Saturday, October 29, 2011

ටොපියක්....

"ටොපියක්, චුයින්ගම් එකක් ,කඩල පැකට් එකක්, පෙපරමින්ට් එකක්".....
මේ වචන පෙළ දිනපතාම නොවරදවාම ඇසෙන දෙයක්...මේක තවත් වචන කීපයක එකතුවක්. ඔබ කියාවි මෙන්න මේක වෙළෙන්දෙක් කියන දෙයක් කියා,ඔව් ඇත්ත මේක වෙළෙන්දෙක් කියන දෙයක් තමා, නමුත් මේ වචන මාලාව තුල අන්තර් ගත වෙලා තියෙන්නේ මොකද්ද කියල ඔබට හිතුනද...???

මට මං ගැන හිතන්න පුළුවන් වුන කාලේ මට හරියටම මතක නෑ,ඒක වෙන්නේ අවුරුදු 3 දී කියල අම්ම කියනවා මට ඇහිලා තියනවා. ඒ කාලේ ඉදන්ම මං බස් එකකට නැග්ගොත්..මේ ස්වරුපය . මේ හඩ මට හොදට මතකයි...පුංචිම කාලේ මට මේවයින් මොනවා හරි ඕන කියල මං කෑ ගැහුවා, ඇඩුවා..එතකොට අම්ම මට ඒ දේවල් වලින් මොනවා හරි අරන් දෙන්න ඇති...එතකොට "බබාට මොනවද ඕනේ කියල අහනවා මට හොදට මතකයි"...මං එතකොට එයාව දැක්කේ සුර දුතයෙක් වගේ. මට දිවයලොකෙන් කම ගෙනත් දෙන වීරයෙක් වගේ...මේ හැමදේම ගන්නේ සල්ලි කියල දෙයක් මත බව මං ඒ කාලේ නොදන්නවා වෙන්න පුළුවන්.

තව කාලයක් යනකොට මං මේ කෑම ජාති ගැන නොහිතන කාලයක් උද වුණා....හැම දේම මුදලක් මත යැපෙන බව මට හොදට වැටහුනා.එතකොට ඒ ස්වරුපය ඒ කටහඩ මට තවත් ඒක කරදර කාර වෙළෙන්දෙක් පමණක්ම උවා...ඉස්සර දැකපු ප්‍රසන්න බව දැන් පිළිකුලක් බවට පත් වෙලා.."කරදර කාරයෝ, එනවා මෙතන බෙරිහන් දෙන්න".....

එත්  අද?????????????
නම මොකද්ද?, වයස? කොහෙද ඉන්නේ? මේ කිසිදෙයක් මං දන්නේ නෑ... ගතින් වහරුන දුබල මිනිසෙක් පමණකි..සමද දුටු සරමයි, කමිසයයි, අර ටොපි මල්ලයි....වෙනසක් නැත...කට හඩේ තිබුන ප්ව්ර්ශය දැන් වියැකිලා...නමුත් ඇසෙන වචන මාලාව ඒ විදියමයි...

ජිවත් වෙන්න කරන රස්සව අවුරුදු 18 ක මතකයක් විතරයි මට තියෙන්නේ. සමහරක් විට ඊටත් වඩා  වැඩ කොටසක් කරන්න වෙන්න පුළුවන්..දරු පවුලක් ජිවත් කරවන්ට දරන වැයමක්...එකම විදියට හැමදාම... හුග කාලයක්  සිද්ද වුනේ ඇයි?????...පිළිතුර " මහත්තය කඩල පැකට් එකක් ගමුද කක යන්ට??"...දත් නොමැති ඒ  සුපුරුදු හිනාව  .....
හේතුවක් නොසිතන  කවුරුවත් නොදකින , ටොපි වෙලේන්දෙක්ගේ නොදන්නා ජිවිත කතන්දර....
"දුප්පත්කමද"???

තරුවක වරුණ...


හසකැන් විවර කර...නෙතු පියන් සැලූ සද...
මුමුනාවී ගීතයක් හෙමිහිට...
සියපතින් වියැකෙනා පිනි ශිඛර...
කුමුදුනියක් වී නම් ඔබ,
හමුවෙන්න තිබුනා නොවෙද...?
සදුගේ සිසිරයේ ළවතන රාව දෙන
තරුවක වරුණ...
ලබනු වස්...
නැණ සාර සමාධිය හා මුසුවූ...
උණුසුම...

Wednesday, October 19, 2011

මගේ වම් අත ..

 "සුබ ගමනක් යන්න ඕන දකුණු කකුල පෙරට තියලා."
 ඕන ගෙම්බෙක් මොකක් හරි වැඩක් කරන්න ගියාම කියන්නේ ඔය කතාව. නිකමට හිතුවද දකුණු කකුල නැති මිනිහෙක් කොහොමද ඔය වැඩේ කරන්නේ??. අනිත් එක වම කකුල කියන්නේ කකුලක් නෙවේද?. ඒක නැතුව දකුණු කකුලෙන් විතරක් ඔය සුබ වැඩේ කරන්න පුලුවන්ද?. කෙහෙල් මල.
නිකන් බොරු කතා විතරයි..

