Saturday, March 14, 2015

පදය

රචනය වනාහි හුදෙක් සංතුෂ්ටියට පමණක් නොව, කියවන්නාගේද අවදානය පිණිසමය. ලිවීමට යමක් ඇති මුත් එය ගලපා ගැනීමේ නොහැකියාව මත කිහිප විටක්ම එය මත ඇද වැටී පසුවට කල් දැමීය. වසර 3 ක් එලෙස කා දැමූවද, අමුවට Idea එකක් එන්නේ අවාරෙට මොනවා හෝ වැටෙන ලෙසය.
සමහර විට එය අමුය, නැතහොත් කුණු වෙන්නට යන වැල ගෙඩියක් වැනිය. පැහදිලි කරහොත් හරියට නිකං ඉරිදාට පත්තරේ යන මංගල දැන්වීමක් වාගේය.
එහාටත් නැත, මෙහාටත් නැත. ඉල්ලුමක් නැතිමුත් ඉල්ලුම් කරුවෙකු සොයන expired දිනය පෙනෙන මානයේ තිබෙන Item එකක් වාගේය.
ඉදින් ලියන්නට යමක් හොයන විට මස් කටුවක් ලැබුනේය මට, මා දැන් ආදරණීය බල්ලෙකු මෙන් මස් කටුව ලෙව කන්නෙමි. ඉදහිට මැස්සෙක් දෙන්නෙක් පැමිනෙන මුත් ඔවුන්ට මෙය සින්නක්කර අයිති නැත. අවශ්‍යද නැත. තවත් කට්ටක් තිබුනහොත් මෙය අත හැර දමා එයට යෑමද ටොයිස් වැඩකි.
නමුත් මා හාමතේ සිටිනා සුනක පෝතකයෙකි. එහෙයින් මෙය මාගේ දිව්‍ය බෝජනයයි.
මදුසමයෙන් පසු මනාලියගේ කන්‍යාභාවය පිරික්සන සීලවන්ත කාන්තවන් සිටි බව අසා ඇත්තෙමු. (ඔවුන්ගේ සිල්වත් භාවය පිලිබද ගැටලු ඇතිමුත් එය අතීතය පිලිබද ප්‍රශ්නයකි, වර්තමානය වනාහි ඔවුන් ව්‍යවස්තාදායකයටත් වඩා බලසම්පන්න විධායකයකි) ඔවුන්ට එරෙහි වීමට කිසිම ජගතෙකු නැති තරම්ය.
වර්තමානයද බොහෝ දුරට එසේමය. කොල්ලා නහවා ගෙට ගත්තද කෙල්ලට එසේ කිරීමට බැරිය. කොල්ලාට ඕනෑම දෙයක් කිරීමට තහංචි නැත. මාද කොල්ලෙකි. ප්‍රශ්නය එය නොවේ.
කොල්ලෙකුට පදයක් හැදුවද එය විකාශනය වීම ඉබි ගමනකි. කෙල්ලෙකුට පදයක් යනු අකුණකටත් වඩා වේගයෙන් සිදුවන ප්‍රචාරණයකි. එය Telepathy ක්‍රමයට සමාන යැයි මාගේ අදහස වේ.
මෙම ප්‍රචාරණයට මූලිකවම දායක වන්නේ උක්ත සදහන් මොඩලයේ සිල්වත් කාන්තාවන්ය. බොහෝ විට මොවුන් දක්නට ඇත්තේ ආණ්ඩුවෙ කන්තෝරු වලය. නමුත් දැන් දැන් එය අනිත් ඒවාටත් virus වී ඇත. කණගාටුවට කරුණ නම්,  සමහරක් පිරිමින්ද (ඔවුන්ගේ පුරුෂ භාවය පිලිබද ගැටලුවක් මටද ඇත) මෙයට නොමසුරුව දායක වීමයි.
අමුවෙන් කීවොත් පද හැදීමේ ආතල් එකෙන් මොවුන් දෙගොල්ලන්ම ඔවුන්ගේ සුර්‍රාන්තය වෙත වෙහෙස නොවී පැමිනෙන බව ඉන්තේරුවෙන්ම ප්‍රත්‍යක්ශය.

ඔවුන්ගේද කිල්ලෝට වලද හුණු ටික ටික ඇති බව මාද දනිමි. ඔවුන්ගේ කිල්ලෝට ඇවිස්සීමට මා අකමැති වන්නේ කක්කුසි වලවල් වලට අත දැමීමට ඇති අප්‍රිය භාවයයි.
"මා ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මේ ගල් ගසන්නේ අනුන්ට නොව තමන්ටමය"  Fantasy ලෝකයක් තුල ජීවත් වන්නට නම් ඔබේ පව් සෝදා ගැනීමට අන් අය යොදා ගැනීමෙන් වලකින්න.
ස්තූතියි.

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...