Saturday, June 25, 2011

ආදරය...

සිත ලගට වී සිතෙහි බැදෙනා
සිතුවිල්ලකි....
කනට ලන්වී සෙමින් කොදුරන
සොදුරු වදනකි....
වදන් පෙලකින් මුමුනන නමුදු
අරුත් දහසකි....
මහා කතරක් හරිත ගන්වන
පිනි වැස්සකි...
නැවුම් සිසිලකි...
සියලු සත සිත් සනසන තුටු වන
මිහිරි වූ විෂකි...
බිගු තුඩ රස ගන්වන
මදු විතකි...මකරන්ද බිදුවකි...
ප්‍රබොධමත් හිමිදිරියක නව ඇරඹුමක සතුට පුරවා
පසුව හැරයන....
නෙත් කදුලෙන් තෙමන
නපුරෙකි...
බිදී ගිය සිත් යළිත් තනනා
පුදුමයකි...විශ්වකර්මයකි...
ජීවිත මගෙහි
සොදුරු නවාතැනකි...
අමිල...පිවිතුරු
සිතුවිල්ලකි...

Thursday, June 23, 2011

දිව දෙකේ මිනිසුන් සහ පාවාදීම

අබුද්දස්ස කාලේ කිව්වට මොකෝ දැන් වෙන දේවල් ඒ කාලෙටවත් ගැලපෙනවද මන්ද? ඔන්න ඔහොම කාලෙක එක පවුලක අයියයි, මල්ලියි හිටියා කියමුකෝ, එක බත් පත කාලා හිටියට මොකෝ මල්ලි නූල් සූත්තරකාරයා. අයියා ඉතින් දෙයියනේ කියලා මල්ලිගේ සුබ සිද්ධියටමයි වැඩ කොලේ. ‍ඔය කාලේ ගේ දොර දේපල අයියා මලෝරු දෙන්නට බෙදල දුන්න නෙව දෙමව්පියො මූලික වෙලා. ඔන්න ඉතින් කාලෙක මේ අයියා මලෝරු දෙන්නගෙ ඉඩ කඩම් රජයට ඉල්ලලා තිබුණා රජයේ ගොවිපළක් දමන්ට, අනේ මල්ලි කියාපි මම නම් දෙන්නෙ නැත කියලා, අනේ ඉතින් මලයගේ කැමැත්ත නොවැ කියලා අයියා රජයේ මහත්තුරුත් එක්ක කතා කොරන්ට ගියාට මොකෝ රජයේ මහත්තුරු නෙවෙයි මේ අයියණ්ඩි කියන දේ කණකට ගත්තේ, අනේ ඉතින් මේ අයියත් හොදෝටම හිත නරක් කොරන් ගෙදර ආවා. මෙන්න පහු දොහොක මලයා අහපි අයියගෙන්, අයියණ්ඩි දෙන්නේ නැත ඉඩ කඩම් රජයේ මහත්තුරුන්ට කියලා, අයියණ්ඩි උඩ ගිහින් බිම වැටුනේ නැතැයි මලයා අහපු හතරබීරි කතාවට. පහු දොහොක අයියණ්ඩිට ආරාංචි වෙච්චි මලයා ඉඩ කඩම් රජයේ මහත්තුරුන්ට දීලා හොද හිතත් දිනාගෙන ගාණකුත් අතමිට මොලව ගත්තාය කියා. ‍ කොහොමින් කොහොම හරි අයියා නරක මිනිහා කෙරෙව්වා රජයේ මහත්තුරුන්ට.
ඕං බලාහල්ලා එක බත් පත කාලා හිටියා උනත් අයියණඩිට කොරපු දේක කරුණු කාරණා ගැලපිචිච හැටි.
අයියණ්ඩිට හිතට දුකයි, මක්කොරන්නෙයි මලයනෙ කියලා උන්දැ හිත හදාගත්ත.

Tuesday, June 21, 2011

පුතේ නුබ එනතුරා....