මේ ලෝකේ හැම දේම කරන්න හදන්නේ දකුණට. හැම හොද වැඩක්ම වෙන්නේ දකුණෙන්, හොර වැඩක් ජරා වැඩක් කරනවානම් කියන්නේ "වමට ගහනවා" කියල. ඒ කියන්නේ වමෙන් කරන හැමදේම නරකද..?. කෑම කන්න ඕන දකුණෙන්. එතකොට පස්චාත් භාගය පිරිසිදු කරන්න ඕන වමෙන්, ඔන්න ඔහොමයි පුංචිම කාලේ දෙමව්පියෝ ගුරුවරු ළමයින්ට උපදෙස් දෙන්නේ. ඔය කියපු වැඩ දෙක කරන අත් දෙක මාරු උනා කියලා ඒවා හරියට වෙන්නේ නැද්ද?..වම් අතින් කෑවම කැවෙන්නේ නැද්ද?..දකුණු අතින්.....

මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ දකුණු අත හුරු අය වෙනුවෙන්. වම් අත හුරු අයට දෙයක් කරොත් ඒ කලාතුරකින්, පුටුවක් හැදුවත්, කතුරක් හැදුවත්, මොන දේ හැදුවත් හදන්නේ දකුණ ගැන හිතලයි. මම කියන්නේ නෑ ඒ වගේම වමෙන් වැඩ කරන අයටත් ඒ දේවල් හැදෙන්න ඕන කියලා. අයි බැරි හැමෝටම සදාරණයක් වෙන විදියට හැම දේම නිර්මාණය කරන්න?. එහෙම උනා කියලා කාටවත් පාඩුවක් නැනේ?..

වම දකුණ කියන්නේ සංකල්පයක් විතරයි.නමුත් ඒ දෙයත් බමුණු මතවාදයක් ඔස්සේ විග්‍රහ නොකර, ප්‍රායෝගික විදියට හිතුවොත් මේ විදියට අසාදාරනයක් නොවේවි කියලා මම හිතනවා..මොකද..
"මමත් වමත් කාරයෙක්.."


Sunday, October 16, 2011

සරමක් අදින්නද?

"පුතේ  සරමක් අදින්නත් පුරුදු වෙන්න"...
අපේ අම්ම මට ඔය කතාව දැන් දහස් වාරයක් විතර කියල ඇති.කොහොම කිවත් මට නම් සරමක් ඇද ගෙන ඉන්න බැරි බව මම හොදට දන්නවා.මන් ඉතින් ශාන්ත දාන්තව ඉන්න හොද පුතානේ. සරමක් අන්ද කියල ඉස්සොරොම මතකයක් තියෙන්නේ මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේදී. පස්සේ දහම් පාසල් යන කලේ සරමක් ඇදන් ගියා, ඒකත් ලණුවකින් ගැට ගහලා.
 
ඇත්ත තමා, අපේ රටේ ජාතික ඇදුම.ඒ කීවට ඉතින්.. මං දන්නවනේ මං ගැන , ෂුවර් සරමක් ඇදන් නිදා ගත්තොත් උදේට සරම හොයන්න වෙනම මිෂන් එකක් දෙන්න වෙයි.අනිත් එක ඕක ඇදන් ඉන්න වෙලාවට බල්ලෙක් එහෙම පැන්නුවොත්, කොහොමද සනීපෙ?.මං මේ සරම් වලට අපහාස කරන්න හදනවා නෙවේ. නැත්නම් හෙට වෙනකොට මාව දේශද්‍රෝහියෙක් විදියට හංවඩු ගහයි.

මට හොද සරම් කතාවක් මතක් උණා. මේක වෙලා තියෙන්නේ සැහෙන කාලෙකට ඉස්සර,
ඒ කලේ ඉදල තියෙන්නේ ආරච්චිල තමයි ගමේ ලොක්කා,නැත්නම් පොර. ඉතින් මිනිහ පාරේ ගියත් කොහේ ගියත් (කොටුවක් පැන්නත්) උන්දැට හැමෝම ගරු කරනවා.පිරිමි උදවිය කැහැපොට ගහලා තියන සරම දික් කර ගන්නවා.අත්  දෙක එකතු කරලා වදිනවා. එහෙම තමයි ඒ කාලේ සිස්ටම් එක.
ඔන්න ඉතින් එක දවසක් උදේ ආරච්චි මහත්තයා කොහේ හරි  යන්න කියල ගමේ මිනිහෙක්ගේ වත්ත මැදින් (ෂෝර්ට් කට් )  හාමිනේත් එක්ක ගියාලු.

උදේ පාන්දරම සීතල හින්ද ගෙදර මනුස්සයත් මිදුලේ ගිනි මැලයක් ගහගෙන සරමත් පොරෝගෙන ඉන්නවලු. හදිස්සියේම මිදුල මැදින් එන ආරච්චි මහත්තයයි නෝනවයි දැකල, මේ මිනිහ කල බල උණා. ඉතින් මේ මනුස්සය පොරවන් හිටිය සරමට යටින් අත් දෙක අරන් නැගිටලා..
"ආයුබෝවන්ඩ ආරච්චි  මහත්තයා බැරක් වගේ?'...කියල බොහොම ගරු සරු ඇතිව කිව්වා . අරචචියි පව්ලයි දෙන්නා ලජ්ජාවෙන් රතු උණා... 
 
