Friday, September 30, 2011

සංගීතයයි...සිංදුවයි...

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නේ.ඔය භාෂාවට කරන්න බැරි දෙයක් නෑ. ඔනම කෙනෙක් අඩවන්න, හිනස්සන්න ඔය සංගීතෙට පුලුවන්. කොටින්ම කියනවනම්,
හිතේ තියන හැගීම් කියාගන්න හොදම භාෂාවක් සංගීතය.
සංගීතයෙත් එක එක වර්ග තියනවනේ...අර කැටගරීස් කියලා කියන්නේ...
ඔවා අතරට, හිපොප්, රැප්, ක්ලැසික්...වගේ එක එක වර්ග වැහි වැහලා තියනවා. ඔය අතරේ මේ එක එක සංගීත වර්ග වලට දබර කරගන්න අයත් නැතුවා නෙවෙයි.
රැප් හොදයි...නෑ..නෑ..ක්ලැසික් තමා හොද...ඔය වගේ.
ඉතින් ඔය සංගීතය යොදලා හදන සිංදු වලටත් දබර කරගන්න වෙලාවල් එමටයි.
සින්දු වලට ගහගන්නවා අහලා, දැකල තිබුනට, සින්දු වලින් ගහගන්නවා දැකලා තිබුනෙ නෑ...හැබැයි එහෙම චාන්ස් එකක් මට හම්බුනා බලාගන්න...ගෙදර ඉදගෙනම.
අපේ ගෙදරට ඉස්සරහින් ඔන්න ගෙවල් දෙකක් තියනවා. ඔය ගෙවල් දෙක වෙන් කරන්න මහා විශාල බැම්මකුත් තියනවා.
මේ ගෙවල් දෙකේ ඉන්න අය කාලෙක ඉදන් එච්චර හිත හොද නෑ. ඔය එක ගෙදරක ඉන්නවා පුතෙක්. මිනිහා ලගදී තමයි ලංකාවට ගොඩ බැස්සේ.
ආව එකෙ සතුට යාලුවො එක්ක බෙදා ගන්න ඔනෙ කියලා, දවසක් හවස ඉදන් පොඩි පහේ බජව්වක් දාන්ඩ පටන් ගත්තා. නරක නෑ...අපරාදේ කියන්ඩ බෑ නැගල
යන සිංදු ටික...පංකාදු පහයි.
මාත් ඉතින් ඒ පැත්තට කන් දීගෙන් හිටියා, ආයේ ඉතින් ඉබේම නැටවෙනවා.
ඔහොම ටික වෙලාවක් යනකොට බජව්වේ සද්දේ ටිකක් අඩු වුනා. එතකොටම හැත්තෑව දශකයේ ජනප්‍රිය ඉංග්‍රීසි ගායකයෙක්ගේ සින්දුවක් ඇහෙන්ඩ පටන් ගත්තා.
බොලේ...බජව්වට මක් වුනාද කියලා මාත් බැලුවා සද්දේ කොහෙන්ද කියලා. අහ්...අනිත් ගෙදරින්. හොදයි හොදයි එකත් නරක නෑ කියලා අහගෙන හිටියා.
ඒක ඉවර වෙගෙන එනකොටම ඔන්න අයෙත් බජව්ව පටන් ගත්තා..."මධුර යාමේ......" අහ්..එකත් නරක නෑ කියලා අහගෙන හිටියා.
ඔන්න එතකොටම ආයෙත් 70 දශකේ ගායකයා සද්දේ වැඩි කරලම සිංදු කියපි.
මේ මොන විකාරයක්ද කියලා මාත් හෙමීට දොර ඇරලා බැලුවා...හික්..හික්..බජව්ව දාන්ඩ පටන් ගත්තේ ගේ ඇතුලේ...දැන් බලනකොට ඒක බැම්ම ලගටම ඇවිල්ලා.
හැත්තෑව දශකේ සිංදුව ඇහුනේ අනිත් ගෙදර ඇතුලෙන්...දැන් බලනකොට රේඩියො එකත් බැම්ම ලගටම ඇවිල්ලා. ගෙවල් දෙක දෙපැත්තේ ජාති දෙකකින් කළවමේ සිංදු ඇහෙනවා.
අයේ ඉතින් එකම විකාරයයි. කොහොමහරි තමන්ගේ ගෙදර සිංදුව සද්දෙන් කියන්නයි ගෙවල් දෙකම පොරකන්නේ.
මොනවත් කියන්ඩ පුලුවන්යැ..මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ...මටත් ඉතින් හිනා...
හැබැයි ඉතින් මිනී මරාගන්නේ නැතුව... අතින් පයින් තියන තරහ පිරිමහන්නේ නැතුව...ඔහොම කරලා බේරුනොත් ඇති කියලා හිතාගෙන මාත් ආව එන්ඩ...

