Sunday, October 9, 2011

රාමුවෙන් ඔබ්බට......

මේ ලිපියට හේතු පාදකය වන්නේ "මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුඹේ වියපත් බඹරා" නම් ලිපියයි. ඔබ පළමුවෙන් දකින්නේ මෙම ලිපියනම්, කරුණාකර මීට පෙර පාරුවෙහි පල වූ "මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුඹේ වියපත් බඹරා" ලිපිය කියවා ඊට පසු මෙම ලිපියට යොමුවෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මන්ද පළමුවෙන් ඔබ මෙම ලිපිය කියවුවහොත් ඔබට මෙහි එන කතා පුවතෙහි අගක් මුලක් නොතේරනු ඇත.
මමද "මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුඹේ වියපත් බඹරා" නම් ලිපිය මුලින්ම කියවූ අවස්ථාවේ මා හටද ඇති වුයේ මෙහි එන කතා නායිකාව පිලිබඳ පිළිකුලකි. මන්ද මාද තරුණ ගැහැණු ළමයෙකු වන නිසාවෙනි. ඒ ඇති වූ පිළිකුලත්, අද සමාජය ඇදී යන අගාදාත්මක ස්වභාවය නිසාත් මා මේ පිලිබඳව, මාගේ ගුරුවරයෙකුද වන මනෝවිද්‍යා උපදේශකවරයෙකු සමගින් සාකච්චාවට බඳුන් කලෙමි.
මාත් ඔහුත් අතර ඇති වූ සංවාදය පහත දැක්වෙන පරිදිය....
මම: මෙම කතාවෙහි එන ගැහැණු ළමයාට තමාගේ පියාගේ වයසේ සිටින පුද්ගලයෙකු සමඟ සම්බන්දතාවයක් ඇති කර ගැනීමට තරම් පහත් මානසිකත්වයක් ඇති වුයේ ඇයිද?
මනෝ උපදේශකවරයා: දරුවා ඔබට ඔබගේ පියාත් සමගින් කතා බස් කරනවිට, ඔහුත් සමඟ ගමනක් යනවිට ඔබට දැනෙනුයේ කෙසේද?
මම: මට බොහොම ආරක්ෂාකාරී හැගීමක් දැනෙනවා, එක බොහොම බලගතු හැගීමක්, ඒක මට ආයේ දැනෙන්නේ මගෙ මව අසලදී පමණයි.
මනෝ උපදේශකවරයා: හොඳයි, අර තරුණියටත් ඒ හැගීමම දැනෙනවද කියල ඔබ සිතුවද?
මම: ඒත් මට ඒ හැගීම දැනෙන්නේ මගේම පියා අසලදී, අර තරුණියගේ පියා නෙමෙයි මේ සිදුවීමට සම්බන්ද වෙන්නේ?
මනෝ උපදේශකවරයා: ඒත් ඔබට ඒ තරුණියගේ හැගීම් දැනුනද? එහෙම නැත්නම් ඒ දෙන්නගේ කතා බහේ වෙනසක් දැක්කද? නෑ නේද? ඔබල දැක්කේ, ඒ තරුණිය ඒ වයසක පුද්ගලයට බොහොම සමීප වී සිටිනවා පමණයි නේද?
මම: ඔව්, එතකොට ඔබ පැහැදිලි කරන්නේ මේ දෙදෙනා අතර අසම්මත සම්බන්දයක් නැහැ කියලද?
මනෝ උපදේශකවරයා: ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ අපි එය සංජානනය කර ගන්නා ආකාරයයි. අපිට මෙහි සත්‍ය සිදුවීම දැනගැනීමට හැකිවන්නේ ඒ දෙදෙනාගෙන්ම පමණයි.
මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්, මං ලඟට එන සේවා දායකයින්ගේ පුද්ගලිකත්වය මට ගොඩක් වැදගත් නිසා මං සිද්දිය විතරක් කියන්නම් වෙනත් නම් ගම ඇසුරු කර ගනිමින්.
මගේ විශ්ව විද්‍යාල මිතුරෙක් ඉන්නවා කසුන් කියල, මේ සිදුවීමට සම්බන්ද වෙන්නේ ඔහුගේ මිතුරෙක් වන සංඛ. සංඛ උපාධිය අරගත්තත් එක්කම විවාහ වුණා. සංඛත්, බිරිඳත්, සංඛගේ මවත් පියාත් ජීවත් උනේ සංඛගේ මහගෙදර. සංඛගේ අම්මයි තාත්තයි, බොහොම ආදරෙන් ජීවත් වෙච්ච යුවලක්. පුතාගේ විවාහයත් එක්ක මේ දෙන්නගේ බැඳීම තව තවත් ශක්තිමත් වුණා. ඒත් හදිසියේම සංඛගේ අම්ම අන්ත්‍රා වුණා. මේ සිදුවීමෙන් අසරණ උනේ සංඛගේ තාත්තා. පුතයි ලේලියි උදේ පාන්දරම වැඩට ගියහම ඒ දෙන්න එන්නේ රෑ කළුවරත් ගෙට ගොඩවෙලා සැහෙන වෙලාවක් ගියාට