 මෙතනින් එහාට මොකද උනේ කියල මං කියන්න යන්නේ නෑ ඒත් ඉතින් මේ උණා වගේ දේවල් තව වෙන්න පුළුවන්නේ..
සරමක් අදින එක ගැන තව පාරක් හිතන්න ඕන....

Sunday, October 9, 2011

රාමුවෙන් ඔබ්බට......

මේ ලිපියට හේතු පාදකය වන්නේ "මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුඹේ වියපත් බඹරා" නම් ලිපියයි. ඔබ පළමුවෙන් දකින්නේ මෙම ලිපියනම්, කරුණාකර මීට පෙර පාරුවෙහි පල වූ "මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුඹේ වියපත් බඹරා" ලිපිය කියවා ඊට පසු මෙම ලිපියට යොමුවෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මන්ද පළමුවෙන් ඔබ මෙම ලිපිය කියවුවහොත් ඔබට මෙහි එන කතා පුවතෙහි අගක් මුලක් නොතේරනු ඇත.
මමද "මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුඹේ වියපත් බඹරා" නම් ලිපිය මුලින්ම කියවූ අවස්ථාවේ මා හටද ඇති වුයේ මෙහි එන කතා නායිකාව පිලිබඳ පිළිකුලකි. මන්ද මාද තරුණ ගැහැණු ළමයෙකු වන නිසාවෙනි. ඒ ඇති වූ පිළිකුලත්, අද සමාජය ඇදී යන අගාදාත්මක ස්වභාවය නිසාත් මා මේ පිලිබඳව, මාගේ ගුරුවරයෙකුද වන මනෝවිද්‍යා උපදේශකවරයෙකු සමගින් සාකච්චාවට බඳුන් කලෙමි.
මාත් ඔහුත් අතර ඇති වූ සංවාදය පහත දැක්වෙන පරිදිය....
මම: මෙම කතාවෙහි එන ගැහැණු ළමයාට තමාගේ පියාගේ වයසේ සිටින පුද්ගලයෙකු සමඟ සම්බන්දතාවයක් ඇති කර ගැනීමට තරම් පහත් මානසිකත්වයක් ඇති වුයේ ඇයිද?
මනෝ උපදේශකවරයා: දරුවා ඔබට ඔබගේ පියාත් සමගින් කතා බස් කරනවිට, ඔහුත් සමඟ ගමනක් යනවිට ඔබට දැනෙනුයේ කෙසේද?
මම: මට බොහොම ආරක්ෂාකාරී හැගීමක් දැනෙනවා, එක බොහොම බලගතු හැගීමක්, ඒක මට ආයේ දැනෙන්නේ මගෙ මව අසලදී පමණයි.
මනෝ උපදේශකවරයා: හොඳයි, අර තරුණියටත් ඒ හැගීමම දැනෙනවද කියල ඔබ සිතුවද?
මම: ඒත් මට ඒ හැගීම දැනෙන්නේ මගේම පියා අසලදී, අර තරුණියගේ පියා නෙමෙයි මේ සිදුවීමට සම්බන්ද වෙන්නේ?
මනෝ උපදේශකවරයා: ඒත් ඔබට ඒ තරුණියගේ හැගීම් දැනුනද? එහෙම නැත්නම් ඒ දෙන්නගේ කතා බහේ වෙනසක් දැක්කද? නෑ නේද? ඔබල දැක්කේ, ඒ තරුණිය ඒ වයසක පුද්ගලයට බොහොම සමීප වී සිටිනවා පමණයි නේද?
මම: ඔව්, එතකොට ඔබ පැහැදිලි කරන්නේ මේ දෙදෙනා අතර අසම්මත සම්බන්දයක් නැහැ කියලද?
මනෝ උපදේශකවරයා: ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ අපි එය සංජානනය කර ගන්නා ආකාරයයි. අපිට මෙහි සත්‍ය සිදුවීම දැනගැනීමට හැකිවන්නේ ඒ දෙදෙනාගෙන්ම පමණයි.
මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්, මං ලඟට එන සේවා දායකයින්ගේ පුද්ගලිකත්වය මට ගොඩක් වැදගත් නිසා මං සිද්දිය විතරක් කියන්නම් වෙනත් නම් ගම ඇසුරු කර ගනිමින්.
මගේ විශ්ව විද්‍යාල මිතුරෙක් ඉන්නවා කසුන් කියල, මේ සිදුවීමට සම්බන්ද වෙන්නේ ඔහුගේ මිතුරෙක් වන සංඛ. සංඛ උපාධිය අරගත්තත් එක්කම විවාහ වුණා. සංඛත්, බිරිඳත්, සංඛගේ මවත් පියාත් ජීවත් උනේ සංඛගේ මහගෙදර. සංඛගේ අම්මයි තාත්තයි, බොහොම ආදරෙන් ජීවත් වෙච්ච යුවලක්. පුතාගේ විවාහයත් එක්ක මේ දෙන්නගේ බැඳීම තව තවත් ශක්තිමත් වුණා. ඒත් හදිසියේම සංඛගේ අම්ම අන්ත්‍රා වුණා. මේ සිදුවීමෙන් අසරණ උනේ සංඛගේ තාත්තා. පුතයි ලේලියි උදේ පාන්දරම