Thursday, April 7, 2016

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ..
තොරතෝංචියක් නැතුව කියෙව්වා...
මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා
ආසාවෙන් හැමදේම අහගෙන හිටියා
දවසට වේල් තුනට කාපුවා  අම්මා වගේම උඹත් ඇහුවා
මාත් අහනකං බලං හිටියා
ඉදලා හිටල පන ගහපු ෆෝන් එක දවසට දෙතුන් පාර
ප්ල්ග් කරා
මූන පේන්නේ නැති හින්දා ඒකත් මං අලුත් කැමරාවක් තියන
එහෙකට මාරු කරා
ඇදුම් කෑලි දෙක තුනක් තිබුන මට උඹ ඒක හත අටක් කරා
පිලිවෙලකට ඇන්දෙ නැති මං
පාට ගලපන්නත් පටං ගත්තා
රෙදි හෝදපු සබං කෑල්ලම මූනෙ අතුල්ලපු මට උඹ
අලුත් දේවල් පුරුදු කරා
සයිවර් කඩෙන් කාපු මට ලොකු ලොකු තැන්වල රහත්
උඹ පෙන්නුවා
කොට හින්දා කොං වෙලා හිටිය මට වටිනාකමක් අරං දුන්නා
උඩ බලං නිකං හිටිය මට හීන දකින්න ඉගැන්නුවා
මං බැන්නොත් උඹ අඩයි කියලා මං විතරක් බැනුම් අහන්ඩ
පුරුදු උනා
හැමදේම උඹ වෙනුවෙන් කරන්නේ කියල මං තාමත් හිතනවා
එහෙව් කරපු උඹ අද ගොලු වෙලා
උඹ එනකං තාමත් මං වැව රවුමෙ බලං ඉන්නවා

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...