Saturday, August 20, 2011

සුන්දර මතක...

අපි හැමොගෙම ජීවිත වල, අපි ලබපු සුන්දර අත්දැකීම් ගැන මතකයන් ඔනෑ තරම් තියනවා. ඒ මතකයන් සිහියට නගා ගෙන අපි ලබාගන්නේ පුදුමාකාර වූ ආශ්වාදයක්...
ඒ උනත්, ඒ සිද්ධිය හැබැහින් සිදුවෙද්දී...අපි එය හදවතින්ම අගය කලාදැයි සැකයක් මතුවෙනවා...ඇත්තම කිව්වොත් ජීවිතයේ සුන්දර දේ සිදුවන බොහො වෙලාවට අපි ඒ ගැන දක්වන්නේ අඩු සැළකිල්ලක් කියලයි හිතෙන්නේ...
ඔනෑම දෙයක් අපේ අතීත මතකයන්ට එකතු උනාට පස්සේ, ඒ ගැන ඇගයීම එතරම් වැදගත් නෑ කියලත් හිතෙනවා. ඇත්තටම...මට හිතෙන විදිහට...වැදගත් වෙන්නේ, ඒ සැබෑ මොහොතේදී එය පරිපූර්නව සිතින්, හදවතින් විදීමයි.
හොදට හිතලා බැලුවොත්, අපි ජීවත් වෙනවා කියන්නෙත් වර්තමාන, මේ මොහොතට එළබිලා, එහි සුන්දරත්වය අත්විදීම ගැනයි.
ඒත්...ජීවිතේ කරන්න අමාරුම දේවල් අතරට, "වර්තමානයේ ජීවත්වීම" එකතු කරගන්න පුලුවන් කියලත් හිතෙනවා. මොකද...අපි ඒ තරමටම, ඒ අතීතයට ආදරය කරන නිසා...

Wednesday, August 17, 2011

මට කල් ඕන...


මේක ඉතින් ආපහු මතක් උනා මට..මොකෝ ඉතින් මේ දවස් ටිකේම අහන්නේ මේවනෙ...අපේ අය දැකපුවම දුකත් හිතෙනවා.. ඒත් ඉතින් මොනා කරන්නද...හැමදේම හිතන විදියටම කොර ගන්න ඉතින් අමාරුයි නොවැ..

මේකත් ඉතින් ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්ලු ඔං.. මං නම් දැක්කේ නෑ ඒත් ඉතින් කියපු කෙනා  දන්නවා... 
මං එයාට අය්යා කියල කියන්නම්කො...
 ඔන්න මේ අය්යා බොහොම සැහැල්ලුවෙන් ජිවත් උනාලු..ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩ්ඩක් ලයින් එකක් එහෙම ලාවට දීල බලනවලු..ඇහැක් එහෙම ගැහුවා කියල මුකුත් වෙන්නේ නෑ නේ???..මෙන්න මෙහෙම ආතල් එකේ කුරුල්ලා වගේ සිස් ගල හිටපු අපේ අය්යාට දවසක්  මොකෙන්ද වැදුනලු හොද පාරක්...පාරක් කීවට ඊතල පාරක්..ඒක එව්වා කියන්නේ  අනන්ගයාලු...
නෑ නෑ අර හන්දියේ බෝක්කුව උද ඉගෙන කෙල පෙරන මරුසියා නෙවේ..දිව්‍යලෝකේ කරක් ගහන වලාකුලක් උඩ චුන් එකේ ඉන්න දෙය්යා බුවා ලු...ඒක විදලා තියෙන්නේ මල් හිසරයක්ලූ හික්ස් 
මේක වැදුන අය්යාට එලෝ මෙලෝ නැතුව ගියා...
මෙන්න යකෝ ටික දවසක් යනකොට  මේකා කෙල්ලෙක් පස්සෙන් වැටිලා...කොහොම හොදට හිටපු කොල්ලෙක්ද ???
කෙල්ලත් ලයින් එක දුන්නා," දැන් හිනා wenawa  මට මොකද්ද වගේ" අය්යා බොහොම අහිංසක විදියට කියවනවා..
පව් අප්පා අපි කියල කිසිදෙයක් කොරන්න ඉතුරුවක් වෙලා නෑ මයේ හිතේ???
ඔන්න එක දවසක් හොද වෙලාවක් කාරිය බලල අය්යා ගිහින් අපි නේද කෙල්ල ගෙන්..මෙකි උඩ ගියා
රතු උනා...ලජ්ජ්වෙන් අබරි අබරි කිවනේ..මෙන්න මෙහෙමයි උනේ....
"මන් ඔය ගැන දන්නෙත් නෑ "...
"මොනවද ඔයාට දැන ගන්න ඕන"????
" හැමදේම "...
..................................(ගොඩක් තිබුන)...
"මං ඔයාට කැමතියි...ඔය මට මොකද කියන්නේ...???"
"මට හිතා ගන්න බෑ."...
"ඔය හිතල කියන්න..."
"දැන්ම බෑ...මං සතියකින් කියන්නම්.."..
.................................................................................................................................................
දෙවන සතිය..
අය්යා ගියා කෙල්ල ලගට...
"දැන් සතියක් ගියානේ??, දැන් ඔයා මොකද කියන්නේ???
" අනේ අය්යේ සොරි...මට බෑ..."..

