Tuesday, July 26, 2011

කේන්දරේ...


කේන්දර ගැලපෙනවද...? ඔන්න ඔය වචන දෙක ගොඩක් අයගේ ජීවිත වල ඇහිලා තියන වචන දෙකක් වෙන්ඩ ඔනෑ. මොකද ඉතින් කසාදයක් හෙම බදින්න අදහසක් තියනවනම් හැමොම වගේ ඔය ප්‍රශ්නේ අහනවානේ...
මං නම් ඉතින් ඔවා ගැන වැඩිපුර දන්නේ නෑ. හැබැයි කේන්දර ඔලුව උඩ තියාගෙන ඉන්න කෙනෙක් මට ලගදී මුන ගැහුනා. හරිම අපූරුයි...එයා කියන විදිහට ඔය කේන්දරේ තියන කොටු දොලහෙන් තමයි අපෙ මුලු ජීවිතයම තීරණය වෙන්නේ...
කසාද බදිනකොට කුජද, සදුද, බුදද, අරකද මේකද බලන්න ඔනේලු...ගෙදරක ප්‍රශ්න තියනවනම් ඒත් ඔය කොටු ටික පිලිවෙලට තියනවද බලන්න ඔනේලු...
මගේ හිතේ...එයා මුලු සෞරග්‍රහ මණ්ඩලයම ගැන කිව්වද කොහෙද... එතකොට මට හයේ පන්තියේ විද‍යාව පාඩමත් ඒ අස්සේ මතක් උනා...
මං ඉතින් මේ ග්‍රහයෙක්වත්, කේන්දරේවත් හෑල්ලු කලා නෙවෙයි. ඒවත් ඉතින් තියෙන්නෙ එපැයි...හැබැයි මං හිතන්නේ ඔය කොලේක ඇදලා තියන කොටු ටිකකට අපේ ජීවිතේ තීරණය කරන්න පුලුවන්යැ...
මේ කොච්චර කිව්වත් මාත් ගෙදර ඇවිල්ලා, මගේ ග්‍රහ කොලේ අරගෙන බැලුවා...මට තේරුන විදිහට...??? අනේ මංදා...

ම්රිඟුව......

මගේ හිත රිද්දන
හිනෙන් හිනස්සන
ඇහැට කඳුලක් වුන
ජීවිතේට අරැතක් වුන
ඔබ ම්රිඟුවක් මෙන් ඔබ

ජීවිතයම විය
මොහොතකින් ඔබ
අපැහැදිලි මුත්
සිහිනයක් මෙන් ඔබ
සිත කියයි ඉඳුරාම
මගේ යැයි ඔබ.............

විබහගය හා අබාග්‍යය..

මේක මට ලියන්න හිතුනේ චතුවා  දාලා තිබුන පොස්ට් එකක් දැකලා.එත් එක මේ විදියට ලිය වෙයි කියල හිතුනේ නෑ...අදත් විබාගයක් ලිවනේ එකෙන් පස්සේ තමයි මේ වගේ දේවල් ගලාගෙන එන්නේ...අමාරුවෙන් හරි කමක් නෑ මේ පට්ට අන්දරය කියවල බලන්නකෝ එහෙනම්...

මේ කතාවේ කතා නායකයා මම ඒ කියන්නේ මේ ජෙරියා, ජෙරියගේ මේ කතාව පටන් ගන්නේ මොන්ටසොරියෙන්.ඒ කලේ මු හෙන දඩබ්බරයලු, අම්ම තමයි එහෙම කිවේ. මං ඒ කාලේ මෙලෝ දෙයක් කරේ නෑ කියල මොන්ටසොරි ටීචර් කිවලු. යේ ඉතින් ඒකෙ ගිහින් කරන්න තියෙන්නේ මොනවද?.

කොහොමින් කොහොම හරි මං එකේ පන්තියටත් ගියා...දෙකටත් ගියා.. ඒකත් හිටියා. හිටපු ගමන් මරුසි වැඩ කර. ඒවා ඉතින් ලාබාල ගනයේ ඒවා.  3,4 ත් ඔහමම තමා.
ඔන්න මං පහට ආවා..ශිෂ්ෂත්වෙත් ලීවා... ඒකත් පාස් වුණා අහම්බෙන් වගේ....

