Thursday, September 28, 2017

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු...
අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම අඩුවෙනවා කියන එකයි, ඒත් එක්කම තමන්ට හිමි වෙලා තිබුන තැන අලුත් අයට ලැබෙනවා කියන එකයි. ඒක තමයි යතාර්ථ‍ය, ඒක අපි හැමෝටම පොදු දෙයක්. ඒ හින්දම අලුතින් එන අයට තැන දෙන්න ඕන හින්දම තමයි මේ අපි මේ විදියට සමු ගන්නෙ....

අත් පොලසන් නාදයත් එක්කම පෙරේරා මහත්තයා තමුන්ගෙ කතාව අවසන් කරා, හැමෝම බලන් ඉන්නෙ දුක්මුසු මුහුණින්, සමහරුන්ගේ ඇස් වල කදුලු, වසර ගන්නාවක් තිස්සෙ තමුන්ට ගුරු හරුකම් දීලා, තාත්තා කෙනෙක් වගෙ, වෙලාවකට හොද මිත්‍රයෙක් වගේ, සමහර වෙලාවට සහෝදරයෙක් වගේ හිටපු පෙ‍රේරාගේ රාජකාරි ජීවිතයේ අවසන් දවස අද.

තමුන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් පෙරේරා ගත කලේ තමන්ගේ ආයතනය වෙනුවෙන්මයි. පෞද්ගලික ජීවිතයේ තමුන්ගෙ බිරිදට, දරුවන්ට වාගේම ඔහු තම රාජකාරි ස්ථානයේ සිටි සියලු දෙනාටම සැලකුවේ ඔහුගේම පව්ලේ සාමජිකයන්ට සලකන ආකාරයටය. කෙනෙකුට අතමාරුවක් අවශ්‍ය වූ විටත්, හදිසි අවශ්‍යතාවයකදී මුදල් ඉල්ලූවත් නැතත් පුරුද්දක් වශයෙන් වෙන් වෙන්ව සෑම කෙනෙක්ගේම පෞද්ගලික දේකදී වුවද කිසිම වෙනසක් නොදක්වා උදව් කිරීම ඔහුගේ සිරිත වේ. විටක ඔහු ගුරුවරයෙකි, තවත් විටක දැනමුතුකම් දෙන වැඩිහිටියෙකි. කොටින්ම ඔහු මේ ආයතනයට නැතුවම බැරි කෙනෙකි.

උසස්වීම් තනතුරු ඔහු කිසිවිටෙකත් අපේක්ෂා නොකලේය. සේවය යෙදුනු අවසාන කාලය වනතෙක්ම ඔහු සිටියේ එකම තනතුරේය. ආයතන ප්‍රධානීන් පවා ඔහුට පසුව සේවයට බැදුනෝ වූහ. එම නිසා සැමවිටම අත්දැකීම් වලින් පරිපූර්ණ පෙරේරා මහතාගෙන් උපදෙස් පැතීම පුරුද්දක් වශයෙන් සැමවිටම සිදු විය.

පෙරේරා යනු ආයතන‍යේ දියුණුවේ ඉනිමග බව කාටත් නොරහසකි. එනමුත් ඔහු අද සේවයෙන් සමු ගනි. හෙට වන විට ඔහු නොමැතිව ආයතනය පවත්වාගෙන යන්නේ කෙසේදැයි සියුම් බියක් බොහෝ දෙනෙකු තුල හට ගෙන ඇති බව ඔවුන්ගේ මුහුණෙන් පිළිබිඹු කෙරේ. ආයතන ප්‍රධානියා වුවද සිටින්නේ දෙගිඩියාවෙනි.

