Saturday, October 29, 2011

ටොපියක්....

"ටොපියක්, චුයින්ගම් එකක් ,කඩල පැකට් එකක්, පෙපරමින්ට් එකක්".....
මේ වචන පෙළ දිනපතාම නොවරදවාම ඇසෙන දෙයක්...මේක තවත් වචන කීපයක එකතුවක්. ඔබ කියාවි මෙන්න මේක වෙළෙන්දෙක් කියන දෙයක් කියා,ඔව් ඇත්ත මේක වෙළෙන්දෙක් කියන දෙයක් තමා, නමුත් මේ වචන මාලාව තුල අන්තර් ගත වෙලා තියෙන්නේ මොකද්ද කියල ඔබට හිතුනද...???

මට මං ගැන හිතන්න පුළුවන් වුන කාලේ මට හරියටම මතක නෑ,ඒක වෙන්නේ අවුරුදු 3 දී කියල අම්ම කියනවා මට ඇහිලා තියනවා. ඒ කාලේ ඉදන්ම මං බස් එකකට නැග්ගොත්..මේ ස්වරුපය . මේ හඩ මට හොදට මතකයි...පුංචිම කාලේ මට මේවයින් මොනවා හරි ඕන කියල මං කෑ ගැහුවා, ඇඩුවා..එතකොට අම්ම මට ඒ දේවල් වලින් මොනවා හරි අරන් දෙන්න ඇති...එතකොට "බබාට මොනවද ඕනේ කියල අහනවා මට හොදට මතකයි"...මං එතකොට එයාව දැක්කේ සුර දුතයෙක් වගේ. මට දිවයලොකෙන් කම ගෙනත් දෙන වීරයෙක් වගේ...මේ හැමදේම ගන්නේ සල්ලි කියල දෙයක් මත බව මං ඒ කාලේ නොදන්නවා වෙන්න පුළුවන්.

තව කාලයක් යනකොට මං මේ කෑම ජාති ගැන නොහිතන කාලයක් උද වුණා....හැම දේම මුදලක් මත යැපෙන බව මට හොදට වැටහුනා.එතකොට ඒ ස්වරුපය ඒ කටහඩ මට තවත් ඒක කරදර කාර වෙළෙන්දෙක් පමණක්ම උවා...ඉස්සර දැකපු ප්‍රසන්න බව දැන් පිළිකුලක් බවට පත් වෙලා.."කරදර කාරයෝ, එනවා මෙතන බෙරිහන් දෙන්න".....

එත්  අද?????????????
නම මොකද්ද?, වයස? කොහෙද ඉන්නේ? මේ කිසිදෙයක් මං දන්නේ නෑ... ගතින් වහරුන දුබල මිනිසෙක් පමණකි..සමද දුටු සරමයි, කමිසයයි, අර ටොපි මල්ලයි....වෙනසක් නැත...කට හඩේ තිබුන ප්ව්ර්ශය දැන් වියැකිලා...නමුත් ඇසෙන වචන මාලාව ඒ විදියමයි...

ජිවත් වෙන්න කරන රස්සව අවුරුදු 18 ක මතකයක් විතරයි මට තියෙන්නේ. සමහරක් විට ඊටත් වඩා  වැඩ කොටසක් කරන්න වෙන්න පුළුවන්..දරු පවුලක් ජිවත් කරවන්ට දරන වැයමක්...එකම විදියට හැමදාම... හුග කාලයක්  සිද්ද වුනේ ඇයි?????...පිළිතුර " මහත්තය කඩල පැකට් එකක් ගමුද කක යන්ට??"...දත් නොමැති ඒ  සුපුරුදු හිනාව  .....
හේතුවක් නොසිතන  කවුරුවත් නොදකින , ටොපි වෙලේන්දෙක්ගේ නොදන්නා ජිවිත කතන්දර....
"දුප්පත්කමද"???

2 comments:

  1. නෑ...ඒක දුප්පත්කම කියන්න බෑ...ඒක අසරණ කම කිව්වොත් වැරදි නෑ, මං හිතන්නේ...තමන්ට කරන්න පුලුවන් දේ , පුලුවන් කාලයක් එකම විදිහට කරන්න, ඔහුගේ හිතේ තියන හයිය, කොච්චරද කියලා විස්තර කරන්න අමාරුයි...කොතරම් ගතින් වැහැරුනත්, හිතෙන් නොවැහැරෙන අපිට වඩා සිතෙන් ශක්තිමත් මිනිසෙක්...

    ReplyDelete
  2. ලොක්කීOctober 30, 2011 at 8:30 PM

    දුප්පත්කම වුනත්, අසරණකම වුනත් ඒ මනුස්සයා කාටවත් යටත් නොවී, තමන්ගේ මහන්සියෙන් හරි හම්බ කර ගන්නවා. අද දෙමාපියන්ට වද දිදී ඔවුන් හම්බ කරන තුට්ටු දෙක බලාගෙන ජීවත් වෙන තරැණ පිරිසට හොද ආදර්ශයක්...
    ජීවිත යථාර්තය මෙයයැයි පසක් කරන්නා වූ, සුන්දරද? අසුන්දරදැයි මැනිය නොහැකි තවත් එක් සමාජ අනු රූ වාදනයක්....

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...