Monday, November 28, 2011

කෙල්ලෝ මාළුවෝ, මාළුවෝ කෙල්ලෝ, කෙල්ලෝ මාළුවෝ....

මාලුවෙක් අල්ලගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙවේ. මොකද මාළු උනත් හැම කෙනාටම අහුවෙන්නේ නෑ. කියමනක් තියනවනේ පව් කාරයින්ට විතරයි මාළු අහුවෙන්නේ කියල. එක ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ..කවුද දන්නේ ඕක බැරි එකෙක් කියපු කතාවක්ද කියලා.??? ඒකටත් ඉතින් හැකියාව තියෙන්ට එපැයි. මාළු අල්ලන එකත් කලාවක්. ඒකටත් පොඩි පොඩි Method වගයක් තියනවා.( මන් මෙම්හෙම් කියෙව්වට මං මාළු අල්ලන වැඩ කාරයෙක්  නෙවේ) . මාළු අල්ලන සීන් එකක් එන්ටර් කරේ කියන්ඩ යන දේට මේකත් අදාල හින්දයි..

මාළු අල්ලන්ඩ එක එක ගැජමැටික්ස්  තිබ්බට ප්‍රදාන වශයෙන් ක්‍රම දෙකයි...
01.බිලි කොක්කෙන් බෑම.
02,දැලක් දාලා ඇල්ලීම.
 මේක මෙතනින් පොඩ්ඩක් Pause කරන්නම්කො. දැන් කියන්නේ ඒ කතාවම තමයි ටිකක් වෙනස් දෙයක් ගැන...

කෙල්ලෙක්  අල්ලගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙවේ. මොකද කෙල්ලෝ  උනත් හැම කෙනාටම අහුවෙන්නේ නෑ. කියමනක් තියනවනේ වැඩ  කාරයින්ට විතරයි කෙල්ලෝ  අහුවෙන්නේ කියල. එක ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ..කවුද දන්නේ ඕක බැරි එකෙක් කියපු කතාවක්ද කියලා.??? ඒකටත් ඉතින් හැකියාව තියෙන්ට එපැයි. කෙල්ලෝ  අල්ලන එකත් කලාවක්. ඒකටත් පොඩි පොඩි Method වගයක් තියනවා.( මං මෙම්හෙම් කියෙව්වට මං කෙල්ලෝ  අල්ලන වැඩ කාරයෙක්  නෙවේ) . කෙල්ලෝ අල්ලන සීන් එකක් එන්ටර් කරේ කියන්ඩ යන දේට මේකත් අදාල හින්දයි..

දැන් හිතා ගන්ඩ පුළුවන්නේ මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඔය දෙකම ගැන වෙන වෙනම කිව්වත් එකටම කිව්වත් පාවිච්චි කරන්න තියෙන්නේ අර කලින් කියපු ක්‍රම දෙකම තමා. මාලුවෙක් අල්ලන්ඩ නම් හොද බිලි කොක්කකුයි හොද ඇමකුයි, තව හොදට මාළු ඉන්න තැනකුයි තියෙන්ට ඕන. මොකෝ මාළු නැති තැනකට ගිහින් මැරෙනකන් ඕක අල්ලන් හිටියට මාළු පියබල ඇවිත් ඕකේ සෙට් වෙන්නේ නෑ.  අන්න ඒ වගේම තමා කෙල්ලෝ සෙට් කර ගන්න එකත්. හොද ඇමක් ඒ කියන්නේ හොද පරමාර්ථයක්. හොද බිලි කොක්කක් ඒ කිව්වේ හොද පෞර්ෂත්වයක් ,වගේම හොද කෙල්ලෙක් හෝ කෙල්ලෝ . කලින් එක වගේම තමා කෙල්ලෝ නැත්නම් මොකට මේවා කරන්ඩද???.මේ ක්‍රමේ වඩාත් හොද බොක්කෙන්ම එක ලව් එකක් වගේ කරන්ඩ කැමති පොරවල්ලට. මොකෝ මේ මෙතොඩ් එක හෙන බොරින් වෙනවා වෙලාවකට. සැහෙන කට්ටක් කන්න  ඕන මලුවෙක්ට මේ ඇම කවා  ගන්ඩ. අනික හොද මාලුවෙකුට..

