Thursday, April 12, 2012

හරක් හොරා

පරණ සිද්දියක්. මං අහපු කතාවක්. කතාව කියපු කෙනා නම් කිව්වේ මේක ඇත්තම සිද්දියක් කියලයි. මේ වගේ කතා ගොඩක් අහන්න ලැබුන. වෙලාවක් තිබ්බ ගමන් එක එක එලියට දාන්නම්කො. පරණයි කියන්නේ 60-70 දශක වල වෙච්ච රස කතා නිසානේ. මෙන්න මේකයි සිද්දිය. මං කියන්නම්කො කියපු විදියට.මේ කියන්නේ කතාව කියන කෙනාගේ  විදියටමයි. ඒ කියන්නේ මං අහපු විදියටමයි.

" ඔන්න ඒ කාලේ අපේ ගමේ මිනිස්සු වැඩිපුරම කරේ කුබුරු ගොවිතැන්. ඉතින් හැම ගෙදරකම වගේ හරක් බානක් වත් හිටියා. වැඩිපුරම හිටියේ මි ගොන්නු. මොකෝ හාන්න කරන්න, කොළ මඩින්න හැම දේටම .සමහර ගම් ගෙවල් වල මි කිරි හදන්නත් පුරුදු වෙලා හිටියා. ඉතින් හැම ගෙදරකම වගේ හරක් ඉන්න හින්දම මුන්ව කොටු කරලා, මුරකාවල් දාල තිය ගන්නේ නෑ. කොහේ හරි තණකොළ තියන ඉසව්වක උදෙන්ම ගැට ගහල තමුන්ගේ වැඩක් පොලක් කර ගන්නවා. "
"හරක් හොරු." මේ කාලේ නම් පුරුදු වචනයක් නෙවෙයි ඉතින්. හැබැයි ඉතින් ඒ කාලේ නම් හිටියා. මුන්ගේ වැඩේ තමයි ගම් ගෙවල් වලින් හරකෙක් දෙන්නෙක් හොරකම් කරලා එක්කෝ මස් කඩේට විකුනනවා, නැත්තම් වෙන ඇත පළාතකට ගොහින් ගොයියෙකුට විකුනනවා. එහෙමත් නැත්නම් හරකව මස් කරලා පුච්චලා රා බොන්න කට ගැස්මට ගන්නවා. මේ වගේ වැඩ කරන්නේ ඉතින් ගමේ ඉන්න එපා කරපුම එකෙක් තමයි ඉතින්. කාගේ හරි හරකෙක් නැති උනොත් මිනිස්සු දන්නවා මේක කරන්න ඇත්තේ අහවල් එකා තමයි කියල.

ඔන්න ඉතින් අපේ ගමෙත් හරකෙක් නැති උණා. අපි ඒ අයිති කාරයට කියමුකෝ ජේමිස් කියල. ඉතින් ජෙමිස්ගේ හරකා නැති උණා කියන්නේ මිනිහට සැහෙන්න පාඩුයි. මිනිහත් බොහොම හිතේ අමාරුවෙන් හැම තැනම හරකව හොයාගෙන යනවා. මේ ගමෙන් ටිකක් ඇතට වෙන්න හිටියා ටිකක් හොර වැඩ වලට ප්‍රසිද්ද මිනිහෙක්. අපි කියමුකෝ මිනිහ ගිරිගොරිස් කියල. ඉතින් බැරිම තැන ජේමිස් ගිරිගොරිස්ගේ ගෙදරට යන පාරත් සෝදිසි කරලා බැලුව. මොකද හරකා ගියා නම්  අඩි සලකුණු තියෙන්නත් එපැයි. හරකෙක්ගේ අඩි සලකුණු නොදැක්ක හින්දයි, ගිරිගොරිස්ගෙන් අහන්න තරම් ධෛර්යයක් නැති හින්දයි. ජේමිස් ආපහු හැරිලා ගිහින් ගමේ ප්‍රදානියට පැමිණිලි කරා. 

ගමේ ප්‍රධානියා  ජෙමිස්ගෙන් අහපු මුල්ම දේ තමයි.
"ජේමිස් තමුසේ ගිරිගොරිස්ගේ ගෙවල් පැත්ත සෝදිසි කරලා බැලුවද"??
" එහෙමයි හාමුදුරුවනේ ,හරකෙක්ගේ අඩි සලකුණු නම් තිබ්බේ නෑ. සපත්තු දාපු දෙන්නෙක්ගේ අඩි පාරවල් නම් ඒ ගෙවල් පැත්තේ තිබුන"....

මේ කාලේ ගම් වල මිනිස්සු සපත්තු දැම්මේ නෑ. එහෙම සපත්තු දාල අව නම් ඒ විශේෂ කෙනෙක් තමයි. අනික අර වගේ හොරෙක්ගෙ ගෙදරට යන්න තරම වැදගත් කෙනෙක් නැති හින්දම. ගමේ ලොක්කට සක හිතුන. මිනිහ මේ ගැන හොයල බැලුව. ඔන්න එතකොට තමයි වැඩේ පත්තු උනේ.
ගිරිගොරිස්ම තමයි හරකව අරන් ගිහින් තියෙන්නේ හැබැයි මිනිහ මොලේ කල්පනා කරලා, අහුවෙන හින්දම කොහෙන් හරි හොයා ගත්ත බුට් සපත්තු කුට්ටම් දෙකක් හරකාගේ කකුල් වලට දාල. ඉතින් කාටවත් හොයන්න බැනේ  හරකෙක් ගියා කියල????..