වැඩට ගියහම ඒ දෙන්න එන්නේ රෑ කළුවරත් ගෙට ගොඩවෙලා සැහෙන වෙලාවක් ගියාට පස්සේ, මේ නිසාම සංඛගේ තාත්තා නගරේ පුස්තකාලෙට, නගර උද්‍යානයට යන එක දින චර්යාවේ අංගයක් බවට පත් උනා. මේ ගමන් බිමන් වලදී සංඛගේ තාත්තට හිතවත් උනේ සමවයස් යහළුවන් වෙනුවට හැඩකාර තරුණියක්. මේ පිලිබඳව සියළුමදෙනා දැරුවේ එකම මතයක්. වයසට ගිහිල්ලවත් මේ මිනුස්සු හැදෙන්නේ නෑ කියලයි හැමෝම හිතුවේ, මේ සිදුවීම් සමුදාය සිදුවෙද්දී සිත් කලකිරිච්ච සංඛ, බිරිඳවත් අරන් පිටරටක පදිංචියට ගියා. මේ දෙන්නව මං ගාවට අරන් ආවේ කසුන්, සංඛගේ මිතුරා. අපි සියලු දෙනා හමු වුනේ හෝටලයක දවල් කෑමකදී. අපි සාමාන්‍ය අන්දමට කතාබහ කර කර ඉන්න අතරේ මං ඔහුගෙන් ඇහුවා ඔබ මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කියා, ඔහු මං දෙස මොහොතක් නිහඬව බල සිටියා. ඊට පස්සේ බොහොම පැහැදිලිව කරුණු පැහැදිලි කළා. ඔහු කිව්වේ බොහොම අපූරු කතාවක්. මහත්මයා මේ දරුවත් මාත් අතර තිබෙන සම්බන්ධය අපි දෙදෙනාට හැර අනිත් සියළුම දෙනාට ප්‍රශ්නයක් කියල මං හොදටම දන්නවා, මගේ පුතා උනත් මාව දාලා ගියේ මේ දිහා ඔහු පැහැදිලි මනසකින් බැලුවේ නැති නිසා, තමන්ගේ තාත්තව තේරුම් ගන්න එයාට බැරි උනා. එක එයාගේ දුර්වලතාවයක්, මං ඒක ගැන පසුතැවෙන්නේ නැහැ. මේ දරුවත් මාත් අතර තියෙන සම්බන්ධය බොහොම පැහැදිලි පිරිසිදු එකක්. හැමෝම හිතුවේ මගේ නෝනගේ තැන මේ දරුවා අරන් කියලා. මගේ නෝනා වගේ අය ඉන්නේ එක්කෙනයි මහත්තයෝ, එයාගේ තැන ගන්න මේ ලෝකේ කාටවත් බැහැ. මං මේ දරුවට ආදරේ කරන්නේ මගේ දුවට වගේ, ඒත් ඒ දේවල් සිදු උනේ නෝනගේ මරණයෙන් පස්සේ නිසා ඒක සියළුම දෙනා වැරදි විදිහට අවබෝධ කර ගත්තා. මගේ නෝනා ඉන්න කාලේ මට වෙන කවුරුවත් ඕන උනේ නැහැ තමයි, මොකද ඇය මට බිරිඳක් විතරක් නෙමෙයි හොඳ මිතුරියකුත් උනා. ඒත් එක්කම මේ සිදුවීමට සම්බන්ද වෙන තවත් සිදුවීමක් තියෙනවා. මගේ බිරිඳට පුතා හම්බ වෙච්ච වෙලාවේ කරපු සැත්කමෙන් පස්සේ ඇයට නැවත දරු උපතක් සිද්ද කරන්න බැහැ කියලා වෛද්‍යවරු කිව්වා, දුවෙකුටත් කැමති වෙලා හිටපු මට බිරිඳගේ වේදනාව නැතිකරන්න ඒ හැගීම් පිට නොකර ඉන්න සිද්ද උනා. ඒත් ඒ කැමැත්ත නැති උනේ නැහැ. මේ ගැණු දරුවාගෙන් මං දැක්කේ අපේම දුවෙකුගේ ආදරේ, ඒ වගේම මේ දරුවගේත් අම්මයි තාත්තයි පොඩි කාලෙම නැති වෙලා, ඒ දරුව මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් තාත්තා කෙනෙකුගේ ආදරේ විතරයි. එතනින් එහාට ගියා කිසිම සම්බන්දකමක් අපි දෙන්න අතරේ නැහැ, මිනිස්සු මේ දිහා වැරදි විදිහට බැලුවට මට කරන්න දෙයක් නැහැ, මං ඒ පිලිබඳ සැලකිලිමත් වෙන්නෙත් නැහැ.
ඉතින් දැන් ඔබට තේරෙනවා නේද සමහර සම්බන්ධකම් වල ඇතුල් පැතිත් තියෙනවා කියලා, මේ දේවල් තරාදියක දෙපැත්තට දාලා කිරන්න මනින්න අපට පුළුවන් උනාට, මේ සිදුවීම් වලට සම්බන්ද පුද්ගලයින්ගේ ජීවිත කොච්චර සංකීර්ණද කියලා අපට මේ හරහා තේරුම් ගන්න පුළුවන් නේද? ඒ නිසා රාමුවෙන් ඔබ්බට ගිහිල්ල සමාජීය කරුණු පිලිවෙලින් රැස් කරලා සමහර පුද්ගලයෝ ගැන තීරණ ගන්න ඕනේ කියලා මගේ ගුරුවරයා මට බොහොම කරුණාවෙන් පැහැදිලි කළා.
සැකිල්ලෙන් ඔබ්බට සිතන්නට යමක්.........

