීම් දුලබ සිත් පාරන සිද්දි වුනත්, අපි වගේ යාචක දරුවන්ට මේ සිද්දි සාමාන්‍ය එදිනෙදා සිදුවෙන සිදුවීම් විතරයි. "ගන්න පුතා.." එදා වැස්සෙන් මුළු නගරයම වස ගතට දවසක, ලස්සන මටසිළුටු දෑතකින් සුදුපාට කවරෙක ඔතපු බත් පාර්සලයක් එක්කම මගේ දිහාවට පා වෙලා ආපු ඒ වචන ටිකටයි, දාරක ප්‍රේමය වැහුණු නෙත් දෙකටයි මම බත් පාර්සලයට වඩා ආසක්ත වුනා කියල මගේ මතකයට අද නැගෙන්නේ, මුවගට හීන් හිනාවකුත් එක් කරමින්. එදායින් පස්සේ ඒ බත් පාර්සලය එක්කම ඒ ලෙන්ගතු හිනාවත්, මම ආසක්ත වෙච්ච ඒ ආදරණීය වචන පෙළත් නිතරම ලැබුනේ ජීවිතේ මෙයයැයි ඒකාලයේ මා හට පසක් කරලමින්. අඳුරුව වසාගත්ත නගරය ඇතුලේ ඒ මූසල දවස ඒ තරම් ඉක්මනින් මට බලාපොරොත්තු වෙන්න තරම් මම පව් කාරයෙක් උනේ ඇයිද කියල ඒ දවසේ මම නිතරම ප්‍රශ්න කලත් ඒ සිදුවීම නොවෙන්න අද මම මේ තත්වයෙන් නොයින්න තිබුණා. ඒ ආදරණීය පුංචි නෝනා එදා කෑම ගොඩක්, ඇදුම් ගොඩක් එක්කම ලස්සන මහත්තයෙකුත් එක්කගෙන ඇවිත් තිබුණා. " මම කසාද බැදලා රට යනවා, ඔයාට හැමදාම මේ වගේ කෑම එක ලැබෙයි, මට මීට වඩා ඔය වෙනුවෙන් කරන්න යමක් බෑ පුතේ,කොච්චර සල්ලි තිබුනත් අපිත් අසරණ වෙන වෙලාවල් තියෙනවා". ඒ පුංචි නෝනා එදා එහෙම කිව්වේ ඇයි මට නොතේරුණත් හිත පිත් නැති ඉහල සමාජ ඇතුලේ හිර වෙච්ච 'මනුස්සයොත්' ඉන්නවා කියල අද පැසුණු මනසකින් යුත් මට වැටහෙනවා. එදා ඒ සිදුවීමෙන් පස්සේ මට අම්ම කෙනෙක් වගේ ලග හිටිය ඒ පුංචි නෝනගේ අඩුව පුරව ගන්න ලග තිබ්බ විහාරස්ථානෙට ගොඩ වැදුනේ කොහොමද කියන්න මට අදටත් නොවහැටුනත් සංසාරික පුරුදු නේද මේ කියල අර්ථ දක්වන්න මට අද පුළුවන් වෙලා තියෙනවා. ඒ ගොඩ වැදීම අද හිමිනමක දක්වා වර්ධනය වුනත්, ඒ සිදුවීම මට හිතකාමී සිතුවිල්ලක් වීම වලක්වන්නට තරම්, අදටත් මම පෘතග්ජනත්වයෙන් මිදී නැහැ.

වැහිලිහිණියේ නුඹ පුංචි වුද තරමටම
මට සතුටු අනාවැකි ගෙනෙයි නුඹ ඉදහිටම
පාරවන මුදු නමුදු ඒ සොදුරු අතීතය
තවම මම සෙනෙහසයි ඒ අඳුරු වැසි දිනට

වැසි දිනක හමු වූද එදා මට ඇය නෙතඟ
පුතණුවක වන තරම සිත පාමි ළඟ හිඳම
සෙනෙහසින් මුහුම් කළ ඒ බැල්ම දුටු සැනින
සිතෙයි මට නටන්නට පුංචි වැහි පොද යටම

අකුණු වැසි කඩා හැලුණු ඒ අඳුරු වැසි දිනේ
මා දෙනෙත දුටු දසුන පාරවයි මගේ සිතේ
ඒ නෙතඟ අන්සතුය හිමිනොවේ කිසිදිනක
වැසි පොදට පෙම් කරමි මව්නි නුඹ අන්සතුය

2 comments:

  1. නොදත් විට මව් කෙනෙකු ...නොසිටි බව පැවසුවත් ...
    ඉබේ පහල වෙම්ද????
    පිළිතුරක් ඉක්මනින්...

    ReplyDelete
  2. ජීවිතේ තමන්ට වඩාත් ඇගැලුමෙන් ගත කරන පුද්ගලයාට කුඩා දරුවන් ඉක්මනින් ආසක්ත වෙනවා, හැමදාම තමන්ට ආදරෙන් කතා කරලා බත් එකක් දීලා ගියපු නෝනා මහත්තයට මේ දරුවත් තමන්ගේ ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම පදවිය, මව් පදවියේහිලා සිතුවේ ඒ තරම්ම ආදරේ කරේ ඒ නිසා....

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...