"අයියෝ මොකට බය වෙනවද මං නැතත් දැන් මේ ඔෆිස් එකේ වැඩ කරගෙන යන්න පුලුවන් ගෝලයෝ ටිකක් මං හදලනේ තියෙන්නෙ. ඉතින් ඒ අය මටත් වඩා දක්ෂයි. කිසි දේකට බය වෙන්න එපා. අනික මං ගියා කියලා මට මේ කිසි දෙයක් අමතක නෑ. මං පුලු පුලුවන් විදියට උදව් කරන්නම්කො. ඒ වගේම මං අතින් මොනවා හරි වරදක් හිත් අමනාප වෙන දෙයක් උනා නම් මට සමාවෙන්න ඕන. මට කාත් එක්කවත් කිසිම පෞද්ගලික තරහක් තිබුනේ නෑ."
කදුලු පිරි දෙනෙතින් පෙරේරා මහතා හැමෝටම සමු දුන්නේය.

දැන් කාලය අවසන්‍ ය, දැන් මෙතෙක් කල් ආදරයෙන් බලා ගත් දරුවන් මෙන් සිටි සගයන්ගෙන සමු අරන් පිටවිය යුතුය. හෙටින් පසු ඔවුන් මුහුන දෙන කරදර වලින් ගලවා ගැනීමට කෙනෙක් නොමැත. ශෝකය කැටි වූ බියත් සමගින් පෙරේරා මහතා වැසිකිළිය වෙත ගමන් කලේය.

"අම්මෝ ඇති යන්තං මැන්ටලේ යනවා අද, හෙට ඉදන් චූන් එකේ වැඩක් කරගන්න පුලුවන්, ඕකා මහ ඇනයක් බං. හැම එකම දන්නවා කියලා ඔක්කොටොම හොම්බ දානවා. අනික ලොක්කත් උට බාල්දිය අල්ලන්නෙ හිටියෙ, ඔන්න බලපන් හෙට ඉදන් ලොක්කත් ඌව හලනවා ෂුවර්, කොච්චර වැඩ කරත් දැන් උගෙ කාලේ ඉවරයිනෙ බං. දැන් තියෙන්නේ අපේ කාලේ"

ගොලුවූ හදවතකින් යුතුව පෙරේරා මහතා ආපසු හැරී පිටවෙන දොරටුව වෙතට ගියේය.
එතන සිටි තලතුනා ආරක්ශක නිලදාරියා වෙත මද සිනහවක් පා ආපසූ හැරීවත් නොබලා ඔහු මහ මගට පිවිසියේය. ආරක්ශක නිලදාරියා තමුන්ගෙ අලුතින් පැමිනි කනිෂ්ඨ නිලදාරියාට මග යන පෙරේරා මහතාව පෙන්නුවේය.

"රත්තරන් මනුස්සයෙක්"...

Thursday, April 7, 2016

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ..
තොරතෝංචියක් නැතුව කියෙව්වා...
මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා
ආසාවෙන් හැමදේම අහගෙන හිටියා
දවසට වේල් තුනට කාපුවා  අම්මා වගේම උඹත් ඇහුවා
මාත් අහනකං බලං හිටියා
ඉදලා හිටල පන ගහපු ෆෝන් එක දවසට දෙතුන් පාර
ප්ල්ග් කරා
මූන පේන්නේ නැති හින්දා ඒකත් මං අලුත් කැමරාවක් තියන
එහෙකට මාරු කරා
ඇදුම් කෑලි දෙක තුනක් තිබුන මට උඹ ඒක හත අටක් කරා
පිලිවෙලකට ඇන්දෙ නැති මං
පාට ගලපන්නත් පටං ගත්තා
රෙදි හෝදපු සබං කෑල්ලම මූනෙ අතුල්ලපු මට උඹ
අලුත් දේවල් පුරුදු කරා
සයිවර් කඩෙන් කාපු මට ලොකු ලොකු තැන්වල රහත්
උඹ පෙන්නුවා
කොට හින්දා කොං වෙලා හිටිය මට වටිනාකමක් අරං දුන්නා
උඩ බලං නිකං හිටිය මට හීන දකින්න ඉගැන්නුවා
මං බැන්නොත් උඹ අඩයි කියලා මං විතරක් බැනුම් අහන්ඩ
පුරුදු උනා
හැමදේම උඹ වෙනුවෙන් කරන්නේ කියල මං තාමත් හිතනවා
එහෙව් කරපු උඹ අද ගොලු වෙලා
උඹ එනකං තාමත් මං වැව රවුමෙ බලං ඉන්නවා