ඔන්න ඉතින් වාර විබාගත් ලිය ලිය කාලයක් ගියා... ඔන්න දැන් ඕ ලෙවෙල් ඉවර කරාලු...ඒකත් ගොඩ කියන්නේ...
අම්මටසිරි ඉතින් දැන් ඉතින් ලොකු පොරවල්ලා..
ඔන්න දැන් ඉතින් උ.පෙ. කරනවලු. හැමදාම ඉස්කෝලෙත් ගියාලු. පන්තිවලටත් ගියාලු.ගණනුත් හැදුවලු..පාඩමුත් කරාලු...විබගේත් ලිවලු...
කෝ කෝ රිසල්ට් ???
මදි නේද? ආයේ පාරක් කරන්න වෙයි නේද?
එහෙම කියන ගමන් සමහරු අහනවලු...
පුතාට මදි නේද?, දැන් මොකද කරන්නේ ? ආයේ කෙරුවත් ඔහොමම තමා ...
නොදකින් මේ ගැනුන්ගේ කටවල්...ඕව තමා හෙනේට හිටින්නේ...



ඔන්න ඕව එහෙම මෙහෙම් සිද්ද වෙලා ඉවර උනාලු...කොල්ලට කැම්පස් එක අත ලගින් මිස් වෙලා ගියාලු....දුකයි තමා මොනවා කරන්නද...
සමහර විට නිදහස් අද්‍යාපනය ලබන්න වරම් නැතුව ඇති...

පස්සෙන් පහු කොල්ල තව වැඩකට අත ගැහුවා ඔන්න. ඒකත් ඉතින් සිරාවටම පටන් ගත්තා...පටන් ගන්නේ හැමදේම සිරාවටමයි.. හැබැයි ඒවා ඉවර කරන්නේ හරිම සිම්පල් පැලානකින්...
දැන් බලන් යනකොට ඒකත් මේ වගේ තමයි...

මේකත් හැමදාම වගේ විබාග තියන පෝරියල් එකක් තමා...දැන් ඉතින් හෙන ගහන්නද...බදා ගත්තනම් කොරන්ඩ එපාය...
හැමදාම  විබාගයක් කිට්ටු වෙන කොට.. අර මොකද්ද එක කැඩුන කඩියා වගේ. පොතක් දෙකක්  හොයාගෙන පාඩම් කරනවලු....ඒකත් හැබැයි බාගෙට...

  කොහොම හරි ,විදේශ අදාරත් ලබාගෙන ඒවත් ගොඩ දැම්ම කියන්නේ... ඇහුවම නම් කියන්නේ ගින්නක් නෑ කියලා...
එත් හැමදාම විබාගයක් ඉවර වෙලා එලියට එන්නේ..
    " ඊලග පාර නම් කොහොමහරි මුල ඉදන්ම වැඩ කරලා මේ සබ්ජෙක්ට් එක ගොඩ දානවා" කියලා ...
ඕක දැන් හැමදාම ගහන තැටිය තමා...


මෙහෙම කාලයක් කොරන් ගිය කොල්ලා එක දවසක්... කෙලව ගත්තා...
විදේශ අදාරත් නෑ...ලියන්න දේකුත් නෑ....
අන්න ඒ දවස තමා අද....
ඒ කිවේ
දෙදහස් එකොළහක් වූ ඇසළ මස විසිහයක් වූ කුජ දින....

 

Saturday, July 23, 2011

මම...







මම කියා...
කිසිවෙක් නැතිලු
මෙලොව වසන...
මොකද නැත්තේ...?
මා විසින්ම රකින
කවුරුන් හො නම දමාපු
මා සමගම හිද
දුක සැප බෙදා ගන්නා
මටවත් නොපෙනෙන
මම...

Monday, July 18, 2011

වීරයෝ....

   මේ කතාව පටන් ගන්නේ...ලංකාවෙන්. මං එහෙම කිවේ අනිත් මෑන් ල ඔක්කොම ඉන්නේ ඇමරිකාවේ හින්දයි.  ඔය සුපර් මෑන් කියන හාදයෙක් ඉන්නවලු...මිනිහ හෙන දස්සයාලු...කව්දෝ කෙනෙක් මුන්දගේ පින්තුර කැල්ලක් පෙන්නුවා මට....
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව....
මේ යකා යටට අදින එක උඩින් ඇදලානේ.... යකෝ ඒකත් අදපන්කෝ පෙනුම අඩු පාටකින්...කොහෙද රතුපාට එකක්ම ඇදලානේ...ඇදුමක් හරියට ඇද ගන්න තේරුමක් නෑ..කව්ද මුන්ට සුපිරි වීරයෝ කියන්නේ?...චිත්ත කැල්ලක් පිටේ බැද ගත්තට මුං මහ ලොකු කෙරුමොද?....