දෙවැනි ක්‍රමේ ගැන හිතුවොත් , ඒක හරියන්නේ මහා පරිමාණයේ ධීවරයෙකුට.මොකද මේ ඩයල් වලට මොක අහුවුනත් ගින්නක් නෑ..කොහොම හරි ඕන වැඩේ කර ගන්නවා .අහුවුනේ මෝරෙක්ද,  බලයෙක්ද, ඉස්සෙක්ද කකුලුවෙක්ද හල මස්සෙක්ද කියන එකත් අදාල නෑ..අහුවෙන හැම එකම මල්ලට ගෙන අරන් යනවා. අහුවෙන ප්‍රමාණය වැඩි වෙනකොට කල්ල මරේ... මේ method එක  හරි quick  පට   ගාලා මොකෙක් හරි අහු වෙනවා..හැබැයි මේක පාවිච්චි කරන්න හුගක් අය අකමැතියි.. මොකද විදුලි අදෙක් හරි මඩුවෙක්  හරි සෙට් උනොත් ආයේ සොරිම තමා.. කෙල්ලොත් එහෙමං තමා ඉතින්, මේකට ආයේ "මාළු" ගැන අයින් කරලා "කෙල්ලෝ" කියන විශේෂණ පදය දැම්ම නම් ටක්කෙටම ගැලපෙනවා...

මේ මොන ක්‍රමෙන් හරි මාලුවෙක්/කෙල්ලෙක් කට හරි අහුවුණා නම් ඒ ගැන සතුටු වෙන්න. මොකද මේවා හැමෝටම කරන්න බෑ..මොකද සමහරුන්ට මාළු අල්ලන්ඩ බෑ වෙන කෙනෙක්ම  අල්ලලා දෙන්ඩ ඕන. එකනේ ඔය ඕන තරම් පොරවල් ඉන්නේ නාකි වෙලත් කෙල්ලෙක් නැතුව... දැන්ම ඉදලම පොඩි ට්‍රයි එකක් දීල balandako එහෙනම්...

"බිලි කොක්කකුත් තියේ නම්....
ඇමට පනුවොත් සිටියි  නම්....
මාලුවොත් එමට නම්...
මේ ඔබේ වාරයයි....

Wednesday, November 16, 2011

පුංචි කාලේ මං(i)..

හැමෝම දන්න හැමෝගෙම පුංචි කාලේ, හරියටම හැමෝටම මතකද කියන එක හරියටම කියන්න දන්නේ නම් නෑ..එක ජිවිතෙකට එක වරක් පමණක් උදාවෙන ඒ කාලෙට හැම දෙනාම ආදරෙයි, ඒ වගේම ආසයි.  ඉතින් මටත් තිබුණා ලස්සන ඒ වගේ පුංචි කාලයක්, ඒ කාලේ ගැන මට මතක තියෙන්නේ පුංචි පුංචි සිද්දි කීපයක් විතරයි. මං ටිකක් විතර  අමුතුයි කියල මටත් හිතුන. මොකද මම කරලා තියන අමුතු වැඩ ගැන අහල බැලුවම. ඔන්න ඉතින් ඒ අමුත් සිද්දීත් එක්ක අද ඉදන් පටන් ගත්තා "පුංචි කාලේ මං"...

මං ඉපදුන කාලේ කියන්නේ එපාම එපා කරපු කාලයක් කියල මං අහල තිබ්බ, ඒ කාලේ සිද්ද උන දේවල් ගැන මතකයක් නම් මට නෑ. මට තියෙන්නේ ඒ කාලේ ගැන අහපු මතකයක් විතරයි. අම්ම කියන විදියට  නම් මං ඒ කාලේ දඩබ්බර කොල්ලෙක්ලු, එපා කියන දේ කරනවලු, හුගක් වෙලාවට තමුන්ට ඕන දේම කරනවලු( තවමත් ඒක නම් එහෙමම තමා). ටිකක් විතර පණ්ඩිතයිලු. පොර ටෝක් එහෙමත් දෙනවලු..

අපි හැමෝම දන්නවනේ ගෙදරට කවුරු හරි  ආවම තේ එකක් වත් නොදී යවන්නේ නැනේ. ඉතින් එහෙම කෙනෙක් ආවම අපි පුරුද්දට වගේ අහනවනේ "තේ එකක් බොමු කියල"..එතකොට ඒ ආව කෙනෙත් පුරුද්දට වගේ කියනවනේ "ඕන නෑ" කියල. 
ඔන්න ඉතින් ඒක දවසක් අපේ ගෙදරට කවුද ආවලු. ඉතින් මාත් ඉතින් ඔහේ එහෙට මෙහෙට දගල දගල හිටියලු.  ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ අම්ම කිව්වලු" අපි තේ එකක් බොමු නේද" කියල. ඒ ආපු කෙනා ඒකට මුකුත් කියල නෑ..ඔන්න ඉතින් ඒක පාරටම මැදට පැනපු මම කිව්වලු.." ඇන්ටි ඉතින් ඔයා ඕන නෑ කියල කිව්වේ නැනේ " කියල...