Saturday, March 14, 2015

පදය

රචනය වනාහි හුදෙක් සංතුෂ්ටියට පමණක් නොව, කියවන්නාගේද අවදානය පිණිසමය. ලිවීමට යමක් ඇති මුත් එය ගලපා ගැනීමේ නොහැකියාව මත කිහිප විටක්ම එය මත ඇද වැටී පසුවට කල් දැමීය. වසර 3 ක් එලෙස කා දැමූවද, අමුවට Idea එකක් එන්නේ අවාරෙට මොනවා හෝ වැටෙන ලෙසය.
සමහර විට එය අමුය, නැතහොත් කුණු වෙන්නට යන වැල ගෙඩියක් වැනිය. පැහදිලි කරහොත් හරියට නිකං ඉරිදාට පත්තරේ යන මංගල දැන්වීමක් වාගේය.
එහාටත් නැත, මෙහාටත් නැත. ඉල්ලුමක් නැතිමුත් ඉල්ලුම් කරුවෙකු සොයන expired දිනය පෙනෙන මානයේ තිබෙන Item එකක් වාගේය.
ඉදින් ලියන්නට යමක් හොයන විට මස් කටුවක් ලැබුනේය මට, මා දැන් ආදරණීය බල්ලෙකු මෙන් මස් කටුව ලෙව කන්නෙමි. ඉදහිට මැස්සෙක් දෙන්නෙක් පැමිනෙන මුත් ඔවුන්ට මෙය සින්නක්කර අයිති නැත. අවශ්‍යද නැත. තවත් කට්ටක් තිබුනහොත් මෙය අත හැර දමා එයට යෑමද ටොයිස් වැඩකි.
නමුත් මා හාමතේ සිටිනා සුනක පෝතකයෙකි. එහෙයින් මෙය මාගේ දිව්‍ය බෝජනයයි.
මදුසමයෙන් පසු මනාලියගේ කන්‍යාභාවය පිරික්සන සීලවන්ත කාන්තවන් සිටි බව අසා ඇත්තෙමු. (ඔවුන්ගේ සිල්වත් භාවය පිලිබද ගැටලු ඇතිමුත් එය අතීතය පිලිබද ප්‍රශ්නයකි, වර්තමානය වනාහි ඔවුන් ව්‍යවස්තාදායකයටත් වඩා බලසම්පන්න විධායකයකි) ඔවුන්ට එරෙහි වීමට කිසිම ජගතෙකු නැති තරම්ය.
වර්තමානයද බොහෝ දුරට එසේමය. කොල්ලා නහවා ගෙට ගත්තද කෙල්ලට එසේ කිරීමට බැරිය. කොල්ලාට ඕනෑම දෙයක් කිරීමට තහංචි නැත. මාද කොල්ලෙකි. ප්‍රශ්නය එය නොවේ.
කොල්ලෙකුට පදයක් හැදුවද එය විකාශනය වීම ඉබි ගමනකි. කෙල්ලෙකුට පදයක් යනු අකුණකටත් වඩා වේගයෙන් සිදුවන ප්‍රචාරණයකි. එය Telepathy ක්‍රමයට සමාන යැයි මාගේ අදහස වේ.
මෙම ප්‍රචාරණයට මූලිකවම දායක වන්නේ උක්ත සදහන් මොඩලයේ සිල්වත් කාන්තාවන්ය. බොහෝ විට මොවුන් දක්නට ඇත්තේ ආණ්ඩුවෙ කන්තෝරු වලය. නමුත් දැන් දැන් එය අනිත් ඒවාටත් virus වී ඇත. කණගාටුවට කරුණ නම්,  සමහරක් පිරිමින්ද (ඔවුන්ගේ පුරුෂ භාවය පිලිබද ගැටලුවක් මටද ඇත) මෙයට නොමසුරුව දායක වීමයි.
අමුවෙන් කීවොත් පද හැදීමේ ආතල් එකෙන් මොවුන් දෙගොල්ලන්ම ඔවුන්ගේ සුර්‍රාන්තය වෙත වෙහෙස නොවී පැමිනෙන බව ඉන්තේරුවෙන්ම ප්‍රත්‍යක්ශය.

