Sunday, October 16, 2011

සරමක් අදින්නද?

"පුතේ  සරමක් අදින්නත් පුරුදු වෙන්න"...
අපේ අම්ම මට ඔය කතාව දැන් දහස් වාරයක් විතර කියල ඇති.කොහොම කිවත් මට නම් සරමක් ඇද ගෙන ඉන්න බැරි බව මම හොදට දන්නවා.මන් ඉතින් ශාන්ත දාන්තව ඉන්න හොද පුතානේ. සරමක් අන්ද කියල ඉස්සොරොම මතකයක් තියෙන්නේ මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේදී. පස්සේ දහම් පාසල් යන කලේ සරමක් ඇදන් ගියා, ඒකත් ලණුවකින් ගැට ගහලා.
 
ඇත්ත තමා, අපේ රටේ ජාතික ඇදුම.ඒ කීවට ඉතින්.. මං දන්නවනේ මං ගැන , ෂුවර් සරමක් ඇදන් නිදා ගත්තොත් උදේට සරම හොයන්න වෙනම මිෂන් එකක් දෙන්න වෙයි.අනිත් එක ඕක ඇදන් ඉන්න වෙලාවට බල්ලෙක් එහෙම පැන්නුවොත්, කොහොමද සනීපෙ?.මං මේ සරම් වලට අපහාස කරන්න හදනවා නෙවේ. නැත්නම් හෙට වෙනකොට මාව දේශද්‍රෝහියෙක් විදියට හංවඩු ගහයි.

මට හොද සරම් කතාවක් මතක් උණා. මේක වෙලා තියෙන්නේ සැහෙන කාලෙකට ඉස්සර,
ඒ කලේ ඉදල තියෙන්නේ ආරච්චිල තමයි ගමේ ලොක්කා,නැත්නම් පොර. ඉතින් මිනිහ පාරේ ගියත් කොහේ ගියත් (කොටුවක් පැන්නත්) උන්දැට හැමෝම ගරු කරනවා.පිරිමි උදවිය කැහැපොට ගහලා තියන සරම දික් කර ගන්නවා.අත්  දෙක එකතු කරලා වදිනවා. එහෙම තමයි ඒ කාලේ සිස්ටම් එක.
ඔන්න ඉතින් එක දවසක් උදේ ආරච්චි මහත්තයා කොහේ හරි  යන්න කියල ගමේ මිනිහෙක්ගේ වත්ත මැදින් (ෂෝර්ට් කට් )  හාමිනේත් එක්ක ගියාලු.

උදේ පාන්දරම සීතල හින්ද ගෙදර මනුස්සයත් මිදුලේ ගිනි මැලයක් ගහගෙන සරමත් පොරෝගෙන ඉන්නවලු. හදිස්සියේම මිදුල මැදින් එන ආරච්චි මහත්තයයි නෝනවයි දැකල, මේ මිනිහ කල බල උණා. ඉතින් මේ මනුස්සය පොරවන් හිටිය සරමට යටින් අත් දෙක අරන් නැගිටලා..
"ආයුබෝවන්ඩ ආරච්චි  මහත්තයා බැරක් වගේ?'...කියල බොහොම ගරු සරු ඇතිව කිව්වා . අරචචියි පව්ලයි දෙන්නා ලජ්ජාවෙන් රතු උණා... 
 
 මෙතනින් එහාට මොකද උනේ කියල මං කියන්න යන්නේ නෑ ඒත් ඉතින් මේ උණා වගේ දේවල් තව වෙන්න පුළුවන්නේ..
සරමක් අදින එක ගැන තව පාරක් හිතන්න ඕන....

No comments:

Post a Comment

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...