Tuesday, September 27, 2011

ආදරණීය ජීවිතයකට...

මේ කථාව ලියන්න විශේෂ හේතු පාදකයක් උනේ අපේම සහෝදරයෙක් මෙහි පළකරපු ලිපියක්.....
මිනිස් ජීවිතය වඩාත් අර්ථවත් හා සුන්දර වෙන්නේ, ආදරය හෙවත් ප්‍රේමය නිසාය. මෙය මිනිසාගේ හදවත් පුබුදු කර, තෘප්ත කර මිනිසාට ජීවත් වීමෙහි සුන්දර බව මතුකරලනවා. මේ නිසාම ආදරය හෙවත් ප්‍රේමය අපේ ජීවිත වලට හැකිතාක් දුරට බද්ධ කර ගැනීම ජීවිතයක් ගත කිරීමේදී අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකීම වටිනවා. අපි හැකි සෑම විටකදිම ආදරය, කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය, හිතවත් බව වර්ධනය කර ගන්නට ඕනේ. බොහෝ දෙනාට විවිධ හේතු සාධක නිසා ප්‍රේම සහකරුවෙකු සොයාගැනීම හෝ ඇය/ඔහු රදවා ගැනීම අපහසු වෙනවා. මෙම කාර්යේදී අපට 100% ක්ම අප බලාපොරොත්තු වන පෙම්වතෙකු, පෙම්වතියෙකු, මිතුරෙකු, මිතුරියෙකු හමුවන්නේ නෑ. අපට අප සොයන තැනැත්තා හෝ තැනැත්තිය නොලැබෙන්නේ අපගේ අධ්‍යාත්මික අවපාතයක් නිසාවෙනි. එසේනම් අප සුදුසු සහකාරියක හෝ සහකරුවෙකු සොයන්නේනම් ඊට පෙර අපගේ අධ්‍යාත්මික අවපාතයට සුදුසු පිළියමක් යොදා ගත යුතුය. අද බොහෝ දෙනා සිතා සිටින්නේ මුහුදේ සිටින්නේ එක මාළුවෙකුද කියාය. මාළු දහස් ගණනක් සිටියත්, තමාට ගැලපෙන මාළුවෙකු ඒ අතරින් සොයා ගැනීම වඩාත් අසීරු කාර්යයයි. අපට මිත්‍ර සබදතා, නැණවත් මිත්‍ර සබදතා පැවැත්වීමට නොයෙකුත් අය සිටී. එහෙත් අපගේ සහකරුවා හෝ සහකාරිය වන්නේ ඒ අතරින් අප තෝරාගන්නා, අප සමග එක්ව ජීවත්වීමට වඩාත් සුදුසු පුද්ගලයාය. ආදර සබදතා කෙසේ ඇතිවන්නේද යන්න තවම අපට පිළිතුරු සොයාගත නොහැකි ගැටළුවකි. කෙසේවෙතත් මෙලොව ජීවිතය සතුටින් ගත කිරීම අප සැමගේ ප්‍රාර්ථනයයි. මවකගේ කුස පිළිසිදගත් මොහොතේ සිට මරණය දක්වාත්, මරණින් පසුවත් අප සැවොම එකට ඇද බැද තබන තනි සාධකයක් වේ නම් එය ආදරයයි.