ඔවුන්ගේද කිල්ලෝට වලද හුණු ටික ටික ඇති බව මාද දනිමි. ඔවුන්ගේ කිල්ලෝට ඇවිස්සීමට මා අකමැති වන්නේ කක්කුසි වලවල් වලට අත දැමීමට ඇති අප්‍රිය භාවයයි.
"මා ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මේ ගල් ගසන්නේ අනුන්ට නොව තමන්ටමය"  Fantasy ලෝකයක් තුල ජීවත් වන්නට නම් ඔබේ පව් සෝදා ගැනීමට අන් අය යොදා ගැනීමෙන් වලකින්න.
ස්තූතියි.

Monday, July 7, 2014

ගමේ කොල්ලා...

ගමේ බල්ලෙක් කොළඹ ගිය කතාව අහලා ඇතිනේ. හැබැයි ඉතින් ගමේ බල්ලට කොළඹට ‍යන්න නම් set වුනේ නෑ. ඌට කොක්ක ඇද්දෙත් ඉතින් උගේ වරිගෙම උං තමයි.

මං මේ කියන්න යන්නේ බල්ලෝ ගැන නෙවේ කොල්ලො ගැන, ගමේ කොල්ලෝ ගැන.

"අපිත් ගමේ කොල්ලො හරිය"

ගමේ කොල්ලෙක් කොළඹ ගියාම කොළඹ අයට පේන්නේ ගොඩයෙක් වගේලු. හැබැයි ඉතින් ගමේ ඉදන් යන සමහරක් posh වෙන්න try කරනවනෙ. අන්න ඒ වගේ උන් තමයි ගම කන්නේ.

කොලොම්පුරේ උදවිය වැඩිපුර කතා කරන්නේ English නැත්තම් Singlish වලින්, ඉංග්‍රීසි නං ඉතින් ගොඩක් අමාරු නැති ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන්  භාෂාවක්ලු.(මං දන්නෙත් නෑ. මාත් දන්නේ Tution poster වලින්. )

ඉතිං අපිටත්  එහෙං මෙහෙං ඉංග්‍රීසි ඉගෙන ගෙන,යංතං ගොඩ දාගන්න පුලුවං .

සිංහලෙං කථා කරන අපිට  සුද්දෙක් set උනොත් යංතං ගොඩ දාගන්න බැරි කමක් නෑ. ඒත් කඩ්ඩෙං වැඩ දාන අයට සිංහලෙං වැඩක් ගොඩ දාගන්න හෙන ගේමක් දෙන්න වෙයි.

සයිවර් කඩේකින් තෝසේ දෙකයි, ප්ලේන්ටියක් දා ගන්න අපිට KFC,Mcdonald හරි Pizza hut එකෙන් කන එකත් ගේමක් නෑ. ඒත් හැමදාම ඒ වගෙං කන අයට නං සයිවර් කඩේ කෑම නං දිරවන එකක් නෑ.

Odel එකෙන් ගන්න ඇදුම් අදිනවා වගේම payment එකේ රුපියල් 100 ට 200ට තියන ශෝටක් අදින්න අපිට පුලුවං.

ඉතිං මෙච්චර දේවල් කරන්න පුලුවං කම තියෙද්දිත් අපි මොකටද posh වෙන්න දගලන්නෙ?.

මම නං තවමත් " ගමේ කොල්ලෙක්"...