රෝස කැකුළක් ලෙස එදා ඔබ
සෙනෙහසින් දෝතට රැගෙන මා
තුරුළු කරගත් මුල්ම දිනයේ
හදෙහි ඉපදුන අමිල සෙනෙහස
තුටු කඳුලුලෙස වැගිරුණා
හඬන විට ඔබ ඉකි ගසාලා
දිව අවුත් මා සැනසුවේ නුබ
නුබෙන් වැහෙන කඳුළු බින්දු මට
දරා ගන්නට බැරි නියා
කිරි සිනා මුවගට නගලා
වදන් ගලපා සිඟිති මුවගින්
"අම්මා" කියල කියූ මුල් දින
ලොවක් ජයගත් රැජිනියක් සේ
තුටින් මා සිත ඉපිලුණා
සිඟිති පා පොඩි ඔසවලා
පියවරෙන් පියවර තබා ඔබ
පැමිණි ගමනේ ඔබත් සමගින්
සෙවනැල්ල වී මා සිටිය බව
පුත නුබට අමතක උනත්
මහලු මඩමේ පාලු ඇද මත
තනිව වැතිරී හිඳින විට මට
ඔබ ලගින් හැමූ කිරි සුවද මට
අදත් එදා මෙන් දැනෙනවා
සිහිනයක් සේ නොසිතු පරිදින්
පුත නුබ මා තනි කලත් අද
මගේ නොපෙනෙන දෑස සැමදා
මග බලාගෙන සිටිනවා
පුතේ නුබ යලි එයි කියා
මියෙන්නට පෙර එක වතාවක්
එදා මෙන් ඔබ තුරුළු කරගෙන
ආදරෙන් හිස පිරිමදින්නට
ඇකයේ හොවමින් නිදි කරන්නට
'අම්මා කියා අයෙත් අහන්නට
පුතේ නුබ යලි එනවානම්

Monday, June 20, 2011

යන්නේ කොහේද.........

යන්න නම් තැන්ද නැත්තේ...ඔන තරම් තියනවා. ඔය තරම් තැන් වලට යන්න ක්‍රමත් ඔන තරම් තියනවා....හැබැයි මම දැන් කියන්න යන්නේ යන්නේ කොහෙද, කොහොමද යන්නේ කියල නොදන්න අය ගැනයි....
දන්නවද......"දැන් කාලේ අලුත් ෆැෂන් එක අර බැටරියෙන් භාගයයි, තෙල් වලින් භාගයයි දුවන වාහනයලු"......මම නම් නෙවෙයි කිව්වේ..එත් මට එකම දවසේ දහදොලොස් දෙනෙක්ම එහෙම කියනවා ඇහුනා. එහෙම කියපු හැම කෙනෙක් දිහාම මම බැලුවේ "පුහ්...සල්ලිකාරයො.." කියන හැගීමෙන්. (ඒ ඇයි කියල නම් මම දන්නේ නෑ.) හරියට හරි...සල්ලිකාරයො තමා, වැඩිහරියක් සල්ලිකාර ගැහැණු උදවිය.....ඩෙනිමක් ඇදලා, කොණ්ඩෙට ඩයි පාරක් දාලා, කූලින් ෆෙයාර් දාලා, පොලවට අඩි දෙක තුනක් උඩින් සෙරෙප්පු අඩිය තියනවා. අහ්..අනික බ්ලැක්බෙරියකුත් අතේ.....
ඔන්න ඉතින් දැන් මම කිව්වා වගේ ගෑණු කෙනෙක් මම හිටිය බස් එකට නැග්ගා. නැග්ගා තමයි....එකම විකාරයයි. ළග හිටිය ගෑණු කෙනා කොහොම හිටියද මන්දා.....
දවසට වියදම දහදාහ පනිනවාලු, රටේ තියන ඉස්තරම්ම සාප්පු වල නම් දෙක තුනකුත් කිව්වා. එයා දැන් ඇදන් ඉන්න ඇදුම මොණරු දෙක තුනක් වටිනවලු. ගෙදර හැම කෙනාටම වාහනයක් තියනවාලු.(හැබැයි එයා අද බස් එකේ) බස් වල ගිහිල්ලා පුරුදුත් නැතිලු....
මමත් ඉතින් පැත්තක ඉදලා..ඔවා අහගෙන හිටියා. මාත් නිකන් හිටියේ නෑ.....පොඩ්ඩක් හොයලා බැලුවා කවුද මේ..කින්ද මන්ද කියලා.....හොයල බැලින්නම් කියපු වාගේ තුනෙන් දෙකක්වත් ඇත්ත නෙවෙයි.....මට ඉතින් තනියම හිනා..........මෙහෙමත් ගෑනු කියල මට හිතුනා..
එලිය බලන්නේ අනුන්ගේ පහනකින්...ඒ උනාට කතාව තමන්ගේ වගේ. ඒවා තමන්ට වැඩකුත් නෑ...අනුන්ට වැඩකුත් නෑ.......රටට වැඩකුත් නෑ.....
යන්නේ කොහෙද, කරන්නේ මොනවද කියලා කිසිම අදහසකුත් නෑ.....හැබැයි ලැජ්ජාවක් නැතිව කටමැද දොඩවනවානේ..කියල මට හිතුනා....
ඔවට තමා කියන්නේ..කතාව දොලාවෙන් ගමන පයින් කියලා..........

Saturday, June 18, 2011

අච්චාරුව සහ කැද හැලිය...