Saturday, October 8, 2011

මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුබේ වියපත් දෙබරා

"මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා "..
කියල කිව්වේ සැබෑ නොවූ, සිතිවිලි වලින් පමණක් පෙම් කර පරාද උන වියපත් "ප්‍රේමවන්තයෙක්"...
ආදරේට වයස් බේදයක්, පාට බේදයක්,ජාති බේදයක්, ආගම බේදයක් නෑ කියල කතවක් තියනවනේ.මට නම් හිතෙන්නේ ආදරේ කියන එකට විලි ලැජ්ජාව කියල දෙයක් නෑ කියලයි..වෙන්න පුළුවන් , ඒ උනත් තව කෙනෙක් කියාවි ඒක හැගීමක් කියල එතකොට කොහෙන්ද ලැජ්ජාවක්???..
ඒක වෙනම දෙයක්නේ...මං මෙතන ඒක ගැන කියවල නිකං චාටර් වෙන්නැතුව කියන්න ආපු කතව කියන්නම්කො..ඒක කියවපුවම මං දැගලුවේ මොකක් කියන්නද කියල හිත ගන්න පුළුවන් වේවි..

මේකට දෙන්නෙක් සම්බන්දයි...කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගැන ආදර කතාවක් තමයි..ඒ උනත් මේක ටිකක් වෙනස් විදියේ කතාවක්..මේකේ ඉන්න කොල්ලට 60 ක් විතර ඇති කෙල්ලට 23 ක් විතර ඇති..මේ සිද්දිය සිද්ද උනේ අවරුදු දෙක තුනකට කලින්..පුදුම හිතෙනවා තමයි ඒ උනාට ඇත්ත...
මං ඔය කලේ ඒලෙවෙල් ක්ලාස් යනවා.උදේට ක්ලාස් යන්න ආපුවම හැමදාම එකෙක් දෙන්නෙක් අඩුයි..අපේ එවුන් හැමදාම වෙලාවට වැඩ කරපු අයනේ..එක්කෝ එකෙක් දෙකෙක් "විටමින්" ගන්න ගිහිල්ල. ඉතින් හැමදාම උදේට පය බාගෙක විතර කට්ටක් කනවා..

දවසක් ඔහොම චාටර් වෙලා ඉන්නකොට..පට්ට කැල්ලක් බැස්සනේ..අම්මට සිරි..යකෝ එකී නිකං හින්දි නිලියක් වගේ මාර ලස්සනයි.ටිකක් විතර මෝඩ උනාට පොඩි අහිංසක ගතියක් නැත්තේම නෑ..අපිත් ඉතින් පැණි පෙර පෙර ඉන්නකොට..අර කියපු අන්කල් කොල්ල ආවා..අපි මිනිහට "ආකාශ්" කියමුකෝ.මිනිහ ආපු ගමන් කෙල්ලව එක්කන් ලගම තිබ්බ කඩේ ඇතුලට ගියා..මත ඉතින් එතන හිටපු කොල්ලොත් එක්ක කෙල්ල ගැන හිනා මව මව හිටිය.සමහර එවුන් දැනටමත් "ආකාශ්" මාමා කරගෙන (අපි හිතුවේ ඒ මිනිහගේ දුව කියල).

ඔන්න ඔය අතරේ අපේ විටමින් සෙට් ඒක ආවා. උන් සාමාන්‍යයෙන් විටමින් ගන්න යන්නෙත් ඔය කඩේටමයි.අපිත් ඉතින් උන්ට වෙච්ච වැඩේ රහ කර කර කිව (කෙල්ල අපිට ලයින් එකක් දැම්ම කියලත් කිව.). ඒක අහපු ගමන් අරුන් සෙට් එක බක බක ගල හිනා වෙන්න පටන් ගත්ත.අපි දැන් හොල්මන් වෙලා..

"යකෝ, ඒ ආකාශ් කාරයාගේ දුව නෙවේ බන්, ඒ උගේ කෑල්ල..".. ඕකි ______ ගර්ල්ස් කොලේජ් එකට ගියේ. ඕකිව එකෙනුත් අයින් කර මේ කේස් එක මාට්ටු වෙලා."..
මං ෆුල් හොල්මන්..මට මු කියන එක ෂුවර් නෑ ඉතින්.. මොකෝ මේවා කවදා අහපු දේවල්ද?.
"අඩේ බොරු නොකිය ඉදින් බං.. උබල නිකං ඉරිසියාවට පද හදනවා.."
"බොරු, යකෝ අපි හැමදාම ඔය කඩේට යනවා , අපි ඕක හැමදාම දකිනවා , උබට ෂුවර් නැනේ වරෙන් පෙන්නන්න".....