අර තව මොකෙද්ද ඉන්නේ මකුළුවෙක් වගේ එකෙක්...එක නම් එච්චරම වාතයක් වෙන්නේ නෑ...පොඩි අවුලක් තියෙන්නේ ඕක හැමතැනම දැල් වියන්න ගත්තම, ඕව සුද්ද කරන්න ගියාම පන යනවා....,අනික ඕව සුද්ද කර කර ඉන්නවට වඩා අපිට වැඩ නැද්ද?, කමක් නෑ ඉතින් පොඩි එකාගේ ආසාවනේ....
ඕන එකෙක් කමක් නෑ..
එන ගමන් එන්න කියමුකෝ...කහට එක වත් බීල යන්නන...

Sunday, July 17, 2011

''L'' බෝර්ඩ්............ :පී



මට හිතුනා..... මොකක් හරි ජිල්පුටුස් එකක් වේගෙන එනව කියලා, හොඳට හිටිය මගෙ කොන්ද කැඩුනා.... අත කැඩුනා එදා තව ඩිංගෙන් නහයත් කැඩෙනවා..... ගිරහ මාරැ වෙලාද කොහෙද :පී, නැත්තං මට පාරැවට ලියන්න හිතෙයිද? මේක චා.... තමා කරන්න දෙයක් නෑ බල්ලගෙ වැඩේ බූරැවා කරාම මෙහෙම තමා..........ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියල මම මේක පෝස්ට් කරා..... :) සැර වැඩිද?? ලුණු මදිද?? බඩු හොඳද?? රොඩු වැඩිද?? කියල විතරක් කියන්න :) මම තාම L බෝර්ඩ් නේ......

Friday, July 15, 2011

ආදරේ මට........

අදුරු වලාවන් පලවා හරිමින්
නැවුම් හිරුගේ රැස් කිරණින්
මා සිත් අහස සරසන
සිසිල් පිවිතුරු දිය බිදක් ගෙන
බිදෙන් බිද එය ඉසින සේ
සිසිලසින් මා සිත නිවාලන
පහන් හැගුමින් සිත පිරීයන
සසල සිතිවිලි නිසල කරවන
ජිවිතයට මග කියාදෙන
භාවනාවකි ආදරේ මට..........................

Thursday, July 14, 2011

පැටලිලාද මන්දා...

කොහොමත් මට ටිකක් විතර පිස්සු කියලා ලගදී ඉදන් දෙතුන් දෙනෙක්ම කිව්වා. මං මෙච්චර දවසක් හිතන් හිටියේ "අනේ මට නෙවෙයි උන්ටයි පිස්සු කියලා...". හැබැයි මට දැන් හිතෙනවා මට නම් මොකක් හරි පොඩිවට හරි පිස්සුවක් තියනවා කියලා.
මාත් ඉතින් පැත්තකට වෙලා කල්පනා කරා. හික්...ලොකු පටලැවිල්ලක්, හරියට නිකන් නූල් බොල ගොඩක් එකට ගැටගැහිලා තියනවා වගේ...අග මුල හොයා ගන්න බැරුවනේ මම දගලන්නේ...
එතකොට ඉතින් බලන් ඉන්න අයට මට පිස්සු කියලා හිතෙන එක අහන්නත් දෙයක්ද?
මං තවත් කල්පනා කරා...හරිනේ... මම මෙච්චර දවසක් ගිහින් තියෙන්නේ නොලැබෙන දෙයක් ගන්නනේ...පැටලෙන්නේ නැතුව තියේවියැ.
සමහරු කියනවා,නොලැබෙන, නොගැලපෙන දේවල් ගැන හිතනකොට ඔහොම වෙනවලු...
හැබැයි ඉතින්,ඔච්චර දවසක් ඔය නොලැබෙන දේ ගන්න දැගලුවනේ...තවත් උත්සාහ කරමු කියලමයි හිතුනේ.
ඒ උනාට අනිත් අය ඉදිරියේ මම පිස්සෙක් වෙන්නේ මොකටද.........?
දැන් මම කල්පනා කරන්නේ...ඔය නොලැබෙන දේ ගන්න කියලා මට කිව්වේ කව්ද කියලා හොයන එකයි...
ඒත් ඒ...මමමද කියලත් හිතෙනවා...
අනේ දෙයියනේ...පැටලිලාම තමයි...