Friday, April 25, 2014

වෙනස...1

හරියටම අවුරුදු දෙකකට පස්සෙ post එකක් දාන්න හිතුනා.ඒකත් අහම්බයක්. මුනු පොතේ රවුමක් යනකොට දැක්කා මන් හදපු page එක. පම්පෝරි ගහල තේරුමක් නෑ. ආව වැඩේ කරමුකො.
තේරුමක් නැති ජීවිතේ තේරුමක් ඇති දෙයක් කරන්න හිතුවට කවදාවත් එහෙම දෙයක් කරන්න ඉඩක් මට ලැබිලා නැතිය කියලයි මම නම් හිතන්නෙ. මෙකත් ඉතින් තෙරුමක් ඇති දෙයක් නෙවේ.
දකින හැම දේම විවේචනය කරන එකත් හොද දෙයක් නෙවේ. ඒත් ඉතින් මේ කාලෙ වෙන මොනවා කියල ක‍රන්ඩද?.
අවුරුදු දෙකක් ඇතුලත ලෝකේ කොයිතරම් දේවල් වෙනස් වෙලාද?.එදා දැකපු දේවල් අද වෙද්දි පැහැදිලි කරන්න වෙන්නෙ වෙන විදියකට. ඇයි එහෙම වෙන්නේ?.
ඉස්කෝලේ යන කාලේ love කරපු කොල්ලෝ කෙල්ලෝ ගොඩක් අය මේ වෙද්දි වෙන් වෙලා.
"කොහොමද මචන් උබේ love එක නැගලම යනවද?. "
"නෑ බන් දැන් ඒක ඉවරයි.ඒක වෙන එකක් set කරගෙන,ලගදිම marry කරනවලු."
" යකෝ තොපි දෙන්නා ඒ කාලේ හිටියේ ඉසුරුමුනි පෙම් යුවල වගේනේ?.මන් නම් ජිවිතේට හිතුවෙ නෑ මේක කැඩෙයි කියලා."
"ඒවා එහෙම තමයි බන් කල් යද්දි තෙරුම් යනවා ගැලපෙන්නේ නෑ කියලා. "
" යකෝ ඒකිත් මාර එකක්නේ. අපිත් කොච්චර කට්ටක් කෑවද තොපි හින්දා. අනේ මන්දා මොනවා වෙලාද කියලා. දැන් එතකොට උබ?, "
මටත් අලුත් එකක් set උනා. තව අවුරුද්දකින් විතර බදින්න ඕන. මෙහෙම ඉදලා හරියන්නෙ නෑනෙ. දැන් ඉතින් අපිත් වයසට යනවනේ."
"වයස" යනවා. වයස යනවද?. අපි වයස යවාගන්නවද?. නැත්තම් කාල‍යත් එක්ක මේ හැම දේම වෙනස් වෙනවද?.  වෙනස අපි දකින්නෙ කොහොමද?. මේ ගැන නම් හොයන්නම වෙනවා.

Tuesday, May 29, 2012

අප්සරාගේ හැට්ටේ සමගින් ජැකා....

සීගිරියේ අප්සරාව ඉන්නේ බාගෙට හෙලුවෙන්ලු...වැරද්දක් නෑ ඒ කතාව , මොකද කිව්වත් වගේ උඩ කෑල්ලට ඇදුමක් ඇදල නැනේ?...
සිගිරිය ගලක්නේ ඉතින් ඒක රත් උනාම දාඩිය ඇති...ඒ හින්ද උඩ ඇදුම ගලවන්න ඇති...?? එක්කෝ ඇදුම් වලට රෙදි මදි වෙන්න ඇති.. එහෙමත් නැත්තම්, රජාට ආතල් ඇති එහෙම බලන්න... සමහරු කියන්නේ මේ ඉන්නේ රජතුමාගේ බිසෝවරු කියලා. ඒ කාලේ අන්තඃ පුරයක් කියලා එකක් තිබුනනේ...
කොහොමින්  කොහොම හරි සීගිරියේ අප්සරාවෝ අඩ නිරුවතින්..
පුදුමයි මේක ඉස්සර 18+ කියලා බෝඩ් කැල්ලක් නොඑල්ලපු එක.

ලංකාව හැදියාවෙන් ඉහලම තලයේ හිටපු රටක්. එත් ඉස්සර සමහර කුල වල (කුල බේදය තමයි හෙනේට හිටියේ ) කාන්තාවන්ට උඩුකය වස්ත්‍ර  ඇදීම තහනම් වෙලා තිබුනලු. මේවා ඉතින් හරිද වැරදිද කියන එක නම් දන්නේ නෑ..ඒ කාලේ ඔය කාන්තා  සංවිදාන තියෙන්න නැතුව ඇති.