මට පොඩි  කාලේ හිටිය අපුරු යාලුවෝ තුන් දෙනෙක්. ඒ අය  මට වඩා අවුරුදු 60 ක් විතර වැඩිමල් අය.( දැන් නම් ඒ තුන් දෙනාම ජිවතුන් අතර නෑ) අපේ ගෙවල් ගාව තිබුණා තේ කඩයක්. ඉතින් හැමදාම හවසට ඒ සීයලා තුන් දෙනා එනවා පත්තරේ බලන ගමන්  තේ එකක් බීලා යන්න. මාත් ඉතින් පුරුද්දක් විදියට යනවා එයාලත් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉන්න. එයාලත් ඉතින් මට හරි ආදරෙයි...ඔයා සීයලා ඉතින් පරණ කියුම් කෙරුම් ගැන පුර ජෙරු දොඩවන ගමන් පත්තරෙත් බලනවා. මාත් ඉතින්  ඉදගෙන කටත් ඇරගෙන බලාගෙන ඉන්නවලු..මං ඒ කාලේ අකුරු දන්නේ නෑ.. ඒ උනාට හැමදාම වගේ පත්තරේ බලනවලු හුගක් වෙලා..හැබැයි පත්තරේ බලන්නේ උඩ යට මාරු කරගෙනලු.

මම හුගක් චොකලට් කන කෙනෙක්, තවමත් එහෙමයි..පුංචි කාලේ කොහේ ගියත් , කවුරු ආවත් මට චොකලට් එකක් ලැබෙනවාමයි.. ඉතින් මං චොකලට් කාල දත් ටික නරක කර ගන්නවා කියල. අම්ම චොකලට් ඒක තාත්තටයි මටයි බෙදල දෙනවා. ඒ හැම වෙලාවේම තාත්තට ලැබෙන්නේ පුංචිම පුංචි කැල්ලක් විතරයි..
දවසක් මං අම්මගෙන් ඇහුව " ඇයි තාත්තට පුංචි කැල්ලක් දෙන්නේ?".. 
"තාත්තා ලොකු කෙනෙක්නෙ පුතේ.. තාත්තලට චොකලට් කන්න හොද නෑ"...
ඔන්න ඔයා වචන ටික මගේ හිතේ තදින්ම කා වැදුණා.. තාත්තෙක් උනාම චොකලට් කන්න බැරිලු..අය්යෝ.. මටත් එහෙම වෙයිද?...
ඒක හින්ද මං කවදාවත්ම" තාත්තා" කෙනෙක් වෙන්නේ නම් නෑ...

ඔන්න ඔයා වගේ තව සිද්දි ගොඩක් තියනවා...හැමදේම ඒක පාරටම කියල දැම්මම එකේ  ගතියක්  නෑ..මං ඒවා හෙමින් සීරුවේ ලියල දාන්නම්කො..
" ගැණු ළමයෙක් එක්කරගෙන ආපු හැටි..," ළමයි ඉපදෙන හැටි හොයා ගත්ත හැටි," ඔය වගේ කතා ගොඩක් තව තියනවා. මං ඒවා පස්සේ කියන්නම්කො...

බ්ලොග් . බ්ලොග් ඒක ගැන දැනෙන හිතෙන දේවල් ගැන කමෙන්ට් එකක් දාන්න. මං ලියන දේවල් හොදද නරකද කියලවත් දැන ගත්තම පොඩි සතුටකුත් එනවනේ...ඔයාල මේකට කැමතිද නැද්ද කියල දැන ගන්න ඕනනේ.....

Sunday, November 6, 2011

සිඟනවා නොවෙයි....