Wednesday, July 13, 2011

මඤ්ඤං ......

එපා වෙනවා. තිත්ත වෙලා මට නම් දැන්හොදටම ඇති..
මොනවද  දැන්ඔයා එපා වෙලා තියෙන්නේ?
මේ ජිවිතේ...
අර මොකෝ? කවදාවත් නැතුව?
නෑ නෑ, මට දැන් හුග දවසක ඉදල මෙහෙම හිතෙනවා
සැහෙන්න ලොකු ප්‍රශ්නයක් වගේ?.
එකක් නෙමේ ගොඩක්...
ඔහෝ, මොනවද ඇත්තට ඔය තරම්  තියන ප්‍රශ්න? ආ?
මේ.....
ඔව් ඔව් කියන්න කියන්න,උදව්වක් කරන්න පුළුවන් දෙයක් නම් කරන්නම්.
වැඩක් නෑ, ඒවා ඔයාට විසදන්න බෑ..
අය්යෝ, එහෙම කියන්න එපා..ඇයි කෙල්ල තරහ උනාද?
නෑ..
එහෙනම් කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනාද?
නෑ නෑ..
විබාගේ ලකුණු අඩුයිද?
නෑ අනේ...
අම්ම බැන්නද?
නෑ නෑ නෑ
එහෙනම් මොන මගුලක්ද මේ?
මට සැහෙන්න හිතට අමාරුයි...
ඉතින් මොකද්ද දැන් ඔය ප්‍රශ්නේ?
මගේ මුනට නහය ගැලපෙන්නේ නෑ කියල කෙනෙක් කීවා...
කව්ද කිවේ?
මනුස්සයෙක්...
ඉතින් අදුරන්නේ නැති මනුස්සයෙක් එහෙම කීවට ඕක ඔයතරම් බැරෑරුම් දෙයක් නෙවේනේ....
නෑ එක නෙමේ අවුල...
මොකද්ද??
ඒ මනුස්සය...
ඇයි???
ඒ මනුස්සයට ඇස් පේන්නෙ නෑ...

Tuesday, July 5, 2011

කටුස්සාගේ ප්‍රේමය...