දැන් මේකයි කතාව.. අපේ සමහර අය්යලගේ වැඩ නිසා පිරිමි සංහතියම  නෝන්ඩි වෙනවා .චාටර් වැඩක් එකෙක් කරොත් එකත් හැමෝටම බලපානවනේ.
පොඩ්ඩක් හිතල බලන්න. අසුචි  කිව්වොත් මිනිස්සු මොනවද කියන්නේ කියලා...අපූ මට පරම්පරාවම මතක් කරාවි ජරා කතා කියනවා කියලා..ඕව ඔච්චරටම අප්පිරිය නම්.. අයි දෙයියනේ බස් වල නැගල ගැණු කෙනෙක්ගේ  පස්චාත් බාගයට තමුන්ගේ පුරුෂ නිමිත්ත තදකොරගෙන වින්දනයක් ලබන්නේ?? එතකොට කෝ අර අප්පිරියාව...තමුන්ගේ නංගි වගේ, අම්මා වගේ සහෝදරිය  වගේ..සමහර විට අත්තම්මා වගේ ඉන්න අය‍ට ඔහොම කරන එක ආතල්ද...????

එකෙක් කියයි දෙන හින්ද තිබ්බ කියලා...යකෝ  දුන්න පලියට තියල හරියයිද??.. නොදකින් හාල් පාරුවෝ...

ඉපදුන ගමන් කටේ තියාගෙන කිරි බීපු අම්මගේ පියයුරු වගේම තමයි  අනිත් ගැණු උදවියගේත් තියෙන්නේ..එහෙව් එකේ ගිහින් බස් වල ඉන්න අයගේ මිරිකලා ගන්න ආතල් එක මොකද්ද ?
මතක තියාගනිල්ලා එකත් හරියට අම්මට කර වගේ තමයි... අයි බන් තේරෙන්නේ නැත්තේ ගැණු පිරිමි දෙගොල්ලන්ටම  පියයුරු තියනවනේ ..කාන්තාවන්ගේ ඒක වැඩිපුර වර්දනය වෙන්නේ ළමයින්ට මව් කිරි දෙන්න ඕන නිසා..නැතුව බස් එකේ යන උන්ට මිරිකන්න දෙන්න නෙවේනේ... ඕන නම් උබටම එකක් වෙන් කරගෙන ඕන දෙයක් කර ගනින්...

සමහරුන්ට මල පැනල ඇති මාත් එක්ක...ඔව් මචං මාත් කොල්ලෙක් තමයි... මටත් තියෙන්නේ උබලට තියන එකම තමයි...එත් බං එකේ දෙන්නෙක් නසරාණි වැඩක් කරාම බැනුම් අහන්නේ සමස්ත පිරිමි සංහතියමයි .  
වැරද්දක් නම් මොකාට උනත් ඒක කියන්න ඕන... මතක තියා ගනින් මොක වැරැද්ද කරත් අහිංසක අම්මා බැනුම් අහනවා...

සමා වෙන්න ඕන සුද්ද සිංහලෙන් මේවා කිව්වට.. ඒත් එහෙම නොකිය බෑ.. එයාලගේ ඒවා  පස්සේ හදාගමු දැනට අපි 

දැන් ආපහු මුලට....
කොන්තරාත්තුවක් ඒවිද දන්නේ නෑ සීගිරියේ අප්සරාවන්ට හැට්ට අන්දන්න... නැත්තම් මේ යන විදියට පෝලිමේ කට්ටිය ඉදිවී..එතනත්...

නිමිත්ත: කොල්ලෝ අහිංසකයි..





