ගමේ බල්ලෙක් කොළඹ ගිය කතාව අහලා ඇතිනේ. හැබැයි ඉතින් ගමේ බල්ලට කොළඹට යන්න නම් set වුනේ නෑ. ඌට කොක්ක ඇද්දෙත් ඉතින් උගේ වරිගෙම උං තමයි.
මං මේ කියන්න යන්නේ බල්ලෝ ගැන නෙවේ කොල්ලො ගැන, ගමේ කොල්ලෝ ගැන.
"අපිත් ගමේ කොල්ලො හරිය"
ගමේ කොල්ලෙක් කොළඹ ගියාම කොළඹ අයට පේන්නේ ගොඩයෙක් වගේලු. හැබැයි ඉතින් ගමේ ඉදන් යන සමහරක් posh වෙන්න try කරනවනෙ. අන්න ඒ වගේ උන් තමයි ගම කන්නේ.
කොලොම්පුරේ උදවිය වැඩිපුර කතා කරන්නේ English නැත්තම් Singlish වලින්, ඉංග්‍රීසි නං ඉතින් ගොඩක් අමාරු නැති ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් භාෂාවක්ලු.(මං දන්නෙත් නෑ. මාත් දන්නේ Tution poster වලින්. )
ඉතිං අපිටත් එහෙං මෙහෙං ඉංග්‍රීසි ඉගෙන ගෙන,යංතං ගොඩ දාගන්න පුලුවං .
සිංහලෙං කථා කරන අපිට සුද්දෙක් set උනොත් යංතං ගොඩ දාගන්න බැරි කමක් නෑ. ඒත් කඩ්ඩෙං වැඩ දාන අයට සිංහලෙං වැඩක් ගොඩ දාගන්න හෙන ගේමක් දෙන්න වෙයි.
සයිවර් කඩේකින් තෝසේ දෙකයි, ප්ලේන්ටියක් දා ගන්න අපිට KFC,Mcdonald හරි Pizza hut එකෙන් කන එකත් ගේමක් නෑ. ඒත් හැමදාම ඒ වගෙං කන අයට නං සයිවර් කඩේ කෑම නං දිරවන එකක් නෑ.
Odel එකෙන් ගන්න ඇදුම් අදිනවා වගේම payment එකේ රුපියල් 100 ට 200ට තියන ශෝටක් අදින්න අපිට පුලුවං.
ඉතිං මෙච්චර දේවල් කරන්න පුලුවං කම තියෙද්දිත් අපි මොකටද posh වෙන්න දගලන්නෙ?.
මම නං තවමත් " ගමේ කොල්ලෙක්"...