Tuesday, May 8, 2012

මම, ඒක ලියුමක්....

හාමුදුරුවන්ගේ අත වෙව්ලනවා. බයටද?..නැත්නම් ලජ්ජවටද?
අනේ මන්ද මට නම් හිත ගන්න බෑ. ඒක ලියුමක්. ආදර ලිපියක්. ඒකෙ ආමන්ත්‍රණය "මගේ ආදරණිය සාදු". හාමුදුරුවන්ට ඒක කියව ගන්න බෑ පැටලෙනවා.
දහදිය බේරෙනවා. 
"දහම් පාසල් එන්නේ ලියුම් කියන්නය උගන්නන්නනේ, පොඩි හාමුදුරුවන්ට පිස්සු."....  නෑ නෑ කවුරුවත් එහෙම කිව්වේ නෑ. එත් එහෙම හිතෙන අයත් ඇති.
"අනේ පොඩි හාමුදුරුවනේ ඕක කියවන්නකෝ"...ඔක්කොමල ඒ පැත්ත බැලුවා. හිකිස් මේ මෙයානෙ. ඔව් එය ගනු ළමයෙක්, සමහර විට එයට මේ ලියුමේ ගන්න දෙයක් ඇති.
     " ම ම මම ස සාදුට කියන්නමි හිටියේ, එත් සාදු තරහ වෙයි  කියල බය හිතුන. එත් සාදු....." ඒ හාමුදුරුවෝ අපිට ඇහෙන්න ලියුම කියවන හැටි. මට ඒකෙ තේරුමක් නෑ. මට ඒකෙ වදින්නේ නෑ, ඒක ඇහෙන අතරේ සිහින ලෝකෙට පාවෙලා ගිහින් වෙන දෙයක් හිතන්න ඕන. එහෙම කිව්වේ මගේ හිත.
ලස්සන ඇස, සුදු මුහුණ, ඒ ආදරණිය හිනාව....පොඩ්ඩක් ඉන්න?.
අහා.. Love Letter එකක් හාමුදුරුවන්ට. හපොයි දෙයියනේ...

හමුදුරෝවෝ මෙහෙම කිව්වා නම් මට මතකයි. "ළමයිනේ මේක දුන්න ගනු ළමයාගේ හිතේ තියෙන්නේ රාගය, එය රාගයෙන් මත වෙලා. එකයි මෙහෙම දෙයක් කරලා තියෙන්නේ, මොකද සංගාය වහන්සේ කෙනෙකුට නොකළ යුත්තක් මේ කෙනා කරලා තියනවා. ඔය ළමයිනුත් දන ගන්න මේවගේ තියන බරපතල කම. මේවගේ පාප කර්ම වැඩ වලට කිසිම දවසක හිතන්නවත් එපා".
ඇත්ත
කොච්චර බලු වැඩක්ද මේ කෙල්ල කරලා තියෙන්නේ???. හැමෝම බනිනවා. එත් හාමුදුරුවනේ අපි හැමෝම රහත් වෙලා නැනේ?. එකත් කවුරුවත් කිව්වේ නෑ .කවුරු හරි හිතුව. මමමද?. වෙන්න ඇති. 
ඇයි හාමුදුරුවෝ  මේක කියෙව්වේ???. අපි ඇහුවේ නැනේ?. කෙල්ලෙක් ඇහැක් වත් ගැහුවද?. මේ පන්තියේ එහෙම උන් ඉන්නවද?. අනේ මන්ද.
කවුරු දනීද
හාමුදුරුවන්ට වයස නෑ. ගොඩක් තරුණයි. කෙල්ලෝ කියන විදියට නම් හරිම ප්‍රිය මනාපයි. අපිට දැනෙන්නේ නෑ. 
ඒ කතාව එතනින් ඉවර උනා. හැමදේම සාමාන්‍යයි .                                                      අපි හිතුව එහෙම, මමත් හිතුව. හැමෝම හිතන්න ඇති නේද?.

අදුරන මනුස්සයෙක්. හිනා උනා. එත් අදුරන්නේ නෑ. ඒ මනුස්සයට මව අදුරන කෙනෙක් උනත් මට එහෙම නෑ. ලගට එනවා. "ආ මල්ලි කොහොමද?, Class යනවා වගේ?. අපේ පොඩි හාමුදුරුවෝ???. කලිසමක් ඇදල?. කෙල්ලෙක් එක්ක?
 මන් වෙවුළුවා, බය හිතුනා, ලජ්ජා උනා...ඇයි මට එහෙම උනේ???. ලියුම කියෙව්වේ මම නෙවේ නේද?
එහෙනම් ඇයි මේ?
මේක සිද්ද උනේ ලියුම කියවල අවුරුද්දක් ඇතුලත කියල. මතකයේ රැදිලා තිබුණා.

අලුත් ආරම්බයක් දෙන්න උත්සහ කිරීමක්, වචනයක් නොකිය යන්න එපා. කරුණ කරලා.

.

2 comments:

  1. siwra dala giya eka nam hodai.siwre inna gaman love karanne nathuwa :p

    ReplyDelete
  2. වචනයක් නොකිය යන්නේ කෙෙහොමද?
    අාඩම්බරයි සාසනෙට අගෞරව නොකර සාසනෙන් පිට වීම සම්බන්ධයෙන්

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...