"එහෙනම් මොන මගුලකටද ඕයි කල් ඉල්ලුවේ??? එදාම බෑ කීවා  නම් ඉවරනේ."
අය්යා කිවේ මෙහෙම නෙවේ.. ඒ කියපු විදිය මේකට දාන්න බෑ...පුළුවන් විදියට තම ඔන්න මං කිවේ...
ඔන්න දැන් අය්යා ආපහු හිටපු පරණ අය්යාම වෙලා..
එහෙම තමයි වෙන්න ඕන...ඔයා කෙහෙල්මල් ලව පැත්තකට දාලා සරල උනාම මාර ගති.....
.

.
.

.

Monday, August 15, 2011

විවාහය සහ මනමාලයො

මේක කොහෙන් පටන්ගන්නද මොනව කියන්නද කියල හරිම අදහසක් තාම ඔළුවෙ ඇතුලෙ නොතිබුණත් මේක නොකියා ඉන්න නම් මට හිතෙන්නෙම නෑ,
එක කාලෙක, එහෙම කිව්වට මේක වෙලා දැන් දවස් 3,4 ක් ඇති.....
එක ගෙදරක අවුරුදු 23ක් විතර වෙන දුවෙකුට විවාහයක් කරල දෙන්න ඒ දෙමව්පියන්ට උවමනා උනාළු,
අනේ ඒ උනාට මේ දෝනියැන්දට නෙමේ විවාහයේ වගේ වගක් තිබුනේ, එයාට විවාහය කිව්වම, නයාට අදු කොළ වගේම නොවුනත් ඊට ටිකක් අඩුවෙන් ඔය කියන මාතෘකාව එපා වෙලයි තිබුනේ....
අනේ ඒ උනාට ඉතින් අම්මට අප්පච්චිට උඩින් යන්න බැරි කමටයි, ගැලවිජ්ජාවටයි කියන දෙකටම හරි යන්න ගෙදරින් කියන ඕන දෙකට කැමතියි කියල මේ දෝනියැන්ද කිව්වලු..........
අනේ ඔන්න ඉතින් එක දවසක් අර දෝනියැන්දට උන්දැගේ අම්ම ගෙනත් දුන්නලු පොටෝ කෑලි 3,4ක්. 3,4ක් කිව්වට එතන තිබ්බලු පොටෝ කෑලි 6ක්ම. මොනවද ඒකේ තිබුනේ, හි හි හි හි..................
මනමාලයෝ! එක්කෙනෙක්ද? නෑ 6 දෙනෙක්ම. ඉතින් අම්ම කියපි දුවේ ඔතනින් කැමති, හොද කෙනෙක් තෝරලා කිව්වනම් කියල..........
අනේ දෙවියනේ මනමාලයෙක් තෝරනව කියන්නේ, මොකෝ අවුරුදු කුමාරයෙක් තෝරනව වගේ වැඩක්යැ පොටෝ කෑල්ලක් දිහා බලල තෝරන්න....
අනාගත සහකාරය කිව්වම කොච්චර බාරදූර වගකීමක්ද නේද?
මේ දෝනියැන්දත් ඉතින් පොටෝ කෑලි 6 දිහා බැලුවලු, අනේ ඉතින් රූපෙ නම් කියන්ට තරම් වරදක් නෑ.... රූපෙ දිහා බලල මක්කොරන්නෙයි, මොකෝ රගපාන්ට යවන්ටයැ උන්දැව....
අනේ ඉතින් පොටෝ කෑලි 6 ආයෙමත් අම්මටම දීලා දෝනියැන්ද යාප්පුවෙන් කියපි මේ කවුරුවත් හරි නැතෙයි කියල.......
අම්මත් ඉතින් හ්ම් හ්ම් කියල නිහඩ උනාට මොකෝ දෝනියැන්දට තිබිච්ච එකම පුරස්නෙ අම්ම තව කී දොහකින් මේ අලකලංචිය ආයෙමත් පටන් ගනීද කියලයි.......
විවාහය අත්‍යවශ්‍ය දෙයක්ද?
මේ දෝනියැන්දට තිබිච්ච එකම උත්තරයක් නැති පුරස්නේ ඕං ඔච්චරයි....