අපිත් ඉතින් මොක් කියල ගියා බලන්න කඩේ ඇතුලට..ඔකේ විටමින් ගන්න තැන තියෙන්නේ ටිකක් ඇතුලට වෙන්න..අපිත් ගියා ඒ හරියට...
මාව නිකං සිතල වෙලා ගියා වගේ උණා.. යකෝ අර ලස්සන කෙල්ල අර නාකි හිපාටුවට තුරුල් වෙලා ඉන්නවා..
නොදකින්...
ඒක දැක්ක ගමන් අපි ටික එලියට ආවා... මට නම් කෙල්ලොත් එපා උණා ඕක හින්ද...චික් විතරක්..
තමුන්ගේ තාත්තා විතර මිනිහෙක් එක්ක??
තමුන්ගේ දුව වගේ කෙල්ලෙක් එක්ක??

අමරසිරි පිරිස් මහත්තයගේ අර ලස්සන සින්දුව මගේ ඔලුව ඇතුලේ වෙන විදියකට කැරකෙන්න ගත්ත..
"මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුබේ වියපත් දෙබරා "...

Thursday, October 6, 2011

මහ මඟ සිඟා කන මාතෘ ප්‍රේමය

එදා ඒ සිදුවීම වෙලා අදට අවුරුදු 28 ක් ගතවෙලා තිබුනත්, වැසි දවසකට මගේ ජීවිතේ වෙනස් කරන්නට හේතු පාදක උන ඒ සිදුවීම එයාකාරයෙන්ම මගේ මනසට ගොඩවෙන්නේ මගේ ආරාධනයක් නැතුවම නෙමේ. එක බත් ඇටයක් හොයාගන්න මහමග යන එන හැම දෙන දිහාවේම අසරණ බැල්මක් රඳවාගෙන බැලුවත්, ඒ කවුරුත් එහා මෙහා යන්නේ, අපිට කිසිම හැගීමක් දැනීමක් නැති ගානට.. අවුරුදු 7 දරුවෙකුට මේ වගේ සිදුවීම් දුලබ සිත් පාරන සිද්දි වුනත්, අපි වගේ යාචක දරුවන්ට මේ සිද්දි සාමාන්‍ය එදිනෙදා සිදුවෙන සිදුවීම් විතරයි. "ගන්න පුතා.." එදා වැස්සෙන් මුළු නගරයම වස ගතට දවසක, ලස්සන මටසිළුටු දෑතකින් සුදුපාට කවරෙක ඔතපු බත් පාර්සලයක් එක්කම මගේ දිහාවට පා වෙලා ආපු ඒ වචන ටිකටයි, දාරක ප්‍රේමය වැහුණු නෙත් දෙකටයි මම බත් පාර්සලයට වඩා ආසක්ත වුනා කියල මගේ මතකයට අද නැගෙන්නේ, මුවගට හීන් හිනාවකුත් එක් කරමින්. එදායින් පස්සේ ඒ බත් පාර්සලය එක්කම ඒ ලෙන්ගතු හිනාවත්, මම ආසක්ත වෙච්ච ඒ ආදරණීය වචන පෙළත් නිතරම ලැබුනේ ජීවිතේ මෙයයැයි ඒකාලයේ මා හට පසක් කරලමින්. අඳුරුව වසාගත්ත නගරය ඇතුලේ ඒ මූසල දවස ඒ තරම් ඉක්මනින් මට බලාපොරොත්තු වෙන්න තරම් මම පව් කාරයෙක් උනේ ඇයිද කියල ඒ දවසේ මම නිතරම ප්‍රශ්න කලත් ඒ සිදුවීම නොවෙන්න අද මම මේ තත්වයෙන් නොයින්න තිබුණා. ඒ ආදරණීය පුංචි නෝනා එදා කෑම ගොඩක්, ඇදුම් ගොඩක් එක්කම ලස්සන මහත්තයෙකුත් එක්කගෙන ඇවිත් තිබුණා. " මම කසාද බැදලා රට යනවා, ඔයාට හැමදාම මේ වගේ කෑම එක ලැබෙයි, මට මීට වඩා ඔය වෙනුවෙන් කරන්න යමක් බෑ පුතේ,කොච්චර සල්ලි තිබුනත් අපිත් අසරණ වෙන වෙලාවල් තියෙනවා". ඒ පුංචි නෝනා එදා එහෙම කිව්වේ ඇයි මට නොතේරුණත් හිත පිත් නැති ඉහල සමාජ ඇතුලේ හිර වෙච්ච 'මනුස්සයොත්' ඉන්නවා කියල අද පැසුණු මනසකින් යුත් මට වැටහෙනවා. එදා ඒ සිදුවීමෙන් පස්සේ මට අම්ම කෙනෙක් වගේ ලග හිටිය ඒ පුංචි නෝනගේ අඩුව පුරව ගන්න ලග තිබ්බ විහාරස්ථානෙට ගොඩ වැදුනේ කොහොමද කියන්න මට අදටත් නොවහැටුනත් සංසාරික පුරුදු නේද මේ කියල අර්ථ දක්වන්න මට අද පුළුවන් වෙලා තියෙනවා. ඒ ගොඩ වැදීම අද හිමිනමක දක්වා වර්ධනය වුනත්, ඒ සිදුවීම මට හිතකාමී සිතුවිල්ලක් වීම වලක්වන්නට තරම්, අදටත් මම පෘතග්ජනත්වයෙන් මිදී නැහැ.