දන්නෙත් නෑ...දන ගන්න විදියකුත් නෑ...කොරන දේකුත් නෑ...
අහල තියනවා ඔයනේ ඒ උනාට තේරුමක් නෑ මොකද්ද කියල. ඕක ඉතින් කියන අය පැහැදිලි කොරල දෙනවනම් කමක් නෑ.කෝ මොකෙක් වත් දන්නවා කියලය..ප්‍රේමය කියන්නේ මොකද්ද?.කියල අහල ඉවර වෙන්න කලින් කියයි ආදරය කියල...තව එකෙක් කියාවි සෙනෙහස කියල.ආලය කියල කියන අයත් ඉන්නවා.ඒ උනාට උන්ව ගණන් ගන්නේ නෑ.තේරුමක් නැනේ.ඕක දාර්ශනිකව පැහැදිලි කොරන්න ගියොත් මගේ රෙදි ගැල වෙනවා. මොකද කීවට පණ්ඩිතයා වගේ, මට ඇති දාර්ශනික කෙහෙල් මලක් නෑ. බම්බුව තමා.
නිකන් චාටර් වෙන්නේ නැතුව ඔය වචන වලට සමාන පදයි ,විරුද්ද පදයි හොයන්නයි,යුගල පද විචාරය කරන්න ගිහින් හොට එන ගන්නේ නැතිව, දන්නා ඉටි ගෙඩියක් කියල දාමු.
        කටුස්සා ඉතින් අද්‍රනවනේ?. අදුන්වල දෙන්න උවමනාවක් නැනේ?..ඉස්කෝලේ යන කාලේ නම් විද්‍යාත්මක නම මතක් තිබ්බා.. දැන් කොහෙද ඒ මොලේ... කටුස්සාගේ රස්සාව ගැන කියල දෙන්න උවමනාද?. නැනේ?. උට රස්සාවක් නෑ..නො ජොබ් කොම්පනියේම සීනියර් එක්සකෙටිව් බඩුවක්...අපි වගේම තමා (හැබැයි ඉතින් රස්සාව ).
     ඕකා එලෝ මෙලෝ නැතිව හිටියට ටක් ගාලා පාට මාරු කොර ගන්නවා. මාරු කර ගත්ත ගමන් මේ ඉන්නේ අර ඉස්සෙල්ල හිටපු කටුස්සම නෙවේ...වෙන කාගේද එකෙක්..උට තේරුමක් නෑ.. පාට ගැන හැබැයි සම්පුර්ණයෙන්ම වෙනස්...
පැහැදිලි කරලම කිවොත්,පාට  වෙනස් උන ගමන් මුගේ හිතේ තියන ඒවත් මාරු වෙනවනේ?. කලින් කරපු හැමදේම අමතක කොරල. මෙන්න යකෝ මු පටන් ගන්නවා අලුත් එකක්...මේක එතකොට අලුත් එකෙක්, පරණ එක නෙවේ...
හොදම වැඩේ කියන්නේ, මු ආපහු පරණ හිටිය පාටකට ආයේ පැන්නා කියලා. මු ආපහු පරණ එකම නෙවේ... ඒ කාලෙට හරියන. අලුත්ම අලුත්.. බ්‍රෑන්ඩ් නිව් චරිතයක්. පරණ ඒවා දැක්ක කියලා ගානක් නෑ. අලුත් එකක් කරනවා.
     පාට වෙනස් උන කියන්නේ අලුත් කෙනෙක්. නැවුම් අදහස් ,නැවුම් බලාපොරොත්තු, කැටි කර ගත් අලුත් ගමනක් ඇරබුමක්... කියලා තමා කියන්නේ . කව්ද ඉතින් ඕව දන්නේ ?.
අපිට නම් ඉතින් ඔය කිසි දෙකින් වැඩක් නෑ. ඕව ඉතින් දන්නා හින්ද තමා කිවේ . නිකන් ටින් කිරි ග ගන්න ඕනෙත් නෑ. මොකටද ආමාරුය...
ඔය එන කටුස්සෙක්  ආපුදෙන්. කරන දෙයක් කරපුදෙන් , කියන දෙයක් කියපු දෙන්.
මෙහෙම කියන්නේ කටුස්සෝ ගැන විතරක් කියලා අමනාප වෙන්න එපා.. ඔය කටුස්සෝ ගානටම ඔය වැඩේම කරන කටුස්සියොත් ඉන්නවා....
ලෝකයේ පැවැත්ම සදහා..........


Sunday, July 3, 2011

සද......

 ලගට ඒවි යයි සිතා සිටියත්....
ලං නොවන බව  දනිම්....
 ලගට යන්නට වෙර දැරුවත්...
ඉඩක් නැති බව දනිම්...
තරු දකින හීනයේ සද එලිය....
අහිමි බව මම දනිම්....

Friday, July 1, 2011

හීනයක පලුවක්....

හීනයක් දැක්කා ලගදි. මන් බැලුවේ එක ගැනවත් කියන්න කියලා.මොනවත් ඉතින් අලුත් දෙයක් කියන්න නැති කොට එහෙම එකක් වත් කියන්නම්කො. මේ ලගදි දවසක මං රෑට පැලෙන්ඩ කෑවා .ඒ කාපු හින්දද මං දා නින්දක්  ගියා මැරුණා වගේ.
         මං දැක්කා ලස්සන මල් වත්තක්.(පේරාදෙණිය නෙවේ).හැබැයි එකේ රෝස මල් තිබ්බේ නෑ. කොහොමත් මං ඔය රෝස පාට & රතු පාට රෝස මල් වලට වැඩි කැමැත්තක් නෑ.
එකේ මැද තිබුන ලොකු ගහක්.මැද කීවට හරියටම මැද නෙවේ. ඔය පොඩ්ඩක් අයිනට වෙන්න වගේ.මං ලගට ගියා බලන්න.
මෙන්න යකෝ මේක ගහක් නෙවේ?.
මේක හෙන උස වැලක්. jack ගේ මායා බෝංචි වැල වගේ?.එත් කව්ද දන්නේ මොකද්ද මේ කියලා.ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඒක දිගේ උඩට නැග්ගා. නගිනවා කීවට මේක ඉවරයක් නෑ. .
කොහෙද ඉතින් බාගයක් නගින කොටම එලාම්  එක වැදුනනේ...
චික් ..අපරාදේ මගේ හීනෙ...

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...