  කන්න තමා තියෙන්නේ, කෑම ජාතිනේ  එකක් පොඩ්ඩක් සැරයි .අනික එහෙම නෑ. කන එකාට මොකද කන්න පුළුවන් නම් ඕන දෙයක් කනවා.කෑම තියෙන්නේ කන්න නැතුව හුරතල් කර කර බල බල ඉන්න නෙවේ. අවුරුදු කාලෙට අච්චාරු හදන්නේ පුරුද්දට. ඒක දැන් සම්මතයක් වෙලා.ඇයි අනික් කාලෙට අච්චාරු හැදුවොත් හැදෙන්නේ නැද්ද?,කන්න බැරිද?
මොනවා කිවත් ඉතින් මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්නේ නෑ. කවුරුහරි තමුන්ගේ විදියකට හිතුවොත් ඌ  ඉවරයි. චාටර් කරලා නොන්ඩිම කරනවා. එහෙම කරන එවුන් දන්නේ නෑ ඇයි මෙහෙම කරන්නේ මොකටද කරන්නේ කියල. කවුරුහරි කරන දේ බලන් ඉදල ඒ විදියටම කරනවා.
   මළගෙදරක ගිය මිනිහෙක් වතුර එකක් අරන් අත හෝදනව   දැකපු වැදගත් පොරක් බීම වීදුරුවක් අරන් අත හේදුවාලු.මේක එක සරල උදාහරණයක් විතරයි.
        කැද ගැන කිවොත් හදන කැද ජාති ගොඩක් තියනවා.හාල් කැද, කොළ කැද කිවොත් ඕන කෙනෙක් දන්නවා..එත් කැද කියන වචනේ එච්චර සුන්දර නෑ..ගොඩේ පාටක් තියනවා කියල ,,සමහරු කැද බීවත් කියන්නේ සුප් බීවා කියල,ඇයි අනිත් අය  නොන්ඩි කරයි කියල..චාටර්ලු..
  මේකේ ලියන්නේ අමු සිංහලෙන් .මේවා කියවන්නේ වැස්සකට හරි ඉස්කෝලෙක පුටුවක් රත් කරපු ඔරිජිනල් ලංකාවේ මිනිස්සු.උන්ට සිංහල පුළුවන් හින්ද මේවා කියවනවා. නැතුව කොණ්ඩේ නැති හරි තියන හරි චිනෙකුට හරි,ඔටුවෝ එක්ක ඉන්න අරාබි කාර යෙකුට   හරි, පොත්ත සුදු හින්ද සුද්දෝ කියල හිතන් ඉන්න එකෙකුට හරි කට හම යනකම්  මේවා කියෙව්වට වැඩක් නෑ..ඌ  දන්නේ නෑ සිංහල.
එක හින්ද තේරෙන අමු සිංහලෙන් මේවා කියන්නේ කියවගන්න පුළුවන් වෙන්න.
මං බහුබූත කියෙව්වා වැඩිද මන්ද..කමක් නෑ මං නේ කියවන්නේ..මට තියන අමාරුව මොකද්ද...
 අච්චාරු වත් කැද වත් හදන්නේ කොහොමද කියල කියන්න මං යන්නේ නෑ,එහෙම කිවත් වැඩක් නෑ.කාටද? මොකටද?.මං කියන එක බලලා කවුරුවත් ඒවා හදන්න යනවා කියලය.මොකෝ මං පබිලිස් සිල්වා යෑ  ..
අච්චාරු කියන වචනෙයි කැද හැලිය කියන එකෙයි තේරුම ඒ දෙකේම තියෙන්නේ මහා ගොඩක් දේවල් එකතු කරලා හදපු දෙයක් කියන එකයි. ඒ දේවල් හදන්නේ එක වගේ දේවල් එකතු කරලා නෙවේ. වෙනස් දේවල් වලින්. මං මේ මෙච්චර වෙලා කියන්න දැගලුවේ අච්චාරු ගැනවත් කැද ගැනවත් නෙවේ..
පටලුවුණු අවුල් වුන දෙයක් ගැන කියන්න එකට කියන්නේ ජිවිතේ කියලලු.මං දන්නේ නෑ කව්ද ඒ වචනේ හැදුවේ කියල. බල්ලෙක්ට බල්ලා කීවට ඇයි කියල කවුරුවත් දන්නේ නෑ..අන්න ඒ වගේ ජිවිතේ කියල කිවට් කව්ද ඕකේ තේරුම දන්නේ?.
එක මහා අච්චාරු කැද හැලියක්..කොහෙන් පටන් ගන්නද? මොනවා තියනවද කියල ? හදපු කෙනාවත් දන්නේ නෑ?. මේ ලෝකෙට එන්න කලින් මෙහාට එන්න ඕන කියල සිහින මැව්වද කියල ඇහුවොත් කාගේ වත් උත්තරේ "ඔව්" කියල ඇහෙන්නේ නෑ..ඇයි එහෙනම් මෙහාට ආවෙ?.
එන්ඩ උන හින්ද ආවා..නැත්තම් උවමනාවක් තිබ්බේ නෑ කියල කවුරුහරි කියාවි. ඒ කිවත් ඇයි කියල තේරුම් කරලා කියල දෙන්න කවුරුවත් නෑ. මං කල්පනා කරේ මං මේ විදියට කියන කොට මේ විදියට බනින කොට., මං සර්ව අශුබ වාදියෙක් විදියටත් අසම්මත මිනිහෙක් විදියටත්, මගේ පිටේ හරකෙක්ගේ වගේ හනවඩු ගහයිද කියලයි?.
හරකාගේ පිටේ ගහන්නේ අයිතිකාරයාගේ නම..
එතකොට?
මගේ පිටේ හංවඩුව ගහන සර්ව සමාජය කියාගන්න එක්තරා හෝමෝ සපියෙන්ස්
සපියෙන්ස් කියා ඩාවින් හදුන්ව දුන්,මොලෙන් ඉතාමත් දියුණු, ශිෂ්ට සම්පන්න යුගයක වැදගත් ආකාරයට හැසිරෙන, සර්ව අශුබ වාදී අසම්මත සත්ව කොටසක්ද ?..
අච්චාරුවක්ද?  නැත්තම් මේක කැද හැලියක්ද?

