රෝස කැකුළක් ලෙස එදා ඔබ
සෙනෙහසින් දෝතට රැගෙන මාතුරුළු කරගත් මුල්ම දිනයේ
හදෙහි ඉපදුන අමිල සෙනෙහස
තුටු කඳුලුලෙස වැගිරුණා
හඬන විට ඔබ ඉකි ගසාලා
දිව අවුත් මා සැනසුවේ නුබ
නුබෙන් වැහෙන කඳුළු බින්දු මට
දරා ගන්නට බැරි නියා
කිරි සිනා මුවගට නගලා
වදන් ගලපා සිඟිති මුවගින්
"අම්මා" කියල කියූ මුල් දින
ලොවක් ජයගත් රැජිනියක් සේ
තුටින් මා සිත ඉපිලුණා
සිඟිති පා පොඩි ඔසවලා
පියවරෙන් පියවර තබා ඔබ
පැමිණි ගමනේ ඔබත් සමගින්
සෙවනැල්ල වී මා සිටිය බව
පුත නුබට අමතක උනත්
මහලු මඩමේ පාලු ඇද මත
තනිව වැතිරී හිඳින විට මට
ඔබ ලගින් හැමූ කිරි සුවද මට
අදත් එදා මෙන් දැනෙනවා
සිහිනයක් සේ නොසිතු පරිදින්
පුත නුබ මා තනි කලත් අද
මගේ නොපෙනෙන දෑස සැමදා
මග බලාගෙන සිටිනවා
පුතේ නුබ යලි එයි කියා
මියෙන්නට පෙර එක වතාවක්
එදා මෙන් ඔබ තුරුළු කරගෙන
ආදරෙන් හිස පිරිමදින්නට
ඇකයේ හොවමින් නිදි කරන්නට
'අම්මා කියා අයෙත් අහන්නට
පුතේ නුබ යලි එනවානම්
නිල් අහස වියැකී ගොසින් ගැබ - හාද වී කුස කළු වලාවන්
ReplyDeleteවැස්ස වැටෙනා තුරා ඉනුමැන - ශාපලත් නියගයට ඉඩ දී
රෙස්ලින් බලන්න කෑමෑතිනම් එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com
ReplyDelete