පාර හරහට දාලා තියෙන්නේ. කාණු වල වතුර ගලන්න කියල බලපුවම පේනවා.ඒක තියෙන්නේ පාර හරහට..හැබැයි උඩින් නෙවේ යටින්.ඕක අස්සෙන් යන්නේ නැති මගුලක් නෑ..වතුරත් එක්කම තියන කුණු ජරාව සබ්බ සකල මනාවම යනවා.මං ඉතින් බෝක්කු ඇතුලේ වෙන දේවල් ගැන කීවට මොකද..ඕව අස්සේ එබෙන්න යන්නේ නෑ. කියනවට කිවේ...
බෝක්කුවක් හදපුවම පොඩි කණ්ඩියක් වගේ එකක් උසට හදනවා.එක උඩ උල් නෑ. පැතලියි.හොදට ඉද ගන්නත් පුළුවන්..සැප පහසුවට නම් නෑ..
ඔන්න ඔය වගේ බෝක්කු කන්ඩි උඩ..පාරේ යන එන මිනිස්සු මහන්සියට ඉද ගන්නවා...වැඩක් නැතිව ඔහේ ඉන්න කට්ටිය.. සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන්නේ" රස්තියාදුකාරයෝ" කියල. වැඩි පුරම ඉන්නේ බෝක්කු උඩ.වැඩකුත් නෑ..දුමක් එහෙම දාලා ලගින් යන කෙල්ලෙක්ට මොකක් හරි කියල.බඩගිනි වෙනකන් ඕක උඩ ඉද ගෙන ඉන්නවා.
හවසට අරය පන්ති ගිහිල්ල එනකන් බලාගෙන ඉන්න අයත් මේක උඩ ඉන්නේ නැතුවම නෙවේ...
හැබැයි ඉතින් රෑ වෙනකොට...
මේ හරියේ ඉන්නේ අඩියක් එහෙම ගහල තාම ගේ හොයාගන්න බැරුව ලස්සන සින්දු කියන අහිංසක බේබද්දෝ සෙට් එක.වැඩියෙන්ම අහන්නේ පරණ සින්දු..ඒවා ලස්සනයි.. හැබැයි කියන විදිය කැතයි...කමක් න ඉතින් ආසාවනේ.
සමහර වෙලාවට උදේ ගිහින් බලන කොට..එතන වැටිලා නිදාගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා..හරියට තොටිල්ලක ඉන්න පොඩි බබෙක් වගේ....
බල්ලෙක් දෙන්නෙක් කට ලෙව කාලා කියල ගානක් නෑ..කබරයත් දාලා චික්.
එක නෙවේ මං කියන්න ගියේ..
මේක හැමතනම් පාරවල්..පාරක බෝක්කු කීයක් ඇද්ද?.
ඔය හැමබෝක්කුවකම මෙහෙම උනොත්?
Subscribe to:
Post Comments (Atom)
වටිනාකමට මිලක්.....
වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...
-
System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. ක...
-
හුග කාලෙකින් කතාවක් කියන්න බැරි උනානේ.දැන් නම් ඉතින් කතාවක් කියන්න කාලේ හරි කියලා හිතුණා. මේකට මිනිස්සු ගැන දාගෙන කීවොත් ඒක එයාලට අපහාසයක් ...
-
මේක මට ලියන්න හිතුනේ චතුවා දාලා තිබුන පොස්ට් එකක් දැකලා.එත් එක මේ විදියට ලිය වෙයි කියල හිතුනේ නෑ...අදත් විබාගයක් ලිවනේ එකෙන් පස්සේ තමයි ...
ඒ අතින් ගත්තම බෝක්කුව කියන්නෙ එසේ මෙසේ පොට් එකක් නෙවෙයි. සමාජයේ කණ්ඩායම් කීපයකම දවස රැඳිල තියෙන තැනක්.
ReplyDeleteආ... මේ word verification එක අයින් කලානං හොඳයි! :D