   

Wednesday, June 15, 2011

ඔටුවා...


ඔන්න ඔටුවෙක් යනවලු ගමනක්.තනියම නෙමේ අයිතිකාරයත් එක්ක. මේ දෙන්න යන්නේ කාන්තාරයක් හරහාලු. ඒකෙ මේ වෙලාවේ යන්නේ ඒ දෙන්න විතරලු. මේ යන ගමන් ඔටුවා අහනවලු. "අපි ටිකක් නතරවෙමු බබා, මට ටිකක් මහන්සියි කියල". මේක අහපු ගමන් අයිතිකාරයට තද උනාලු."ඇයි යකෝ අපි දැන්නේ යන්න පටන් ගත්තේ තමුසෙට එන්න බැරි නම් යනවා මන් වෙන ඔටුවෙක් හොයා ගන්නම්" කියල බොහොම සැරෙන් උත්තර  දුන්නලු. මේක ඇහුන විතරයි ඔටුවටත් අම්බානක මල. ඇයි යකෝ මගේ පිටෙත් නැගල යන ගමන් මටත් බනිනවනෙ...
   ඔටුවා එත් හිතුව මං මෙතන කෑ ගැහුවොත් මාව මෙතන දල වෙන ඔටුවෙක් හොයගනියි. එහෙම උනොත් මං අනාතයි. කොච්චර කට්ටක් කාලද මෙහෙම කෙනෙකුට වත් සෙට් උනේ... කමක් නෑ ඔන්න ඔහේ  කියන දෙයක් අහගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.
මෙහෙම හිතුව ඔටුවා බොහොම අමාරුවෙන්  අයිතිකාරයත් එක්ක දිගටම යන්න ගියා. මගදී තවත් ඔටුවෙක් එක්ක යන අයිතිකාරයෙක් හම්බ උනා. ඒ අයිතිකාරයා නම්  හරිම ආදරෙන් ඒ ඔටුවට කතා කරනවා.ඔලුව අතගානවා. මහන්සිද අහනවා. බොහොම ආදරෙන් සලකනවා.
මේ ඔටුවට නිකන් ඉරිසියයි වගේ.. අනික ඒ අයිති කාරයත් මාර ලස්සනයි. ඔටුවත් කට අරගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. මාරයි මේ වගේ අයිති කාරයෙක් වත් මට හිටිය නම්. කොහෙද ලස්සනට හිටපු එකකට නේ මාත් රැවටුනේ.  මේක කව්ද කියල දැන්නේ දන්නේ.දැන් ඉතින් මොනවා කරන්නද?. ඔටුවා කැදරෙන් මේ දිහා බලාගෙන් ඉන්නවා දැකපු අයිති කාරයා බෙරිහන් දෙන්න ගත්තා.
"තමුසේ ,තමුසේ මහා ජරා ඔටුවෙක් !! මෙච්චර කල් මං ගාවට වෙලා ඉදල වෙන ඔටුවොත් එක්ක යන අය දිහා බලන් ඉන්නවා,මං ගැන වත් හිතුවද... තමුසෙලා වගේ ඔටුවන්ට අපි සලකනවා වැඩියි .... තමුසෙත් එක්ක ඉන්න මට බෑ.. මං වෙන ඔටුවෙක් හොයා ගන්නවා. තමුසේ ඕන දිහාවකට යනවා"...
මෙහෙම කියල තරහින් පුපුරා පුපුරා යන්න ගියා.
*****************************************************************************************************************************
මෙන්න මෙහෙම කාලයක් ගියා. මේ ඔටුවත් රැවුල වවාගෙන බූට් සින්දු කියා කියා කාලයක් ගත කරා. දවසක් ඔටුවා කෙනෙක්ව දක්කා. ඒ දැකපු ඔටුවට හැම දෙයක්ම  අමතක උනා.
එයා නම් මරයි....
මට නම් හිත ගන්නවත් බෑ... ඔටුවා ගේ   කටෙන් පිටවුනේ.....