Monday, September 26, 2011

එයි මේ....මේන්න කවුදෝ ඇවිල්ලා...


Yooow yooow it’s your boy Frankie. ඡිගි.. ඡිගි...
“ i like to move it move it…. You like to move it” හූ.... හු..

කොහොමද ඉතින්.. අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගියේ ,මල්ලියේ තව මේ ලෝකේට එන්න ඉන්න පොඩ් එවුනේ සහ මලගිය ඇත්තනි....

පොඩ්ඩක් ඉන්න තව කස්ටිය ඉන්නවද කියල බලන්න..."
හම්.... YoooW
ආ.... ඉන්නවා නේන්නම්, මගේ අනාගත වයිප‍රේ, මාමන්ඩ් සහ නැන්දම්මා
(කවුද කියල හරියටම දන්‍නෑ ඉතින්.)

මේ ඔක්කෝටමයි අමතක වුන අය ඉන්නවානම් සමාවෙන්න..!! එයාලටයි හැමොටමයි සුන්දර,මලින් බරවුනු, චාටර් නොවන, පැතූ පැතුමි ඉටුවන තව මොකක් හරි දවසක් වේවා..!!

මගේ නම Dj Frankie ඔන්න රන් අකුරින් ලියාගන්න ඔනේ....
මම මේ විහිලුවට කිවුවේ මෙයාලා, ඔන්න ඔය අතට අහුවෙන පැන්සලකින් හරි පැනකින් හරි ඔනේ නමි ලියල තියාගන්නකෝ....

මම මේ පාරුවට ලගදි ගොඩවුන පොරක්. මම මේ කොටයක් උඩ නැගල ඔහේ පාවි පාවි ඉන්නකොට Jerry අයියා තමා වාව ඇදල මේ පාරුවට දාගත්තේ... අනේ ඉතින් ඒ පොරට ඉස්තුතිවන්ත වෙන්න ඔනේ..!!

අනේ ඉතින් මේ පාරුව අමාරුවෙන්, දාඩිය මහන්සියෙන් හදාගත්ත අයත් මතක් කරන්නම වෙනවා...
ලොක්කී, ඩොටී, Nethu, most_wanted මේ අයතමා ඉතින් පාරුවේ මුල් පදිංචිකරුවන්.

මමත් ඉතින් මේ පාරුවේ කල්ලියේ නිසා මොනවාහරි ලියන්නම වේනවා.. අනේ ඉතින් මේවා කවදා කරපු වැඩද....
හරි එහෙනම් අපි ඉදිරියෙදි හමිබවෙමු.. මතකනේ ඉතින් Yooow yooow it’s your boy Frankie.”

එහෙනම් අපි ගියාවේ

හොදින් ඉන්න ඔනේ.... බත් කන්න ඔනේ.. ඡ‍‍ය හෝ...!!!!!!

Sunday, September 25, 2011

මාර හිස්තැනක් තමා මට වුනේ.


හායි මේයාලා.... මම මේ ‍බ්ලොග් ලියන කලාවට අළුත් පොරක්. නම නම් ඉතින් Dj FRANKIE. මට වුනු සිද්ද්යක් ගැන තමා මම කියන්න යන්නේ. ඔන් ඉතින් කථාව පටන්ගන්නයි යන්නේ...
A/L නුත් ඉවරයි අපි හිටියා වගේමයි, කියාගෙන ඉන්නකොට (2010). වැඩදුර අධ්‍යපන‍යට අපේ අම්මා මාව දැම්මා ලංකාවේ පිලිගත් අධ්‍යපන ආයතනයකට. කොම්පිතර ගැන දන්නවාට වඩා වැඩි දෙයක් ඉගෙන ගන්න. එකේ ඉතින් තවත් ගොඩක් courses තිබුනා නොවැ. ලස්සන ගැණුලමිස්සියන් 1000 ට 5 ක් වගේ ඉන්නවා.