ඔන්න ඕක තමයි කතාව. මේ වගේ කතා ගොඩක් අහන්න ලැබුන මට. ගමේ ගොඩේ ඇවිදින කොට පරණ මිනිස්සු ගව ලස්සන රස කතා තියනවා. ඉතින් මේ කතාව හොදයි කියල ඔයාලට හිතෙනවනම්. ප්‍රතිචාර දක්වන්නකෝ. එතකොට මං අනිත් කතා ටිකත් හෙමින් හෙමින් එලියට දාන්නම්කො.




Saturday, April 7, 2012

බෙංගාල බොක්ක නම් අවුස්ස ගන්න එපා ඔන්න

ඔක්කොම කුණු බේරේ වැවටලු..කියල කවුද කෙනෙක් කියල තියනවා. හැබැයි දැන් බේරේ වැවත් සුද්ද කරනවා. ඔය කිව්වා කතාවම තවත් විදියකට කිව්වොත් ඔක්කොම කුණු බෙංගාල බොක්කටලු. බෙංගාල බොක්ක ගැන කතා කරොත් ඒක තියෙන්නේ ඉන්දියන් සාගරේ ලංකාව කිට්ටුවමයි. බෙංගාල බොක්කේ පීඩනය අඩු වැඩි වෙන විදියට තමි ලංකාවේ කාලගුණය තීරණය වෙන්නේ. බලාගෙන යනකොට ලංකාවේ වැඩිපුර දෙයක් කරන්නේ බෙංගාල බොක්කෙන්නේ??..
එකත් මාර වැඩක් තමයි. දෙයක් පවතින්නේ තව දෙයක් මතළු. ඒක කෙලින්ම හරි වක්‍රව හරි බලපාන්න පුළුවන්. ඔන්න මතක තිය ගත්තොත් හොදයි බෙංගාල බොක්ක කලබ ගන්න එපා හැමදේම විනාශ වේවි...

මිනිසා යනු සමාජශීලි සත්වෙයකි. ඕකත් කවුද කියපු දෙයක්. මට නම් නම මතක නෑ කවුරු කිව්වද කියල. එකෙන් කියන්නේ මිනිස්සු ජිවත් වෙන්නේ සමුහයක් එහෙම නැත්තනම් රංචුවක් විදියට. ඉස්සර ඉදන්ම මිනිස්සු එකතු වෙලා තමුන්ටම ගමක් හද ගෙන තියනවා. දැන් නම් මුළු ලෝකෙම එකම ගමක් කරලා. ඉතින් ඒ ගමේ හැම විදියකම, හැම ජාතියකම, ඒක ඒක පාට මිනිස්සු ඉන්නවා.
 සමහරක් හිතන් ඉන්නේ උන් තමයි පොරවල්ලා, උන් කියන දේ තමයි අනිත් උන් කරන්න ඕන. උන්ට බයවෙලම ඉන්න ඕන කියල. රෙද්ද තමයි ඉතින් . කවුද යකෝ කැමති කාටවත් දෙකට තුනට නැමිලා ඉන්න???.. ගරු කරනවා කියන එකයි බය කියන එකයි දෙක වෙනස් දෙයක්. ගරු කරනවා කියන්නේ ඒක මිනිස්සු කැමැත්තෙන් කරන දෙයක්. එහෙම කරන්නේ ගරු කල යුතු කෙනා හරියට හැසිරෙනවානම් විතරයි. එතකොට අනිත් හැමෝම නිකන්ම එයාට ගරු කරනවා. ඒක කරන්නේ හදවතින්මයි. එත් කාවවත් බය කරන්න හදන්න එපා.. කවද හරි බය වෙන්න වෙන්නේ තමුන්ටමයි.

මිනිස්සු සමාජශීලි වෙන්න ඕන හැමකෙනාටම පොදු වෙච්ච වැඩවලදී විතරයි කියලයි මම නම් හිතන්නේ. එතකොට තම තමුන්ටම කියල පෞද්ගලික ජිවිතයක් තියෙනවා. නැතුව කන බොන ඒක, අදින පළදින විදිය, පවුල් ජීවිතය ගැන අනිත් එවුන් හිතන්න ගත්තොත්. අර අනිත් සත්තු ඉන්නවා වගේ හෙළුවෙන් ඉන්න ඒක නම්බුයි.. මොකද කාගෙවත් රෙද්ද අස්සේ තියෙන්නේ මොකද්ද කියල හොයන්න ඕන නැහැනේ???.
එහෙම කරන ය තමුන්ගේ රෙද්ද අස්සේ තියන ඒක තම තියනවද බලන ඒක කරොත් තමයි හොද....එහෙම නේද????..

මම මේ දේවල් කිව්වේ කාටවත් තරහින්නේවෙයි. මේක හැම තැනකම වගේ පෙනෙන්න තියන හින්දයි. ඒ දේවල් ගැන මට හිතෙන දේවල් තමයි මන් මේ කිව්වේ. අනිත් අය‍ට මිට වැඩ හොද අදහස් තියෙන්න පුළුවන්. මේකේ වැරද්දක් එහෙම තියනවා නම් හදල යන්න. ගොඩ උන වෙලාවක මේකත් කියවල යන්න.
"බෙංගාල බොක්ක නම් අවුස්ස ගන්න එපා ඔන්න"

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...