අනේ මට එයාගේ "ඔටුවා" වෙන්න ඇත්නම්....


Tuesday, June 14, 2011

පියෙකු‍ගේ කව


ආදරණීය දියණියේ,

බිදුණු දළ පිය ගැට පෙළක රැදි
එකම සවි අත්වැල නුඹයි........

කිණිරගුරු වැලි කතර මැද වූ
සාරවත් කෙම්බිම නුඹයි......

අකුණු සැඩ මහ සයුර අභියස සිහින නේ‍රකාවද නුඹයි.............

සිනාවක් කිසිදා නොවූ වත ඇදුණු මහ හසකැන් නුඹයි.............

බොරළු රළු මාවතක පය රැදි සේද මිරිවැඩි සගලමයි................

දහම් සිසිලක් නොමැති පුරවර හමායන සිල් සුවදමයි..............

පාළු හිස් එක් පුදසුනක් මත එක් මිලින නොවනා කුසුමමයි......

අමාවක අහසකට පෑයු එකම ඉරබට රුව නුඹයි.......................

නුඹේම ආදරණීය අප්පච්චී....
Remove Formatting from selection

ඈතට යනවා......

අපි කැමති දෙයක්...අපි කැමති කෙනෙක්.....අපෙන් ඈතට යනකොට...හිතට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්....
කරන්නම දෙයක් නැති නිසා..ඒ කැමැත්ත ඈතට යනකම් බලාගෙන ඉන්නවා...
නොලැබෙන දෙයක් බව දන්න නිසා ඒ පසුපස්සේ දුවන්නෙත් නෑ...
ඒත් හිතට දුකයි......
දැනෙන වේදනාව කියාගන්න කෙනෙක් නැති වෙනකොට.....තමන් අසරණ බව දැනෙනෙවා.....
කොච්චර වෙර දැරුවත්....නතර කරන්න බෑ.....
අපට ලැබෙනේ ලැබෙන්න තියන දේ.....බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෑ........

Saturday, June 11, 2011

හිමි නැති හීනය.........

හිරිකඩ හීතල හීන පුරෝ ගත්
හිරිමල් හිත ලඟ හීසර වැදිලද
හිමිදිරි අහසේ පායන හිරු සේ
හෙමිහිට හෙමිහිට හිනහෙන්නෙ………
හිමකර නැගෙනා හැන්දෑවක හිඳ
හිමි නැති හීනෙක සෙනෙහස විද විද
හීන මාලිගා හිතු සේ හද හද
හිතුවක්කාරෙට හිනැහුනු හින්දම……..
හීන බිඳී ගොස් හිස් උන හිත ලග
හඩනා කඳුලක උනුහුම හන්ගන්
හිස් අකාහෙට හූල්ලනකොට
හීන කියන්නෙ හීනයක්ම බව
කොහොමද හිතකට හඟවන්නෙ………………..

Friday, June 10, 2011

බුවා...


මං පොරගේ නම දන්නේ නෑ. දැන ගන්න ඕනෙත් නෑ.දැනගත්ත කියල වැඩකුත් නෑ.කොහොමත් මේ කතාවේ මං උට කියන්නේ බුවා කියලා. බුවා කියන එකේ තේරුම හරියටම දන්නේ නෑ.එත් අමුතු වැඩ කරන සිරා පොරවල්ලට අමු සිංහලෙන් දැන් කියන්නේ බුවාලා කියලා. අමු සිංහල ගැන එහෙම මගෙන් අහන්න එපා.
මේ කතාවේ කතා නායකයා බුවා. බුවාගේ වයස 40 ක් විතර ඇති. ජොබ් එකක් කරනවා ඇති.ඇදගෙන යන විදියට ඒ වගේ පේනවා.පොරගේ පව්ලේ විස්තර දන්නෙත් නෑ.ඒවා මෙතෙන්ට වැඩකුත් නෑ.මේ බුවාට bike එකක් නෑ.මං එහෙම එකක් දැකලම නෑ. හැබැයි bike එකක් නෑ කියලා මිනිහා සැලෙන්නේ නෑ.පොර කවදාවත් බස් එකේ ජොබ් එකට යන්නෙත් නෑ. හැම වෙලාවේම හෙල්මට් එකක් නම් අතේ තියෙනවා.
ඒක මහා ලොකු දෙයක් නෙවේ තමා.මොකද කව්ද දන්නේ එය වෙන කෙනෙක් එක්ක bike එකක හැමදාම එනවද කියලා?.
ඔව් එහෙම තමා.
හැබැයි හැම දාම යන්නේ වෙන වෙන bike වල. මෙන්න මේකයි සිරා සිද්දිය.
 මිනිහ හැමදාම එනකොට හෙල්මට් කට්ටක් අරන් එනවා.ඇවිත් ටවුම පහුවෙනකන් පයින් ගිහින් පාරේ එන bike එකකට අත දානවා .හෙල්මට් එකකුත් තියන හින්ද කවුරුත් මිනිහව දාගෙන යන්න අදි මදි කරන්නේ නෑ.බුවත් නිකන් bike එක කැඩිච්ච අසරණ අනාථ බුවෙක් වගේ රගපානවා. මාර බුවෙක්නේ මු....
මේවා දැකපු ගමන් මගේ මේ ගොන් මොලෙටත් ඔය අදහසම ආවා. ඒ උනත් තව බුවෙකුගේ ගමනාගමනය අවහිර කරන කැත බුවෙක් නෙවේ මම.
ඒ හින්ද ටාර් ගාලා ඒ අදහස හිතෙන ඉල්ලා අස් කර ගත්ත...