ඔන්න ඉතින් කාලෙත් ගතවුනා. අළුතින් පටන් ගත්තා නොවැ පාටමාලාවක්. මොක්කද කියන්නේ...
**මානව සම්පත් කලමනාකරනය** (HRM).. එහෙම තමා ඒකට සිංහලින් කියන්නේ. මේකේ ඉතින් අර 1000ට 5 ක් වගේ කෙල්ලො 10ට 2ක් විතර ලස්සන අය හිටියා..
ඔය දෙකේන් එක්කනෙක් පොඩ්ඩක් ලස්සනයි නොවෑ.

ඔන්න ඉතින් දවසක් උදේන්ම පන්තියට ආවා. අපේ පන්තියේ අයියා කෙනේකුට පෑනක් ගන්න ඔනේ වෙලා.

යමන් මලයා පොඩ්ඩක් කඩේ පැත්තේ..” කිවුවා..

මගේ එක්ක ඉන්න එකා නිසා මමත් ගියා.

මිනිහට කියන්නේ අපි BBD කියලා. ඒ කියන්නේ බඩු බාර දෙවියෝ. මැන්ස් තමා අපේ ඒරියි එකේ කෙල්ලෝ බාරව ඉන්නේ. එහෙම කිවුවම තේරෙනවානේ ඉතින්.

ඔන්න ඉතින් පඩ්පෙල බැහැගෙන පල්ලේහාට එනකොට අර කලින් කියපු ගැණූලමිස්සි මුනටම සෙට් වුනා නෙවෑ. උදේ පාන්දරම‍ කෙනෙක් දැක්කාම Good Morning කියන එක පුරුද්දක් නේ. ඔන Wedding එකක් කියල මමත් කියපිය.

එවෙලාවේ මගේ පිටිපස්සෙන් BBD හිටියා නොවැ.

මෙන්න අර ගැණුලමිස්සිත් අමුතු විදිහට කැරකිලා හුරතල් වදනින් GOOD MORNING කියපිය.

කිවුවා විතරයි අර පොර කෙලපිය මට හොල්මන් වෙලා යන්න...

නැ.. නැ... ගැහුවේ BB දෙවියෝ නෙවෙයි. අර අනන්ගයා කියල පොරක්ක ඉන්නේ අන්න ඒ මනුස්සයා. වැදිච්ච පාර ‍එහේමම හිතේ තියාගෙන BBD එක්ක ක‍ඩේට ගියා.


අපිට දවස් පහේම පන්ති තිබ්බට අර ලම්ස්සිලාට තියෙන්නේ මාසෙටම දවස් 3 යි. ඔහොම මාස 4
ක් විතර ගෙව්ලා ගිහින් එ ලමිස්සිලාට පන්ති ඉවර උනා නෙවැ....

අහෝ දුකකි ඉරක් තිතකි...” ඒ රුවත් සිතින් වියැකි ගියා..


ඔහොම යනකොට
HRM ඇඩ්වාන්ස් කොස් එකක් පටන් ගත්තා. මෙන්න බොලේ අර ලම්ස්සි මේකටත් ඇවිල්ලා.. අම්මා ‍ගහයි ටින් එකෙන් කිවුවළු….” මට නිකන් ඉහේ මලක් පිපුනා වගේ. ආයෙත් කොල්ලා වැඩෙට බැස්සා ඉතින්. J

මල හත්තිලවුවයි..!! කියන්නේ පන්තිය තියෙන්නේ සෙනසුරාදාටනේ. දැන් ඉතින් සෙනසුරාදත් වරෙන්කෝ. ඔන්න පාඩම් කරන්න කියලා සෙනසුරාදවල් දෙකක් විතර ආවා. ඔන්න ඉතින් ඔහොම යනකොට. දවසක් Office එක ඇතුලට මොකක් දෝ මගුලකට රින්ගද්දි මෙන්න අර ගැණුලමිස්සි මොකක්ද මන්දා Official Letter එකක් දෙන්න ඇවිත්. Reception එකේ ඉන්න අක්කත් මගේ හොද පිට් එක. මම ඉතින් අතින් පයින් අමුනලා කරල සිග්නල් එක දුන්නා එයාගේ විස්තර ටික තියාගන්න කියලා.

