System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හිතෙන ඒක එච්චර දෙයක් නෙවේ. කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හිතෙන එකත් අවුලක් නෑ. එහෙම තමයි හැම දම උනේ. දැන් ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා. කෙල්ලෝ හුග දෙනෙක් "Lesbian " වෙලා. කොල්ලෝ "Gay " වෙලා. එහෙම කිව්වට එකෙත් දෙයක් නෑ කියල හුග දෙනෙක් කියාවි.
මේක පටන් ගත්තේ කවුද කියල නම් දන්නේ නෑ. ලංකාවට නම් මේක පොඩ්ඩක් අලුත් කියල හුග දෙනෙක් කියාවි. මට නම් හිතුනේ මේක ඉස්සර ඉදලම මෙහෙත් තිබුන දෙයක් කියල. මට මතක හැටියට ක් ජයතිලක මහත්තයාගේ "චරිත තුනක් " නවකතාවෙත් Gay සින් එකක් තිබුන වගේ මතකයි. දන්නා ය පොඩ්ඩක් කියවල බලන්ඩකෝ. කොතනද කියල නම් මට එච්චර මතකයක් නම් නෑ. ඒ පොතෙන් කතා කරේ පරණ ගැමි ජිවිත ගැනනේ. ඉතින් ඒ කාලෙත් ඔය වගේ දේවල් තියෙන්න ඇතිනේ???.
ඇමරිකාවේ නම් දැන් සමලිංගික විවාහ නීති ගත කරලා. ඒ වගේම තව හුගක් රටවල් වලත් ඒක නීති ගත කරලා. තවත් රටවල් වල මේක නීතිගත කරන්න කියල සැහෙන්න උද්ගෝෂණ යනවා. මේ යන විදියට තව ටික දවසකින් ලංකාවෙත් මේක පටන් ගනීවි. කතාවට කිව්වනේ රත්රන් පැලදගත් කාන්තාවකට ලංකාවේ කෙළවරක ඉදන් අනිත් කෙලවරට කිසිම ආපදාවක් නැතුව යන්න පුළුවන් කියල. ඊට පස්සේ ඒක වෙනස් උනා රත්රන නැතුව යන්න පුළුවන් කියල. ඊළගට කිව්වේ කොහොමවත් ගනු කෙනෙකුට යන්න බෑ කියල. වයසක අච්චිලට, අවුරුදු 10 ට අඩු පොඩි ගනු ලමයින්ටවත් තනියම දවලකටවත් යන්න බැරි තරම් කෙල වුණා දැන් අපහු ඒක වෙනස් වෙලා. දැන් ගනු යට කෙසේ වෙතත් කොල්ලෙක්ට නම් තනියම කොහෙවත් යන්න බැරි වෙයි.
මිට අවුරුදු 5 ක් විතර කාලෙකට කලින් විතර කොලබ ,නුවර වගේ ප්‍රදාන නගර වල රැට පාරවල් අයිනේ ගණිකාවෝ පිරිලා හිටිය . පිටකොටුව දිහා එහෙම ර වෙනකොට සැහෙන්න ගණිකාවෝ හිටිය. ඒ කලේ ඉතින් ගනු කෙනෙක් එහෙම වැරදිලාවත් තනියම එහෙම හිටියොත් දකින කෙනෙක් හිතන්නේ මේ ගණිකාවක් කියල. පිරිමි කෙනෙක් නම් ඒ කාලේ තනියම ඉන්න පුළුවන් උනා. අවුලකට තිබුනේ ගණිකාවන්ට රැවෙටෙන එක විතරයි. එකත් හැමෝම නෙවේ . තමුන්ව පාලනය කර ගඳ බැරි ටික දෙනෙක් විතරයි.
දැනුත් ඒ වගේම ගණිකාවෝ ඉන්නවා . මොකද එක ලෝකේ පැරණිතම රස්සාවනේ.. ඒ උනත් දැන් රෑක ගණිකාවෝ හා සමානව පිරිමි ගණිකාවොත් (එහෙම කියන එක හරියටම හරි නෑ. මොකද එවුන් සල්ලි ගන්නේ නෑ) හරි හරියට ඉන්නවා. මේ අය සමලිංගික පිරිමි . මේ අය කරන්නේ තනියම ඉන්න තරුණ හෝ ළමා වයසේ පිරිමි කෙනෙක් ව තමුන්ගේ ආශාවන් සදහා දුෂණය කිරීමයි. ඒ හින්දම දන පිරිමි කෙනෙක්ටවත් තනියම රැක පරකවත් යන්න බැරි වෙලා තියෙනවා.
මං "Lesbian " ගැන කතා කරේ නැත්තේ ඒ ගැන කරන්න හරි විස්තර නොදන්නා හින්දයි. ඒ ගැන එක වචෙනෙකින් හරි කිව්වොත්. Facebook එකේ තියන බහුතරයක් කාන්තා profiles වල තමුන් lesbian කියල හදුන්වල තියනවා.(සමහරවිට හුගක් ඒවා fake වෙන්ඩත් පුළුවන්) හරියටම නොදන්නා නිසා ඒ ගැන වැඩි දෙයක් නම් දන්නේ නෑ.
මේ හැමදේටම හේතුව මොකද්ද කියන එක නම් මට එච්චර තේරුමක් නම් නෑ. ඒ උනත් මගේ අදහස නම් මේ දේවල් වලට හේතුව වෙලා තියෙන්නේ Love එකට බූට් වැදුන එකයි. බොක්කෙන්ම love කරපු උන්ට බූට් වැදුනම හිතට අමරුයිලුනේ. එතකොට හදිසි තීරණ අරන් හුගක් අය සිය දිවි හානි කර ගන්නවා . සමහරු මානසික රෝගීන් බවට පත් වෙනවා. එතනින් ඉතුරු වෙන අනිත් පිරිස තමයි "Gay සහ lesbian " විදියට වෙනස් වෙන්නේ. මේ දේවල් වලට අන්තර්ජාලය වගේම දැන් තියන රුපවාහිනී වැඩසටහන්, ෆිල්ම්ස් වගේ දේවලුත් බොහෝ දුරට වග කියන්න ඕන. මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න බොහෝ විට බලපාන්නේ මේ වගේ දේවල්මයි.
මේක කියවන යටත් මේ ගැන අදහස් ඇති කියල මම හිතනවා. ඒ හින්ද මේ පොස්ට් එක කියෙව්වම ඔයාලටත් හිතෙන දේවල්. comment එකක් විදියට පොස්ට් කරන්නකෝ.