මතු සම්බන්දයි..

Wednesday, June 8, 2011

හිගන්නාගේ......හිගන්නා...



අද පාරට බැස්සොත්...අඩියක් අඩියක් ගානේ....ඔන තරම් දකින්න පුලුවන් අය තමා හිගන්නො කියන්නේ...හැබැයි ඉතින්...ඔය අතරේ ලාබයි....ලාබයි....කියන අයත් නෙතුවා නෙවෙයි......
හිගන්නො වර්ග කීපයක් ඉන්නවා. සාධාරණ හිගන්නා, අසාධාරණ හිගන්නා,හිගන්නාගේ හිගන්නා...
ඔය අතරින් වඩා භයානක වෙන්නේ හිගන්නාගේ හිගන්නා තමයි...
ඔතනින්...හිගන්නා කියන්නේ.. හිගන රජ්ජුරුවො. ඔක්කොම හිගන්නොන්ගෙ රජා තමයි ඒ...
හිගන්නාගේ හිගන්නා කියන්නේ ඔය රජා යටතේ වැඩ කරන අයට තමයි...
ඔය වැඩ කරන හැම හිගන්නෙක්ටම තමන්ට අදාළ රාජකාරියක් තියනවා.
උදේම තමන්ගෙ තැනට( එයාලගේ භාෂාවෙන්..ස්පොට් එක ) ගියාම තමයි....අත් කකුල් කැඩීම....ඇස් නොපෙනීම වගේ ලෙඩ වැළදෙන්නේ..
ඔය අතරේ....සාධාරණ හිගන්නෙක් එතනට ආවොත්..ඇත්ත තත්වෙ බලාගන්න පුලුවන්.....
දවස ඉවර වෙනකොට...සුපිරි පන්තියේ වෑන් එකකින් අර කලින් කිව්ව රජා එනවා...
තමන්ත ලෙබුන ගතමනාව එයාට දුන්නම දවසේ වැඩේ හරි.....
හැබැයි ඔය කියන හැම හිගන්නෙකුටම තමන්ට කියල ජීවිතයක් තියනවා...
ඉතින් එහෙනම් ඇයි???...
තව හිගන්නෙකුට වැඩ කරන්නේ.....?????



Tuesday, June 7, 2011

නෑ..


කීවට විශ්වාස නෑ...
එනවනම් කීවා...
එත්, කව්ද දන්නේ බෑ කියල හිතුනොත්..
මට කියන්නත් හිතුනා..
එත්..
මට මොකද වගේ...
ලැජ්ජාවක්ද බයක්ද කියල හිතා ගන්න බෑ...
කෝකටත් බලාගෙන ඉන්නවා...
වෙන්න තියන දෙයක් උනාවේ...
බලමුකෝ...

