Wednesday, October 19, 2011

මගේ වම් අත ..

 "සුබ ගමනක් යන්න ඕන දකුණු කකුල පෙරට තියලා."
 ඕන ගෙම්බෙක් මොකක් හරි වැඩක් කරන්න ගියාම කියන්නේ ඔය කතාව. නිකමට හිතුවද දකුණු කකුල නැති මිනිහෙක් කොහොමද ඔය වැඩේ කරන්නේ??. අනිත් එක වම කකුල කියන්නේ කකුලක් නෙවේද?. ඒක නැතුව දකුණු කකුලෙන් විතරක් ඔය සුබ වැඩේ කරන්න පුලුවන්ද?. කෙහෙල් මල.
නිකන් බොරු කතා විතරයි..

මේ ලෝකේ හැම දේම කරන්න හදන්නේ දකුණට. හැම හොද වැඩක්ම වෙන්නේ දකුණෙන්, හොර වැඩක් ජරා වැඩක් කරනවානම් කියන්නේ "වමට ගහනවා" කියල. ඒ කියන්නේ වමෙන් කරන හැමදේම නරකද..?. කෑම කන්න ඕන දකුණෙන්. එතකොට පස්චාත් භාගය පිරිසිදු කරන්න ඕන වමෙන්, ඔන්න ඔහොමයි පුංචිම කාලේ දෙමව්පියෝ ගුරුවරු ළමයින්ට උපදෙස් දෙන්නේ. ඔය කියපු වැඩ දෙක කරන අත් දෙක මාරු උනා කියලා ඒවා හරියට වෙන්නේ නැද්ද?..වම් අතින් කෑවම කැවෙන්නේ නැද්ද?..දකුණු අතින්.....

මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ දකුණු අත හුරු අය වෙනුවෙන්. වම් අත හුරු අයට දෙයක් කරොත් ඒ කලාතුරකින්, පුටුවක් හැදුවත්, කතුරක් හැදුවත්, මොන දේ හැදුවත් හදන්නේ දකුණ ගැන හිතලයි. මම කියන්නේ නෑ ඒ වගේම වමෙන් වැඩ කරන අයටත් ඒ දේවල් හැදෙන්න ඕන කියලා. අයි බැරි හැමෝටම සදාරණයක් වෙන විදියට හැම දේම නිර්මාණය කරන්න?. එහෙම උනා කියලා කාටවත් පාඩුවක් නැනේ?..

වම දකුණ කියන්නේ සංකල්පයක් විතරයි.නමුත් ඒ දෙයත් බමුණු මතවාදයක් ඔස්සේ විග්‍රහ නොකර, ප්‍රායෝගික විදියට හිතුවොත් මේ විදියට අසාදාරනයක් නොවේවි කියලා මම හිතනවා..මොකද..
"මමත් වමත් කාරයෙක්.."


1 comment:

  1. වම් අත කියන්නේ...ඇගේ පිරිසිදු ලේ දුවන කොටසට බද්ධ වෙලා තියන කොටසක්. හැමොම ඉතින් ඒ ගැන වැඩි තැකීමක් නොකලාට, දකුණ නැති වුන දාට තමයි, වමේ අගය තේරෙන්නේ...එහෙමයි කියලා වමත් කාරයන්ට වෙන අසාධාරණය ගැන කතා කරන්න කවුරුත් නෑනේ.මොකද කියනවා නම්, හැමොම වෙනස් වීම් වලට අකමැතියි නේ...මෙහෙම කියන මමත් වමත්කාරයෙක්...

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...