"තහ්", මුහුණට වැටුණු ලොකු වතුර බින්දු වලින් ඇහැරුනාට මොකද තවම නගරෙන් අඳුර පහවෙලත් නැහැ. වෙනදට ඇහැරෙනකොට ළඟ ඉන්න අම්ම, ඉස්පිරිතාලේ නවත්තල අදට තුන් දොහක්. එක අතකට අම්ම ඉස්පිරිතාලේ ඉන්න එකත් හොඳා, පේමන්ට් කෑල්ලක නිදා ගන්නවා වගේද ඉස්පිරිතාලේ සුදු රෙදි දාපු උස ඇඳ? එක අතකට බොරු ලෙඩක් හරි හදාගෙන ඉස්පිරිතාලේ නවතින්න හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවක තමා. උදේ පාන්දරම හෙන ගගහ වහින්න පටන් ගත්තේ මොන කරුමෙකටද මන්ද. වහින දවස් වලට හිගමන් යදින්න හරි අමාරුයි, මොකද හැමෝම බලන්නේ ඉක්මනට ගෙවල් වලට හරි වැඩ කරන තැනට හරි යා ගන්න. පේමන්ට් කෑල්ල උඩ තිබ්බ ඉටි රෙදි කෑල්ල නවල අතට ගත්තේ, පොලිස් උන්දෙක් මේක දැක්කොත් විසුමක් නැති හින්ද. මං දන්නා කලේ ඉඳන් ඉන්නේ මේ පේමන්ට් කෑල්ල උඩ. ඇඳුමක් කියල ඇඟේ දවටන් ඉන්න කලිසන් කෑල්ලට ඇඳුමක් කියන්න බැරි ගානට දිරාපත් වෙලා. උදේ පාන්දරම ඉස්කෝලේ යන පුංචි උන්දලා දැක්කම අනේ මටත් අකුරක් හරි ඉගෙන ගන්න තිබ්බනම් කියල හිතෙනවා, එත් ඉතින් එක වේලක් හරි හරියට කන්න නැතුව මොන ඉගෙනීම්ද කියල හිතෙනවා. අම්මට ගෙනත් දෙන්න කියල බෙහෙත් වගයක් දොස්තර මහත්තය ලියල දුන්න කඩදාසි කොලේක, ඒ බෙහෙත ඉස්පිරිතාලේ නැහැල්ලු, අනේ ඉතින් එක අතකට අම්ම තුන් වේල කාල ඉස්පිරිතාලේ හිටියත් මොකද කියල හිතෙනවා වෙලාවකට. බෙහෙතට රුපියල් තුන්සීයක් ඕනේ කියල බැංකුව ගාව බෙහෙත් කඩෙන් කිව්වා. අද උදේම කීයක් හරි හොයාගන්න තිබ්බ එක නැතුව ගියා මේ කාලකන්නි වරුසාව නිසා. අනේ දළඳා හාමුදුරුවනේ, මං ඉන්නෙත් ඔබවහන්සේ වැඩ වාසය කොරන පුරේම තමා, ඔබවහන්සේ ලංකාවේ ඉන්න ඔක්කොටම පිහිට වෙනවා, එත් මේ ඔබවහන්සේගේ පේන මානයේම ඉන්න, අම්ම රැක ගන්න දඟලන කොලුවා දිහා බලන්නේ නැත්තේ ඇයි? අනේ අම්මේ මට තවම එක සතයක්වත් හොයා ගන්න බැරි උනා. මං අද දවසේ කොහොමහරි මගේ අම්මගේ බෙහෙත ගෙනත් දෙනවා. මේ දුක් විදින්නේ, අපි හැමෝම ගියා ආත්මේ පව් කරලා ඇති අම්මේ, මේ පව් අපි මේ ආත්මේ ඉවරකරමු. ආයෙමත් අපිට මේ වගේ පව් විඳින්න නැති වෙයි නේද මගේ අම්මේ?

අනාවක් නැති විලස පාව යයි පැතුම් පොදි
කිමද මේ කටුක බව විඳින්නට කළ පවිට....
මුතු සිනහ වියළි ගොස් හඬන්නට නැත කඳුළු
කඳුළු වුද මුතු නොවේ විලස දුක්බර කෙතේ....

සුමුදු මුදු යහන් නැත විඳින්නට නිඳි සුවය
රනින් කළ වස්ත්‍ර නැත වසන්නට විලිසඟය....
උගන්නට අකුරු නැත උතුම් වුද ඒ ධනය
රසින් කළ අහර නැත බුදින්නෙමි මේ පවිට....

සිඟන්නෙමි දණ වැටී උපයන්න සත කාසි
වැටී මට සත වූද රැකගන්න මව් දිවී....
විඳින්නෙමු මේ පවිට මනු භවයේ එකට හිඳ
නොදකින්න මෙවන් පව් අනතුරුව කිසි දිනක....

Friday, November 4, 2011

තනිවූ...වියපත් මවකි ඇය...


මගේ තනි නොතනියට
දූ පුතුන් නැති කළට...
මහ ගෙදර දිරා ගිය පියස්සෙන් එබි එබී
ඉර, හද, තරු සිටියේ මගේ තනි රකින්නට...

දූ පුතුන් කෙළි දෙලින් සැරි සැරූ
මහ ගෙදර ගිහින් පාළුවට...
එබෙන විට මුළුතැන්ගෙට
දැනේ පුස් ගද, හිස්වූ හැළි වළං වල...

පඹවැල්, අතු රිකිළි
ගෙමිදුල වසා ගෙන...
ඔච්චම් කලා හරි හරියට
අතපය වාරු නැති මෙ මට...

තරහක් නැත තුන් සිතක
ඇත්තේ දුක මිසක...
මගෙ නෙත් සොයයි
මා දරුවන් හැමදාම...

පාලු පිල්කඩට වී
යොමා නෙතු වැට කඩුල්ලට...
බලා ඉමි පැතුම් හද පුරවාගෙන
ඒවිද කොයි මොහොතක හො...
දරු මුණුපුරන් මා බලා යන්නට...

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...