Sunday, June 5, 2011

කෑල්ල

කෑලි  කිවම කොච්චර දේවල් ඇත්ද?.අම්මෝ.. කියක් ජාතිද?. රෙදි කෑලි ,බැටරි කෑලි,කේක් කෑලි,පාන් කෑලි , තව කොච්චර තියනවද. ඔය කෑලි ගැන කියන්න ගියොත් මේක ලියන්න හම්බෙන්නේ නෑ. මන් මේ කියන්න ගියේ,කෑලි හින්ද වෙන වැඩ ගැන .අනේ මන්ද?, මේවා නොකියත්  බෑ, කියලත් බෑ.
කොල්ලෙක් එහෙම කාලෙකින් සෙට් උනොත් අහන්නේ "මචන් දැන් උබට කෑල්ලක් එහෙම ඉන්නවද?"කියල.
නැත්තම් අහන්නේ" මචන් කොහොමද කෑල්ල එහෙම සනිපෙන්ද?"කියලනේ.ඉදල හිටලා එකෙක් දෙන්නෙක් කියනවා "මට මාර කෑල්ලක් සෙට් උනානේ බන්".නැත්තම් "සිරා කෑල්ලක් හිටිය මචන් ආයේ කියල වැඩක් නෑ" කියලා
බස් එකක හරි පාරේ යනකොටම මුන් කෑ ගහනවා "අන්න අන්න පට්ට කෑල්ලක්  කියලා ".
බස් එකේදී ඔහොම කියන කොට රියදුරු මාමත් හැරිලා බලනවා. එහෙම බලන්න ගිහිල්ල කොහේ හරි ඇනුනොත් අපෙත් කෑලි තමා.
බලාගෙන යනකොට මේ හැම තැනම ඉන්නේ කෑලි තමා "සුදු කෑල්ල, කළු කෑල්ල,උස කෑල්ල, මිටි කෑල්ල, කෙට්ටු කෑල්ල, මහත කෑල්ල,".
අනේ මන්ද මේවා ගැන හිතනකොටත් මටත් කෑලි කෑලි මැවි මැවි පේන්න ගන්නවා...
මත අහන්නේ මෙච්චරයි,
"කොහොමද කෑල්ල?"

Saturday, June 4, 2011

බෝක්කුව

පාර හරහට දාලා තියෙන්නේ. කාණු වල වතුර ගලන්න කියල බලපුවම පේනවා.ඒක තියෙන්නේ පාර හරහට..හැබැයි උඩින් නෙවේ යටින්.ඕක අස්සෙන් යන්නේ නැති මගුලක් නෑ..වතුරත් එක්කම තියන කුණු ජරාව සබ්බ සකල මනාවම යනවා.මං ඉතින් බෝක්කු ඇතුලේ වෙන දේවල් ගැන කීවට මොකද..ඕව අස්සේ එබෙන්න යන්නේ නෑ. කියනවට කිවේ...
බෝක්කුවක් හදපුවම පොඩි කණ්ඩියක් වගේ එකක් උසට හදනවා.එක උඩ උල් නෑ. පැතලියි.හොදට ඉද  ගන්නත්  පුළුවන්..සැප පහසුවට නම් නෑ..
ඔන්න ඔය වගේ බෝක්කු කන්ඩි උඩ..පාරේ යන එන මිනිස්සු මහන්සියට ඉද ගන්නවා...වැඩක් නැතිව ඔහේ ඉන්න කට්ටිය.. සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන්නේ" රස්තියාදුකාරයෝ" කියල. වැඩි පුරම ඉන්නේ බෝක්කු උඩ.වැඩකුත් නෑ..දුමක් එහෙම දාලා ලගින් යන කෙල්ලෙක්ට මොකක් හරි කියල.බඩගිනි වෙනකන් ඕක උඩ ඉද ගෙන ඉන්නවා.
හවසට අරය පන්ති ගිහිල්ල එනකන් බලාගෙන ඉන්න අයත් මේක උඩ ඉන්නේ නැතුවම නෙවේ...
හැබැයි ඉතින් රෑ වෙනකොට...
මේ හරියේ ඉන්නේ අඩියක් එහෙම ගහල තාම ගේ හොයාගන්න බැරුව ලස්සන සින්දු කියන අහිංසක බේබද්දෝ සෙට් එක.වැඩියෙන්ම අහන්නේ පරණ සින්දු..ඒවා ලස්සනයි.. හැබැයි කියන විදිය කැතයි...කමක් න ඉතින් ආසාවනේ.
සමහර වෙලාවට උදේ ගිහින් බලන කොට..එතන වැටිලා නිදාගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා..හරියට තොටිල්ලක ඉන්න පොඩි බබෙක් වගේ....
බල්ලෙක් දෙන්නෙක් කට ලෙව කාලා   කියල ගානක් නෑ..කබරයත් දාලා චික්.
එක නෙවේ මං කියන්න  ගියේ..
මේක හැමතනම් පාරවල්..පාරක බෝක්කු කීයක්‌ ඇද්ද?.
ඔය හැමබෝක්කුවකම මෙහෙම උනොත්?

මම

ලියන කවි...
සැර වැඩි උනාට...
කියන කතා....
ලොකු උනාට....
හිතන විදිය...
වෙනස්  උනාට.....
මං තාමත් .......
හොද ළමයෙක්....
අපේ අම්මට.....

Friday, June 3, 2011

බස් එක...

