Saturday, October 8, 2011

මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුබේ වියපත් දෙබරා

"මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා "..
කියල කිව්වේ සැබෑ නොවූ, සිතිවිලි වලින් පමණක් පෙම් කර පරාද උන වියපත් "ප්‍රේමවන්තයෙක්"...
ආදරේට වයස් බේදයක්, පාට බේදයක්,ජාති බේදයක්, ආගම බේදයක් නෑ කියල කතවක් තියනවනේ.මට නම් හිතෙන්නේ ආදරේ කියන එකට විලි ලැජ්ජාව කියල දෙයක් නෑ කියලයි..වෙන්න පුළුවන් , ඒ උනත් තව කෙනෙක් කියාවි ඒක හැගීමක් කියල එතකොට කොහෙන්ද ලැජ්ජාවක්???..
ඒක වෙනම දෙයක්නේ...මං මෙතන ඒක ගැන කියවල නිකං චාටර් වෙන්නැතුව කියන්න ආපු කතව කියන්නම්කො..ඒක කියවපුවම මං දැගලුවේ මොකක් කියන්නද කියල හිත ගන්න පුළුවන් වේවි..

මේකට දෙන්නෙක් සම්බන්දයි...කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගැන ආදර කතාවක් තමයි..ඒ උනත් මේක ටිකක් වෙනස් විදියේ කතාවක්..මේකේ ඉන්න කොල්ලට 60 ක් විතර ඇති කෙල්ලට 23 ක් විතර ඇති..මේ සිද්දිය සිද්ද උනේ අවරුදු දෙක තුනකට කලින්..පුදුම හිතෙනවා තමයි ඒ උනාට ඇත්ත...
මං ඔය කලේ ඒලෙවෙල් ක්ලාස් යනවා.උදේට ක්ලාස් යන්න ආපුවම හැමදාම එකෙක් දෙන්නෙක් අඩුයි..අපේ එවුන් හැමදාම වෙලාවට වැඩ කරපු අයනේ..එක්කෝ එකෙක් දෙකෙක් "විටමින්" ගන්න ගිහිල්ල. ඉතින් හැමදාම උදේට පය බාගෙක විතර කට්ටක් කනවා..

දවසක් ඔහොම චාටර් වෙලා ඉන්නකොට..පට්ට කැල්ලක් බැස්සනේ..අම්මට සිරි..යකෝ එකී නිකං හින්දි නිලියක් වගේ මාර ලස්සනයි.ටිකක් විතර මෝඩ උනාට පොඩි අහිංසක ගතියක් නැත්තේම නෑ..අපිත් ඉතින් පැණි පෙර පෙර ඉන්නකොට..අර කියපු අන්කල් කොල්ල ආවා..අපි මිනිහට "ආකාශ්" කියමුකෝ.මිනිහ ආපු ගමන් කෙල්ලව එක්කන් ලගම තිබ්බ කඩේ ඇතුලට ගියා..මත ඉතින් එතන හිටපු කොල්ලොත් එක්ක කෙල්ල ගැන හිනා මව මව හිටිය.සමහර එවුන් දැනටමත් "ආකාශ්" මාමා කරගෙන (අපි හිතුවේ ඒ මිනිහගේ දුව කියල).

ඔන්න ඔය අතරේ අපේ විටමින් සෙට් ඒක ආවා. උන් සාමාන්‍යයෙන් විටමින් ගන්න යන්නෙත් ඔය කඩේටමයි.අපිත් ඉතින් උන්ට වෙච්ච වැඩේ රහ කර කර කිව (කෙල්ල අපිට ලයින් එකක් දැම්ම කියලත් කිව.). ඒක අහපු ගමන් අරුන් සෙට් එක බක බක ගල හිනා වෙන්න පටන් ගත්ත.අපි දැන් හොල්මන් වෙලා..

"යකෝ, ඒ ආකාශ් කාරයාගේ දුව නෙවේ බන්, ඒ උගේ කෑල්ල..".. ඕකි ______ ගර්ල්ස් කොලේජ් එකට ගියේ. ඕකිව එකෙනුත් අයින් කර මේ කේස් එක මාට්ටු වෙලා."..
මං ෆුල් හොල්මන්..මට මු කියන එක ෂුවර් නෑ ඉතින්.. මොකෝ මේවා කවදා අහපු දේවල්ද?.
"අඩේ බොරු නොකිය ඉදින් බං.. උබල නිකං ඉරිසියාවට පද හදනවා.."
"බොරු, යකෝ අපි හැමදාම ඔය කඩේට යනවා , අපි ඕක හැමදාම දකිනවා , උබට ෂුවර් නැනේ වරෙන් පෙන්නන්න".....