මේ අලකලන්චි අස්සේ පොඩ් සිද්දියකුත් මතක් උනා. මම ඉතින් කෙල්ලෝ ගැන හොදට හොයල බලන මනුස්සයා. ඔහොම කෙල්ලෝන්ගේ අලගිය මුලගිය තැන් හොයල බලලඉවර වෙනකොට ඊට දවස් දෙක තුනකට කලින් කෙල්ල කොල්ලේක් එක්ක යාළුවෙලා. මට වෙන්නෙම ඔහොම දෙවල් තමා. මම පෝඩ්ඩක් ඉක්මන් වෙන්න හිතුනා.
මට ඉතින් මතක් උනා යාළුවෙක් කියපු කථාවක් ..

ගඨ ඇත්නම් පත කුඩාද..කියලා. ඉතින් මම ‍ගඨ ‍ගත්තා අද අහනවාමයි කියලා. Reception එකේ ලස්සනට තියල තියන මල් කලබින් රෝස මලකුත් ගලවල ගත්තා.

මල කෙලියයි අක්කා කෙනෙක් කියපි.

මල්ලි ඔක Yellow පාටනේ බන්, Red එකක් නේ දෙන්න ඔනේ… “

මොකක් හරි මගුලක් නේ බන්… “ කියල මම අහන්න ඔනේ ටික කට පාඩම් කරගත්තා.

ඔන්න කෙල්ල වැඩේ ඉවර කරන් යන්න හැදුවා. මමත් යන්න ඉඩදිලා Office එකේ දොර ඇරන් එලියට ගියපු ගමන් කථාව අහන්න අධිටන් කරගත්තා...

3, 2, 1, GO.... මම කට ඇරියා.

“Excuse me'...මට ඔයා එක්ක පොඩ්ඩක් කථාකරන්න පුළුවන්ද..?? “ මගේ පළමු වචන ටික.

ඔවු කියන්න... එයා කියපි.

මල හත්ඉලවුවයි මගේ වදන් ‍ටික එලියට එන්නේ නෑ... දාඩියත් ගලන්න පටන් ගත්තා.
මම මොකුත් නොකිව නිසා එයා යන්න ගත්තා..

පඩිපෙල් දෙකක් බැහැල මම ආයේ ඇහුවා..

“Excuse මට ඔයා එක්ක පොඩ්ඩක් කථා කරන්න පුළුන්නද....?? ” මේ සැරේ එයා නැවතුනේ නෑ.
පඩ්පෙල ඉවර වෙන්න එන්නේ තව ටිකකින් එයා පාරට බහිනවා.

ආන් මට ඉන්න බැරියෝ..............!!
මෙන්න එක පාරටම පැන්නේ නැද්ද.... නෑ නෑ එයා නේවෙයි
, මගේ කටින් වච්චන වගයක්.

මේ.. මේ.... මේ... මම ඔයාට කැමති ඔයා මොකද කියන්නේ... හිතාගෙන හිටියේ එහෙම අහන්න නෙවෙයි..
අයියෝ මම දන්නෑ…. ඔන්න‍ ඔහොම උත්තරයක් දිලා යන්න ගියා.

ඇත්තටම විලි ලැඡ්ඡාවේ සන්තෝසේ බෑ... ඒකියන්නේ අහපු විදිහට මට නිකන් ලෑඡ්ඡහයි වගේ... එත් සන්තොසයි, දැන් ඒ ලම්ස්සි වැ‍ඩේ දන්නවානේ කියල..

එයා අදින්නේම සුදුපාට ඇදුම්මයි. මම හිතන්නේ එයා කැමති පාට වෙන්න ඇති. මම කළු පාට ඇදුම් වලට කැමති වුනත් දැන් ඇදුම් ගන්න යද්දි අත යන්නේ සුදු පාට එවාට.. අනේ මට මොකදො වෙලා..