පස්සේ, මේ නිසාම සංඛගේ තාත්තා නගරේ පුස්තකාලෙට, නගර උද්‍යානයට යන එක දින චර්යාවේ අංගයක් බවට පත් උනා. මේ ගමන් බිමන් වලදී සංඛගේ තාත්තට හිතවත් උනේ සමවයස් යහළුවන් වෙනුවට හැඩකාර තරුණියක්. මේ පිලිබඳව සියළුමදෙනා දැරුවේ එකම මතයක්. වයසට ගිහිල්ලවත් මේ මිනුස්සු හැදෙන්නේ නෑ කියලයි හැමෝම හිතුවේ, මේ සිදුවීම් සමුදාය සිදුවෙද්දී සිත් කලකිරිච්ච සංඛ, බිරිඳවත් අරන් පිටරටක පදිංචියට ගියා. මේ දෙන්නව මං ගාවට අරන් ආවේ කසුන්, සංඛගේ මිතුරා. අපි සියලු දෙනා හමු වුනේ හෝටලයක දවල් කෑමකදී. අපි සාමාන්‍ය අන්දමට කතාබහ කර කර ඉන්න අතරේ මං ඔහුගෙන් ඇහුවා ඔබ මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කියා, ඔහු මං දෙස මොහොතක් නිහඬව බල සිටියා. ඊට පස්සේ බොහොම පැහැදිලිව කරුණු පැහැදිලි කළා. ඔහු කිව්වේ බොහොම අපූරු කතාවක්. මහත්මයා මේ දරුවත් මාත් අතර තිබෙන සම්බන්ධය අපි දෙදෙනාට හැර අනිත් සියළුම දෙනාට ප්‍රශ්නයක් කියල මං හොදටම දන්නවා, මගේ පුතා උනත් මාව දාලා ගියේ මේ දිහා ඔහු පැහැදිලි මනසකින් බැලුවේ නැති නිසා, තමන්ගේ තාත්තව තේරුම් ගන්න එයාට බැරි උනා. එක එයාගේ දුර්වලතාවයක්, මං ඒක ගැන පසුතැවෙන්නේ නැහැ. මේ දරුවත් මාත් අතර තියෙන සම්බන්ධය බොහොම පැහැදිලි පිරිසිදු එකක්. හැමෝම හිතුවේ මගේ නෝනගේ තැන මේ දරුවා අරන් කියලා. මගේ නෝනා වගේ අය ඉන්නේ එක්කෙනයි මහත්තයෝ, එයාගේ තැන ගන්න මේ ලෝකේ කාටවත් බැහැ. මං මේ දරුවට ආදරේ කරන්නේ මගේ දුවට වගේ, ඒත් ඒ දේවල් සිදු උනේ නෝනගේ මරණයෙන් පස්සේ නිසා ඒක සියළුම දෙනා වැරදි විදිහට අවබෝධ කර ගත්තා. මගේ නෝනා ඉන්න කාලේ මට වෙන කවුරුවත් ඕන උනේ නැහැ තමයි, මොකද ඇය මට බිරිඳක් විතරක් නෙමෙයි හොඳ මිතුරියකුත් උනා. ඒත් එක්කම මේ සිදුවීමට සම්බන්ද වෙන තවත් සිදුවීමක් තියෙනවා. මගේ බිරිඳට පුතා හම්බ වෙච්ච වෙලාවේ කරපු සැත්කමෙන් පස්සේ ඇයට නැවත දරු උපතක් සිද්ද කරන්න බැහැ කියලා වෛද්‍යවරු කිව්වා, දුවෙකුටත් කැමති වෙලා හිටපු මට බිරිඳගේ වේදනාව නැතිකරන්න ඒ හැගීම් පිට නොකර ඉන්න සිද්ද උනා. ඒත් ඒ කැමැත්ත නැති උනේ නැහැ. මේ ගැණු දරුවාගෙන් මං දැක්කේ අපේම දුවෙකුගේ ආදරේ, ඒ වගේම මේ දරුවගේත් අම්මයි තාත්තයි පොඩි කාලෙම නැති වෙලා, ඒ දරුව මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් තාත්තා කෙනෙකුගේ ආදරේ විතරයි. එතනින් එහාට ගියා කිසිම සම්බන්දකමක් අපි දෙන්න අතරේ නැහැ, මිනිස්සු මේ දිහා වැරදි විදිහට බැලුවට මට කරන්න දෙයක් නැහැ, මං ඒ පිලිබඳ සැලකිලිමත් වෙන්නෙත් නැහැ.
ඉතින් දැන් ඔබට තේරෙනවා නේද සමහර සම්බන්ධකම් වල ඇතුල් පැතිත් තියෙනවා කියලා, මේ දේවල් තරාදියක දෙපැත්තට දාලා කිරන්න මනින්න අපට පුළුවන් උනාට, මේ සිදුවීම් වලට සම්බන්ද පුද්ගලයින්ගේ ජීවිත කොච්චර සංකීර්ණද කියලා අපට මේ හරහා තේරුම් ගන්න පුළුවන් නේද? ඒ නිසා රාමුවෙන් ඔබ්බට ගිහිල්ල සමාජීය කරුණු පිලිවෙලින් රැස් කරලා සමහර පුද්ගලයෝ ගැන තීරණ ගන්න ඕනේ කියලා මගේ ගුරුවරයා මට බොහොම කරුණාවෙන් පැහැදිලි කළා.
සැකිල්ලෙන් ඔබ්බට සිතන්නට යමක්.........