අපිත් ඉතින් මොක් කියල ගියා බලන්න කඩේ ඇතුලට..ඔකේ විටමින් ගන්න තැන තියෙන්නේ ටිකක් ඇතුලට වෙන්න..අපිත් ගියා ඒ හරියට...
මාව නිකං සිතල වෙලා ගියා වගේ උණා.. යකෝ අර ලස්සන කෙල්ල අර නාකි හිපාටුවට තුරුල් වෙලා ඉන්නවා..
නොදකින්...
ඒක දැක්ක ගමන් අපි ටික එලියට ආවා... මට නම් කෙල්ලොත් එපා උණා ඕක හින්ද...චික් විතරක්..
තමුන්ගේ තාත්තා විතර මිනිහෙක් එක්ක??
තමුන්ගේ දුව වගේ කෙල්ලෙක් එක්ක??

අමරසිරි පිරිස් මහත්තයගේ අර ලස්සන සින්දුව මගේ ඔලුව ඇතුලේ වෙන විදියකට කැරකෙන්න ගත්ත..
"මගේ පුංචි කෙහෙල්මලේ මමයි නුබේ වියපත් දෙබරා "...

3 comments:

  1. අපි හැමවෙලාවෙම කියනවා රාමුවකට කොටුවෙන්න එපා එතනින් එහාට හිතන්න කියල,
    ඒත් අද සමාජේ මිනුස්සු ඒ රාමුවට පිට හිතන්න යන්නේ අපේ සංස්කෘතිය වලපල්ලට ගිහින් කියල හිතාගෙන,
    ගැණු ළමයෙක් විදිහට මටත් පෞද්ගලිකව ලැජ්ජාවක් ඇතිවෙනවා අද සමාජේ ඉන්න මේ වගේ තරුණ ගැණු ළමයි ගැන, මොකද අද මිනුස්සු හැමදෙනාවම මනින්නේ එකම මිම්මකින් නිසා, එක ගැණු ළමයෙක් ඔහොම අපරාද වැඩක් කරාට බොහොමයක් දෙනා තමන්ගේ දෙමාපියන් ගැන හිතල වැඩ කරනවා කියන එක මට සහිතිකයි..
    මිනුස්සුන්ගේ පහත ආශාවන් ගැන අපි ද්වේශ කරනවට වඩා, ඒ ගැන මැදහත්ව සිතමින් මෙවන් පාපකාරී ක්‍රියාවන් වලක්වලන්නට සමාජය දැනුවත් කිරීම වටිනවා...

    ReplyDelete
  2. ම්ම්ම්...සහතික ඇත්ත, ලොකු අක්කේ. මේ වගේ කතා ඇහෙනකොට අපිට ඇතිවන ලැජ්ජාව කියලා නිමකරන්න බෑ.
    ආදරේ කියන්නේ උතුම්, පවිත්‍ර හැගීමක්...එකට වයස් බේද, ජාති බේද නැහැ...එත් පහත් අදහස් ඉස්සර කරගෙන ආදරේ කරන්න බෑ...ඒකට ආදරේ කියන්නත් බෑ..
    එහෙම පහත් අදහස් තියන අය එකෙක් දෙන්නෙක් හිටියට, හැම කෙනාම එහෙම නැහැ.
    මේවා අහනකොට, අර බොහොම අපූරු අර්ථයක් තියන, වැදගත් විදිහට ලියල තියන, අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයට, තවත් කොහොමද ආශා කරන්නේ කියලත් හිතෙනවා...

    ReplyDelete
  3. මේකත් කියන්න ඕන . මන් මේක ලිවේ කිසි කෙනෙකුටවත් අපහාසයක් කරන්න නෙවේ ඔන්න. අර ලස්සන සින්දුවත් මේකට ගාව ගන්න උන එක ගැන නම් කණගාටුයි..කරන්න දෙයක් නෑ.
    මං දන්නවා මේක ඩොටිගේ කැමතිම සින්දුව කියල.. ඒ හින්ද සින්දුව අතාරින්න නම් එපා.

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...