Wednesday, August 10, 2011

දුටිමි වෙළෙන්දියක...


බඩට අහරක් නැතිව
සිතට නිවනක් නැතිව
උදේ රෑ වෙහෙසෙමින්
විදී දුක් වේදනා...
නොනැවතී කෑගසයි
උගුර ලේ රස දැනෙයි
හිතෙන මුත් අත්හරිනට
අහිමි වේ ලාබයම...
වැහි කලෙත් ඉඩොරෙත්
කියා වෙනසක් නැතේ
කකුල් නම් වාරු නැත
සිතේ වාරුව ඇතේ...
නුබ ගෙදර යන තුරා
සිටිති මග බල බලා
නුබේ කිරි දරු පැටව්
කුසගින්න ඉහ දරා...
හෙට උදේ ඉර උදා
වන්ට පෙර යළිත් නුබ
එළවලු බර කරට ගෙන
රැගෙන යයි මහ මගට...

ජීවිතයම ගීතයක්.................

හිත පුරාම විදගන්නට
හදවතින්ම හීන දකින
මිහිරි පැතුම් අකුරු වලින්
ජීවිතයෙ පද අමුනන
ප්‍රෙමනීය සිතිවිලි මත
සප්තස්වර රටා මැවෙන
ආදරයෙ තනුව වැයෙන
ආත්මයෙ හඩින් ගැයෙන
ජීවිතයම ගීතයක්.…

Monday, August 1, 2011

ඒ කාලෙ එහෙමලු............

මේක ඕනම ගෙදරකට පොදු දෙයක්. අපි ඉතින් පොඩිකමට දඟ වැඩක් එහෙම කලොත් අම්මයි තාත්තයි ගහන්නෙ එකම ටේප් එක නෙ!
"මුන්ට සැප වැඩි........" කියල පටන් ගන්නව කතාව අපි ඉතින් කිරල ඇබ දෙකට කපල කන් දෙකේ ගහගෙන එහෙම ලැහැත්ති වෙලා සිට් වෙනව එයාල ටේප් එක රිවයින් කරනකන්. ඕන්න පටා..........න් ගන්නව 70 ගනන් වල රස කථා, අනේ ඉතින් ඔව ඇහුව කියලා අපි හැදුනද? නෑ නේ........ රිපීට් ටෙලිකාස්ට් අපි අහයිද?? නෑ නේ.......


අම්මල කියන දේ වැරදි කියනව නෙවේ... එයාල හැම වෙලාවෙම හරි, ඒත් හැම තැනම දකින ඇත්ත සිද්දිය කිවුවෙ. අනික ඒ කාලෙ කොහොම උනත් දැන් කාලෙ වෙනස් කියන එක ඇයි තේරැම් ගන්නේ නැත්තේ.....

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...