Sunday, May 27, 2012

යකුන්ගේ අඩවිය සොයා 2

මතකද කැලේ ඇතුලට යන්න ගිහින් නැවතුන තැන,අද එතන ඉදලා......
ටිකක් දුෂ්කර මාර්ගයක්, ලොකු බැවුමක් එක්ක තියන පාරක්. කන්දක් වගේ තියන නිසා, ඉහලට යනකොට පහලට ලිස්සල යනවා, ඒ නිසා පරිස්සමෙන් යන්න ඕන. මොකද මාත් ලිස්සන්න්න ගිහින් වටේ තියන ගස් වල එල්ලුණා,එතකොට තමයි දැනෙන්නේ..හුගක් වටේටම තියෙන්නේ කටු තියන ගස් වැල් කියලා. ටිකක් උඩට යනකොට ටිකක් ගල් පර්වත වගේ තියන කොටසක් හමු උනා එක පහු කරගෙන යනකොට. තිබුන  උලට තියන පුංචි ගලක්. හැබැයි එක වටේම, හදුන් කුරු .පත්තු කරලා, අපේ හුගක් දෙමළ අය එයාලගේ දෙවියන්ව විදියට ඒ වගේ හැඩයන්ගෙන් තියන දේවල් වලට වන්දනා කරනවා කියලා අහන්න ලැබුණා. මේ එකේ ෆොටෝ එකක් .

දැන් නම් ගමනාන්තය කිට්ටු කරලා තියෙන්නේ.. මගදී හම්බ උනා ලස්සන උණ පදුරක්.. හැබැයි ඒක ගොඩක් පිලිස්සිල තිබුනේ...ඒක අහම්බෙන්  වෙච්ච දෙයක්ද.. නැත්තම් කවුරු හරි හිතල කරපු දෙයක්ද කියලා හිතා ගන්න නම් බෑ.

දැන් නම් අපි හොයාගෙන ගිය රාක්ෂ ගල පැත්තකින් පේනවා. දැන් නම් ලගටම ඇවිත් ඉන්නේ.

ගල්පුවරුවක් තියනවා. ඒකේ මොනවද ලියල තිබුනා. හැබැයි, ඒකේ ඇත්ත නැත්ත නම් විශ්වාස නෑ.  

රාක්ෂ ගල, අසලට ගියාම, ඒක උඩට නගින්න නම් තැනක් නෑ ඒත් ඇතට පෙනුන, වංගෙඩිය හා මෝල් ගහ, දැන් ලගටම. යෝදයෝ දෙන්නෙක් වගේ පේනවා.
පැරණි ජනකතාවට අනුව යක්ෂයන් විසින් මෙතන මේ ගල් විශේෂිත ආකාරයට් නිර්මාණය කරලා තියනවා කියලා කියවිලා තියෙනවා. සමහර විට ඒක එහෙම වෙන්නත් පුළුවන්. මොකද කන්දේ පහල පැත්තට තියන ගලේ ඉහල කොටසේ ගල් එක පිට එක  තියපු විදියක් පෙන්නුම් කරනවා.
මේ ඒවා...
මෝල් ගහ වගේ තියන ගල දැක්කම මට මතක් උනේ,Chillie වල Easter Island ඒකේ තියන මිනිස් ගල් රුප.. මේකත් ඒ වගේ නේද? කාටද පුළුවන් මේ විදියට ගල්  අහුරන්න?.. දැන් කාලේ පුළුවන් උනත් ඉස්සර මේවා කලේ කොහොමද?








මේකත් එක්ක තියන පුරාවුර්ථ තව ගොඩක් තියනවා.. ඒ ගැනත් මං හොයල බලන්න ඕන. ඔයාලටත් Hike එකක් එන්න හිතුනොත්   මේකටත් ඇවිත් බලන්න, හැබැයි මේ පරිසරය විනාශ කරන්න නම් එපා...මෙහෙ හැමතනම් පොලිතින්, plastic දල විනාශ කරලා තිබුනා. අපේ රටේ දේවල් රැක ගන්න එක අපේ යුතුකමක්.  
රාක්ෂ කන්දෙන් පටන් ගන්න පුංචි දොළ පාරකින් තමයි "මා ඔය" පටන් ගන්නේ.. 
මගේ ඊලග.. නැවතුම එතන...

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...