මගේ දිවියේ මෙතෙක් නොදුටු ආ.. ආ.. අමුතු සොදුරු රුවක් එක්ක මා සිත දැවටිලා...J J

කොහොම හරි එයාගේ නම හොයාගත්තා නිල ලත් මාර්ගයකින්.. ඉතුරු විස්තර හොයන්න කෙනේකුට බාරදුන්නා.

සෙනසුරාදට යනවා, මම ඒයා දිහා කෙලින් බලනවා, එයා මගේ දිහා හොරෙන් බලනවා. එයාගේ යාළුවෝ මා දිහා බලල හිනා වෙනවා..

ඔන්න තව සෙනසුරාදාවක් එන් ලන් වෙද්දිම මට අසනිප වුනා. අනේ දැන් යන්න වෙන්නේ නෑ මොකද කරන්නේ....?? L L

ගෙදරට වෙලා කල්පන් කරකරා හිටියා. ඔය අතරේ තොරතුරු හොයන්න කියපු කෙනාට මැසේඡ් එකක් දාල මතක් කරා.. ඔන්න ටික වෙලාවක් ගිහින් රිප්ලයි එකක් ආවා..

“FRANKIE මෙන්න හොයාගත්තා….”

එයාගේ නම ‍මේක(Blank….)‍

යාළුවෝ කථා කරන්නේ (Blank…)නමින්.”

එයා ඉන්නේ (Blank…..)

එයා 1989 කෙනේක්... කියන එක දැක්කා විතරයි, මොකක්දෝ එකක් නැතිවෙලා ගියා වාගේ දැනුනා. අහෝ මෙවන් ඛේදවාචකයක්...


අම්මා හදපු, තාත්තා වඩපු, මම විකුනපු දොදොල් වලට හෙන ගහන්න.. මෙයා මට වඩ අවුරුදු දෙකක් වැඩිමල්නේ.. එයා ‍ගැන අහපු දෙවල් හිතපු දෙවල් එක මොහොතක්න් පිච්චිලා අළුවෙලා අළු ටිකත් හුලගට ගහගෙන ගියා..දැන් ඉතින් මොනවා කරන්නද...

2011.09.24 වෙනිදා ඔන්න ඔහොම තමා දුක්මුසු කථාව ඉවර වුනේ….


කසුන් කල්හාර අයියා කිවුවා හරි
ඇරබුම කදුලක්වෙලා මා බලා ඉද්දි ඒ දිහා....


හා හා ඔය වැඩේ හරිනැනේ...?? කියවලා ඉවරවෙලා නිකන්ම යන එක‍. ඒ නිසා කමෙන්ට් එකක් දාලම යන එක පවු නෑ නේ.
.

Friday, September 23, 2011

වසන්නට ඔබේ නිරුවත.......


ඉණ වට බඳුන මම උදව් දෙමි
 වසන්නට ඔබේ ලැජ්ජාව 
විටක එය මට ආයාසයකි
නමුදු මගේ රස්සාව,  
කතක් මා බැඳී විටක 
උජාරුවෙන් මා  බලමි ලෝකයම 
මන්ද .....
විසිතුරු හැඩ හා වර්ණයෙන් 
වසයි මගේ නිරුවත
විටෙක මම වෙමි  වසල
තලමි වටපිට උන්ට 
නොදත් මා හොඳ නරක 
තලුම පමණක් දනිමි මම. 
එත් මම අබිලිවිට 
නැත මගේ උජාරුව 
පෙන්වන්ට සෝබනය
නැත මගේ වසලකම 
තලන්නට දුකට
දැන් මගේ රස්සාව 
වසන්නට  ලැජ්ජාව
මහමගේ කුණුගොඩක


(මිතුරෙකු විසින් ලියන ලද කවි පෙලකින් උපුටා ගන්නා ලදී)

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...