Friday, November 4, 2011

තනිවූ...වියපත් මවකි ඇය...


මගේ තනි නොතනියට
දූ පුතුන් නැති කළට...
මහ ගෙදර දිරා ගිය පියස්සෙන් එබි එබී
ඉර, හද, තරු සිටියේ මගේ තනි රකින්නට...

දූ පුතුන් කෙළි දෙලින් සැරි සැරූ
මහ ගෙදර ගිහින් පාළුවට...
එබෙන විට මුළුතැන්ගෙට
දැනේ පුස් ගද, හිස්වූ හැළි වළං වල...

පඹවැල්, අතු රිකිළි
ගෙමිදුල වසා ගෙන...
ඔච්චම් කලා හරි හරියට
අතපය වාරු නැති මෙ මට...

තරහක් නැත තුන් සිතක
ඇත්තේ දුක මිසක...
මගෙ නෙත් සොයයි
මා දරුවන් හැමදාම...

පාලු පිල්කඩට වී
යොමා නෙතු වැට කඩුල්ලට...
බලා ඉමි පැතුම් හද පුරවාගෙන
ඒවිද කොයි මොහොතක හො...
දරු මුණුපුරන් මා බලා යන්නට...

1 comment:

  1. ගතින් දුබලව ගියත් වැහැරී...සිතේ සවියත් පෙනේ මුවගින්...

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...