වැහිලිහිණියේ නුඹ පුංචි වුද තරමටම
මට සතුටු අනාවැකි ගෙනෙයි නුඹ ඉදහිටම
පාරවන මුදු නමුදු ඒ සොදුරු අතීතය
තවම මම සෙනෙහසයි ඒ අඳුරු වැසි දිනට

වැසි දිනක හමු වූද එදා මට ඇය නෙතඟ
පුතණුවක වන තරම සිත පාමි ළඟ හිඳම
සෙනෙහසින් මුහුම් කළ ඒ බැල්ම දුටු සැනින
සිතෙයි මට නටන්නට පුංචි වැහි පොද යටම

අකුණු වැසි කඩා හැලුණු ඒ අඳුරු වැසි දිනේ
මා දෙනෙත දුටු දසුන පාරවයි මගේ සිතේ
ඒ නෙතඟ අන්සතුය හිමිනොවේ කිසිදිනක
වැසි පොදට පෙම් කරමි මව්නි නුඹ අන්සතුය

Sunday, October 2, 2011

ආච්චිට හාල් ගැරීම..

මේ දහපදුරා කාලේ වගේ නොවෙයි බොලව් ඒ කාලේ...කොයි ත‍රම නිස් කලන්කද?.. දැන් වගේ ඔය වැර්ලස් කලි අටෝගන පස්ස කැඩිච්ච කඩි වගේ  එහාට මෙහාට පට පට ගල කරෙකොන ආටද බාටද කෙහෙල්මල් තිබ්බේ නෑ නොවැ... ඒ කාලේ තිරික්කලෙන් හරි, ගොන් කරත්තෙන් හරි එහෙමත් නැත්තම් මේ කකුල් වලින් නොවැ එහෙ මෙහෙ ගැටුවෙ..කොහෙද බොලාලට අඩියක් දෙකක්  පයින් ගාටන්න බෑ..කකුල් කඩිත්තුව ..අනිච්චේ  දුක්කේ කිවලු ...
 කොහෙද බොලලා බඩ පැලෙන්න ගිලින්නේත් දහ ජරවනේ...ඒ මෙලෝ ජරාවක් කටේ තියන්න බෑ බොලව්...තුහ් තුහ්..
ඒ කාලේ අපි අල බතල කල අග පත වෙහෙසල වැඩ කොරා...එහෙව් ජාතියක මිනිස්සු බොලව් අපි...ඒත් තොපිට එක පැයක් වැඩක් කරොත් පැය දහයක් විතර අමාරුයි... කම්මැලි හැත්ත නොදෝමකින්.....
දැන් ඉතින් ඉන්නේ ජාතියක් ජම්මයක් හොයා ගන්න බැරි එව්වුල නොවැ..කොල්ලෝ කුරුට්ටෝ කොන්ඩවල් වවාගෙන..නහයයි කනුයි හැම තැනම හිල් කොරගෙන යකඩ පට්ටම් එල්ලගෙන..ලමිස්සියෝ ජංගි කොටයි කලිසම් කෑලියි එල්ලගෙන..හනේ හප්පොච්චියෙ මේවා දකින්ට අපිත් ඉන්නවා නොවැ...
මුන් කතා කොරන්නේ කුණුහරුපෙන් වගේ..ඒරොප්පේ එව්වෝ කතා කොරන ඒවයි..අපේ උන් කතා කොරන ඒවයි කවලම් කොරලා...ඕවා ඇහෙනකොටත් බඩ කකියනවා..
 දැන් ඉන්න එකියකට හරියට බතක් වත් තඹ ගන්ට පුලුවන්ද බෑ නොවැ..එක්කෝ බත ලිප තිය ගන්න ලිපක් හදා ගන්න පුළුවන්ය...අපේ කාලේ අපි ලිප හදල කොරලා..ගොම මැට්ටෙන් පිළියම් කොරලා..කාලේ ගොහින් දර හොයාගෙන නොවැ ලිප ගිනි දැල්ලුවේ...
කොහෙද මේ කාලේ එකියන්ට හාල් ගරා ගන්නවත් පුලුවන...කොහෙද මුන්ගේ මිනිහලත් මුන්ට එක එක විච්චුරන..කැලි බැලී ගෙනත් දීලා..රසේ කුක්කරේද මොකද්දෝ එකෙන් බත් නිකනම් තම්බල ගන්නවලුනේ...
නොදකින් මෙහෙම බත් තමබනට වැඩ කොච්චර පිරියමද කොරහෙන් නැබිලියෙන හල ටික ගරා ගන්න එක...
අපුච්චේ මේ කොලම කැලි දකිනට වඩා හොදා මියැදිලා ගියානම්...හ්ම්ම්ම්ම්ම්    

