Sunday, May 27, 2012

යකුන්ගේ අඩවිය සොයා 2

මතකද කැලේ ඇතුලට යන්න ගිහින් නැවතුන තැන,අද එතන ඉදලා......
ටිකක් දුෂ්කර මාර්ගයක්, ලොකු බැවුමක් එක්ක තියන පාරක්. කන්දක් වගේ තියන නිසා, ඉහලට යනකොට පහලට ලිස්සල යනවා, ඒ නිසා පරිස්සමෙන් යන්න ඕන. මොකද මාත් ලිස්සන්න්න ගිහින් වටේ තියන ගස් වල එල්ලුණා,එතකොට තමයි දැනෙන්නේ..හුගක් වටේටම තියෙන්නේ කටු තියන ගස් වැල් කියලා. ටිකක් උඩට යනකොට ටිකක් ගල් පර්වත වගේ තියන කොටසක් හමු උනා එක පහු කරගෙන යනකොට. තිබුන  උලට තියන පුංචි ගලක්. හැබැයි එක වටේම, හදුන් කුරු .පත්තු කරලා, අපේ හුගක් දෙමළ අය එයාලගේ දෙවියන්ව විදියට ඒ වගේ හැඩයන්ගෙන් තියන දේවල් වලට වන්දනා කරනවා කියලා අහන්න ලැබුණා. මේ එකේ ෆොටෝ එකක් .

දැන් නම් ගමනාන්තය කිට්ටු කරලා තියෙන්නේ.. මගදී හම්බ උනා ලස්සන උණ පදුරක්.. හැබැයි ඒක ගොඩක් පිලිස්සිල තිබුනේ...ඒක අහම්බෙන්  වෙච්ච දෙයක්ද.. නැත්තම් කවුරු හරි හිතල කරපු දෙයක්ද කියලා හිතා ගන්න නම් බෑ.

දැන් නම් අපි හොයාගෙන ගිය රාක්ෂ ගල පැත්තකින් පේනවා. දැන් නම් ලගටම ඇවිත් ඉන්නේ.

ගල්පුවරුවක් තියනවා. ඒකේ මොනවද ලියල තිබුනා. හැබැයි, ඒකේ ඇත්ත නැත්ත නම් විශ්වාස නෑ.  

රාක්ෂ ගල, අසලට ගියාම, ඒක උඩට නගින්න නම් තැනක් නෑ ඒත් ඇතට පෙනුන, වංගෙඩිය හා මෝල් ගහ, දැන් ලගටම. යෝදයෝ දෙන්නෙක් වගේ පේනවා.
පැරණි ජනකතාවට අනුව යක්ෂයන් විසින් මෙතන මේ ගල් විශේෂිත ආකාරයට් නිර්මාණය කරලා තියනවා කියලා කියවිලා තියෙනවා. සමහර විට ඒක එහෙම වෙන්නත් පුළුවන්. මොකද කන්දේ පහල පැත්තට තියන ගලේ ඉහල කොටසේ ගල් එක පිට එක  තියපු විදියක් පෙන්නුම් කරනවා.
මේ ඒවා...
මෝල් ගහ වගේ තියන ගල දැක්කම මට මතක් උනේ,Chillie වල Easter Island ඒකේ තියන මිනිස් ගල් රුප.. මේකත් ඒ වගේ නේද? කාටද පුළුවන් මේ විදියට ගල්  අහුරන්න?.. දැන් කාලේ පුළුවන් උනත් ඉස්සර මේවා කලේ කොහොමද?








මේකත් එක්ක තියන පුරාවුර්ථ තව ගොඩක් තියනවා.. ඒ ගැනත් මං හොයල බලන්න ඕන. ඔයාලටත් Hike එකක් එන්න හිතුනොත්   මේකටත් ඇවිත් බලන්න, හැබැයි මේ පරිසරය විනාශ කරන්න නම් එපා...මෙහෙ හැමතනම් පොලිතින්, plastic දල විනාශ කරලා තිබුනා. අපේ රටේ දේවල් රැක ගන්න එක අපේ යුතුකමක්.  
රාක්ෂ කන්දෙන් පටන් ගන්න පුංචි දොළ පාරකින් තමයි "මා ඔය" පටන් ගන්නේ.. 
මගේ ඊලග.. නැවතුම එතන...

1 comment:

  1. යන්න ආස හිතෙන තැනක් ස්තුතියි විස්තර වලට

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...