2 comments:

  1. ඔබේ කෝණයෙන් මේ දෙස බලන විට මෙය විස්වාස කල නොහැක්කක් බව දනිමි..නමුත් මේ සිදුවීමට සම්බන්ද පුද්ගලයින් මා පුද්ගලිකව හදුනන අතර.ඔවුන්ගේ පවුල් පසුබිම හා ක්‍රියා කලාපයන් මා හොදින් දනිමි..
    මෙය හුදෙක් සුරඟන කතාවක් නොව..සැබෑ සිදුවීමකි...
    මට කියන්නට ඇත්තේ මෙපමණකි...
    "දන්නෝ දනිති"....
    විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබට අදාල දෙයකි...

    ReplyDelete
  2. මෙම ලිපියේ අරමුණ, කාසියක දෙපැත්තක් මෙන් සිදුවීමකද දෙපැත්තක් ඇති බව වටහාලීම පමණක් මිසක, ඔබේ ලිපියේ සත්‍ය අසත්‍ය බව විමසීම නොවේ, මා මෙම ලිපියෙන්ද කියූ පරිදි සිදුවීමක සත්‍ය සිද්දිය දන්නේ එම සිද්දියට අදාල පුද්ගලයින් පමණි, ඔබේ ලිපියේ සදහන් දෙදෙනා අතර වෙනස් අසම්මත සම්බන්දයක් තිබිය හැක. නමුත් මා මෙම ලිපියෙන් පැහැදිලි කලේ ඔවුන් දෙදෙනාම ඉලක්ක කොටගෙන නොවේ, ඔවුන් දෙදෙනාගේ සිදුවීම අදාල කොටගෙන එහි නැවුම් අර්ථයක් ගවේෂණය කිරීම පමණි, මගේ ලිපියෙන් ඔබගේ ලිපිය විවේචනයට ලක් නොකලෙමි, එසේ වුවායැයි ඔබට හැගුනිනම් සමාව බජනය කොට සිටිමි, තකෙකුගේ ලිපියකට ගැරහුම් කිරීම මාද්‍ය සදාචාරයට පටහැනි බැව් මා හොදාකාරයෙන් දනිමි..

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...