Wednesday, November 16, 2011

පුංචි කාලේ මං(i)..

හැමෝම දන්න හැමෝගෙම පුංචි කාලේ, හරියටම හැමෝටම මතකද කියන එක හරියටම කියන්න දන්නේ නම් නෑ..එක ජිවිතෙකට එක වරක් පමණක් උදාවෙන ඒ කාලෙට හැම දෙනාම ආදරෙයි, ඒ වගේම ආසයි.  ඉතින් මටත් තිබුණා ලස්සන ඒ වගේ පුංචි කාලයක්, ඒ කාලේ ගැන මට මතක තියෙන්නේ පුංචි පුංචි සිද්දි කීපයක් විතරයි. මං ටිකක් විතර  අමුතුයි කියල මටත් හිතුන. මොකද මම කරලා තියන අමුතු වැඩ ගැන අහල බැලුවම. ඔන්න ඉතින් ඒ අමුත් සිද්දීත් එක්ක අද ඉදන් පටන් ගත්තා "පුංචි කාලේ මං"...

මං ඉපදුන කාලේ කියන්නේ එපාම එපා කරපු කාලයක් කියල මං අහල තිබ්බ, ඒ කාලේ සිද්ද උන දේවල් ගැන මතකයක් නම් මට නෑ. මට තියෙන්නේ ඒ කාලේ ගැන අහපු මතකයක් විතරයි. අම්ම කියන විදියට  නම් මං ඒ කාලේ දඩබ්බර කොල්ලෙක්ලු, එපා කියන දේ කරනවලු, හුගක් වෙලාවට තමුන්ට ඕන දේම කරනවලු( තවමත් ඒක නම් එහෙමම තමා). ටිකක් විතර පණ්ඩිතයිලු. පොර ටෝක් එහෙමත් දෙනවලු..

අපි හැමෝම දන්නවනේ ගෙදරට කවුරු හරි  ආවම තේ එකක් වත් නොදී යවන්නේ නැනේ. ඉතින් එහෙම කෙනෙක් ආවම අපි පුරුද්දට වගේ අහනවනේ "තේ එකක් බොමු කියල"..එතකොට ඒ ආව කෙනෙත් පුරුද්දට වගේ කියනවනේ "ඕන නෑ" කියල. 
ඔන්න ඉතින් ඒක දවසක් අපේ ගෙදරට කවුද ආවලු. ඉතින් මාත් ඉතින් ඔහේ එහෙට මෙහෙට දගල දගල හිටියලු.  ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ අම්ම කිව්වලු" අපි තේ එකක් බොමු නේද" කියල. ඒ ආපු කෙනා ඒකට මුකුත් කියල නෑ..ඔන්න ඉතින් ඒක පාරටම මැදට පැනපු මම කිව්වලු.." ඇන්ටි ඉතින් ඔයා ඕන නෑ කියල කිව්වේ නැනේ " කියල...

මට පොඩි  කාලේ හිටිය අපුරු යාලුවෝ තුන් දෙනෙක්. ඒ අය  මට වඩා අවුරුදු 60 ක් විතර වැඩිමල් අය.( දැන් නම් ඒ තුන් දෙනාම ජිවතුන් අතර නෑ) අපේ ගෙවල් ගාව තිබුණා තේ කඩයක්. ඉතින් හැමදාම හවසට ඒ සීයලා තුන් දෙනා එනවා පත්තරේ බලන ගමන්  තේ එකක් බීලා යන්න. මාත් ඉතින් පුරුද්දක් විදියට යනවා එයාලත් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉන්න. එයාලත් ඉතින් මට හරි ආදරෙයි...ඔයා සීයලා ඉතින් පරණ කියුම් කෙරුම් ගැන පුර ජෙරු දොඩවන ගමන් පත්තරෙත් බලනවා. මාත් ඉතින්  ඉදගෙන කටත් ඇරගෙන බලාගෙන ඉන්නවලු..මං ඒ කාලේ අකුරු දන්නේ නෑ.. ඒ උනාට හැමදාම වගේ පත්තරේ බලනවලු හුගක් වෙලා..හැබැයි පත්තරේ බලන්නේ උඩ යට මාරු කරගෙනලු.

මම හුගක් චොකලට් කන කෙනෙක්, තවමත් එහෙමයි..පුංචි කාලේ කොහේ ගියත් , කවුරු ආවත් මට චොකලට් එකක් ලැබෙනවාමයි.. ඉතින් මං චොකලට් කාල දත් ටික නරක කර ගන්නවා කියල. අම්ම චොකලට් ඒක තාත්තටයි මටයි බෙදල දෙනවා. ඒ හැම වෙලාවේම තාත්තට ලැබෙන්නේ පුංචිම පුංචි කැල්ලක් විතරයි..
දවසක් මං අම්මගෙන් ඇහුව " ඇයි තාත්තට පුංචි කැල්ලක් දෙන්නේ?".. 
"තාත්තා ලොකු කෙනෙක්නෙ පුතේ.. තාත්තලට චොකලට් කන්න හොද නෑ"...
ඔන්න ඔයා වචන ටික මගේ හිතේ තදින්ම කා වැදුණා.. තාත්තෙක් උනාම චොකලට් කන්න බැරිලු..අය්යෝ.. මටත් එහෙම වෙයිද?...
ඒක හින්ද මං කවදාවත්ම" තාත්තා" කෙනෙක් වෙන්නේ නම් නෑ...

ඔන්න ඔයා වගේ තව සිද්දි ගොඩක් තියනවා...හැමදේම ඒක පාරටම කියල දැම්මම එකේ  ගතියක්  නෑ..මං ඒවා හෙමින් සීරුවේ ලියල දාන්නම්කො..
" ගැණු ළමයෙක් එක්කරගෙන ආපු හැටි..," ළමයි ඉපදෙන හැටි හොයා ගත්ත හැටි," ඔය වගේ කතා ගොඩක් තව තියනවා. මං ඒවා පස්සේ කියන්නම්කො...

බ්ලොග් . බ්ලොග් ඒක ගැන දැනෙන හිතෙන දේවල් ගැන කමෙන්ට් එකක් දාන්න. මං ලියන දේවල් හොදද නරකද කියලවත් දැන ගත්තම පොඩි සතුටකුත් එනවනේ...ඔයාල මේකට කැමතිද නැද්ද කියල දැන ගන්න ඕනනේ.....

1 comment:

  1. dan thami issellama dakke ithuruuwa passe kiyawannam.... digatama liyamu.... punchi kale dewal bedaganna eketh gathiyak thiyenawa

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...