Saturday, October 1, 2011

කොලබ සන්නිය

ඔන්න ඉතින් එකමත් එක කාලෙක හිටපු ලොවෙත් නැති හත් දෙනෙක්..කොලබ යන්න හිතුවලු..එකත් ඉතින් ලොවෙත් නැති කතාවක්, මුන් හත්දෙන හිටපු තැනත් මුන්ගේ විදියට වෙනස් කරාලු..ඒකට නම් ඉතින් 42ක් ම හිටියා...දැන් ඉතින් කොලබ සන්නිය නටන්න යන්නේ හතයි.. ඉතින් ඉන්න බවනකුත් හොයා ගත්ත කියමුකෝ..එකත් තියෙන්නේ මාරු පොට් එකක. ඒ ගැන විස්තර පස්සේ බලමුකෝ.
 මොන වෙඩිමකට ගියත් කලින් යන්ටත් ඕන, ප්ලැනකුත් තියෙන්ට ඕන කියල මොකෙක් හරි කියල ඇතිනේ..එහෙම කියපු එකෙක් නැත්නම්, ඔන්න දැන් මංම කීවා..
ඉතින් මේ කට්ටිය අරෙහෙට ගියා..කිරි අප්පට හාවෝ පැනපි කිවලු...යකෝ .....මේක මාර හුටප්පරයක්නේ?? හිටපු තැන නම් මෙහෙම හොල්මන් වැඩ නෑ..තැන තැන කට්ටිය පාඩම් කොරනවා,ඉවර උන හැටියේම වාෂ්ප වෙනවා,,,සින්දු කියන්න කෙනෙක් නෑ සෙල්ලන් කොරන්න කෙනෙක් නෑ..හනේ පව් අසරණ ළමයි මේ කිසි දෙයක් නොදැන ඔහේ පුටු රත් කර කර වේදිකාවට ගොඩ වෙන මනුස්සය කියන දේවල් වලට කටුස්සෝ වගේ ඔලුව වන වන ඉන්නවා..

හරිම සෝචනීය තත්වයක්..අර "චතුවා" නිතර කියනවා වගේ "ඇඩෙනවා තනි ඇහැට".. 
මේ විදින දුක නැති කරන්න හිතාගෙන කොලබ ගොඩ නගන්න .දියුණු කරන්න තියන පහසුකම් වැඩි දියුණු කරන්න  අපි අලුත් වැඩ පිළිවෙලකට ඇත ගහන්න හිත ගත්ත.
ඒවා ඉතින් අවට ගියාට කොරන්නත් බෑ..මොකෝ මුන්ව වෙනස් කොරන්ට ඉතින් ටිපෙට්ස් ගාලම මකන්න වෙයි.. මේක ඉතින් කෙටි කාලින  චන්දෙ බලාගෙන කරන එකක් නෙවේ ඉතින්...
හෙන ලොකු "ප්‍රොජෙක්ට්" එකක්..එහෙම කීවට අර අපේ "ෆයිනල්" එක වගේ එකක් එහෙම නොවේ ඔන්න..

එහෙනම් මෙන්න මේකයි ප්‍රතිපත්ති මාලාව..

01.සියලුම දෙනාට විනෝදමත් පරිසරයක් ගොඩ නන්වන්නෙමු . ඒ සදහා ගතයුතු ක්‍රියා මාර්ග ක්ෂණිකව ක්‍රියාත්මක කරන්නෙමු.
02.සියලුම ක්‍රීඩකයින් හට අලුත් ක්‍රීඩාවක් ලෙස බූරුවා ගැසීම සහ ඕමි ක්‍රීඩාව හදුන්ව දෙමු.ඒ සදහා කියවීම් ශාලා සහ ආපන ශාලා පිළිසකර කරන්නෙමු.
03.ලැප්ටොප් හරහා නව බයිස්කෝප්, සින්දු සහ ටි වී සිරිස් බෑ ගත කිරීමට අදාල "ලින්ක්" ලබා දෙන්නෙමු.
04. පඩි පෙළවල් මත වැඩි වී සිටීමට දිරි ගන් වන්නෙමු .
05.මසකට වරක් වත් අසල පිහිටි පිට්ටනියකට ගොස් සෙල්ලම් කරීමට අවකාශ සලසා දෙන්නෙමු.
06.විශේෂ ක්‍රීඩා තරගා වලි හා උත්සව අවස්ත සංවිදානය කිරීමට දිරි ගන්වන්නෙමු.
06.බාහිර කටයුතු වල වැඩි පුර යෙදිමටත් විබාග කටයුතු නිසි පරිදි සැලසුම් කිරීමටත් පුහුණුවක් ලබා දෙන්නෙමු.
07.තවද සියලුම පිරිමි ළමයින්ට "අපි" ආකාරයේ හැසිරීම් රටාවක් හුරු කර වන්නෙමු.
08.නිදැල්ලේ ගැවසීම හා නිකරුනේ කාලය ගත කරන ආකාරය ගැන මන වැටහීමක් ලබා දෙන්නෙමු.
09.පිස්සු හැසිරීම් රටාවක් හුරු කිරීමට කෙටි කාලින පුහුණු පාටමල අරබන්නෙමු.
10.තමුන්ගේ ගෙදර මෙන් හැගෙන පරිදි සියලුම බාහිර කරදර හා බලවේග නිහඩ කර වන්නෙමු....

මෙම දස වැදෑරුම් ප්‍රතිපත්ති  මාලාව ඔස්සේ  කොලබ , නුවර බදු සුරපුරයක් කිරීමට දිවිහිමියෙන් කැපවෙන බවට දිවුරා පොරොන්දු වෙමු.
අවවාදයයි:ලගදීම කොලබ සන්නිය නැටීම අරබනු ඇත...සුදා නම් වී සිටින්න.


වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...