කොච්චර හෙමින්ද ආවෙ කීවෝත් පයින් යන මිනිස්සු බස් එක ඉස්සර කරගෙන යනවා.එත් කොන්දා නම් කෑගහන්නේ දිව්‍යලෝකේට යන්න මේ ලෝකෙටම තියන අන්තිම බස් එක වගේ...drawa   නම් එලෝ මෙලෝ නැතිව මනෝ පාරක් ගහගෙන පාරක් තියන හින්ද යනවා. අන්තිම සීට් එකේ දෙපැත්තේම මල් කඩනවා.උන්ට නම් හිතෙනවා ඇති මුන් දෙන්න දේව දුතයෝ කියල.
ඉස්සරහම සීට් එකේ හාමුදුරුවන්ගේ ෆෝන්  එක ring වෙනවා."බෝ මළුවේ මල් සුවදට පැතිරුණු.." සනත් නන්දසිරි ඕක කියන්නේ හාමුදුරුවන්ටමද?.නැත්තම් හාමුදුරුවෝ වෙන සින්දුවක් නැතුවට මේක දාගෙනද?.ඔන්න දැන් මගේ හිත වැඩ කරන්නේ හාමුදුරුවෝ ෆෝන් පාවිච්චි කරන එක හොදයිද කියල. ඊට  පිටි පස්සේ සීට් එකේ uncle හිතන්නෙත් ඒකමද කොහෙද....
ඇන්ටිලා දෙන්නෙක් ගජ රාමෙට කතාව...මන් ඒකට හොට දාන්න බැලුවේ...එත් වැඩක් නෑ.sure උන් කතාවෙන්නේ සාරියක් ගැන හරි.මිනිහගේ වැරද්දක් ගැන. උන් දන්නේ ඕව විතරනේ...
ඔන්න ඔන්න කිටක් මර ගත්ත කොල්ලෙක්.. කෙල්ලෙක්ට line   එකක්, කෙල්ලත් ඇහැ දානවා.තව ටිකක් වෙලා යනකොට වැඩේ සෙට් වෙයි වගේ. හොදා හොදා,
දේශපාලන කතාවක් ඇහෙනවා..ඒකත් හැමදාම කියවන මාතෘකාවක්.වැඩක් නෑ...ඕව ඇහුවම නිකන් තද වෙනවා විතරයි.
මට නම් දැන් කම්මැලියි .මේකේ සින්දුවක් වත් දාන්නේ නෑනෙ...එක්කොත් ඕන නෑ, මේකේ දැම්මත් දන්නේ අහගෙන ඉන්න පුළුවන් සින්දු නෙවේනේ.
පාර දිහා බැලුවට වැඩකුත් නෑ. මන් හැමදාම මේවා දකිනවනේ...මොනවා වත් කල්පනා කරන්න තියනවද?...
ඔව්,
එත්...ඒවා මොනවද?. වැඩක් ඇති දෙයක් නෙවේ...
එපා අහන්න.. ඇහුවට කියන්නේ නෑ...
 

Thursday, June 2, 2011

ඇහුනා...

මන් හිතන් හිටියේ..අම්මා බත් කවනකොට මාව බය කරන්න කියපු කතාවක් කියල. බලනකොට ඒක එහෙමම නෑ...ඒක අතකට ඒ කාලේ එහෙම හිතපු එකත් වැරදීම නෑ...මොකද මං මෙච්චර කාලයක් හිතන් හිටියේ පොඩි එවුන් කියන්නේ මහා එපා කරපුම ජාතියක් කියල..එත් මාත් එහෙම කාලයක් හිටිය කියල මතක් වෙන කොටත් පොඩි ලැජ්ජාවක් එක්ක පාලුවකුත් හිතට එනවා...
දැන් උනත් පොඩි එකෙක්ගෙන් මෙහෙම ඇහුවොත් අනික් අතට ඌ අහයි "ඇයි ?" කියල..
උන් වචන දහයක් කතා කරොත් පහක්ම ඇයි කියල...අහනවනේ.
 
හැම යකෙක්ම කලුයිද?
පොඩ්ඩක් ඉන්න.. මන් දන්නවා ,දැන් මොකද්ද හිතන්නේ කියල......
"කොයි යකාද? "
නෑ, මන් අහන්නේ ඒ හිතේ ඉන්න යකාවත්,යකින්න ගැනවත් නෙවේ..පොඩි කලේ අපි ගස් වල ඉන්නවද කියල හොරෙන් බලපු...කළුවර වෙලාවට අගට පනියි කියල බය උන....
අහිංසක යක්කු ගැන.....
ඇත්තටම හිතන තරම් යකා කළුද?

මුකුත් දැම්මේ නෑ...

මන් දන්න දේවල් ගැන තාම මටවත් හිතා ගන්න බෑ. මන් දගලන්නේ ඒක කරන්නේ කොහොමද කියල..හොයාගන්න.
කව්ද දන්නේ ඉතින් මේක කරන්නේ කොහොමද කියල...
බලමු...අපිත් ඉන්නේ මේකෙනේ...
අඩියක් දෙකක් උඩින් ගියත්...
පොලවේ ඇවිද්දත්...
ඔක්කොම වෙන්නේ මේ රවුම අස්සෙනේ...

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...