Saturday, June 18, 2011

අච්චාරුව සහ කැද හැලිය...


  කන්න තමා තියෙන්නේ, කෑම ජාතිනේ  එකක් පොඩ්ඩක් සැරයි .අනික එහෙම නෑ. කන එකාට මොකද කන්න පුළුවන් නම් ඕන දෙයක් කනවා.කෑම තියෙන්නේ කන්න නැතුව හුරතල් කර කර බල බල ඉන්න නෙවේ. අවුරුදු කාලෙට අච්චාරු හදන්නේ පුරුද්දට. ඒක දැන් සම්මතයක් වෙලා.ඇයි අනික් කාලෙට අච්චාරු හැදුවොත් හැදෙන්නේ නැද්ද?,කන්න බැරිද?
මොනවා කිවත් ඉතින් මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්නේ නෑ. කවුරුහරි තමුන්ගේ විදියකට හිතුවොත් ඌ  ඉවරයි. චාටර් කරලා නොන්ඩිම කරනවා. එහෙම කරන එවුන් දන්නේ නෑ ඇයි මෙහෙම කරන්නේ මොකටද කරන්නේ කියල. කවුරුහරි කරන දේ බලන් ඉදල ඒ විදියටම කරනවා.
   මළගෙදරක ගිය මිනිහෙක් වතුර එකක් අරන් අත හෝදනව   දැකපු වැදගත් පොරක් බීම වීදුරුවක් අරන් අත හේදුවාලු.මේක එක සරල උදාහරණයක් විතරයි.
        කැද ගැන කිවොත් හදන කැද ජාති ගොඩක් තියනවා.හාල් කැද, කොළ කැද කිවොත් ඕන කෙනෙක් දන්නවා..එත් කැද කියන වචනේ එච්චර සුන්දර නෑ..ගොඩේ පාටක් තියනවා කියල ,,සමහරු කැද බීවත් කියන්නේ සුප් බීවා කියල,ඇයි අනිත් අය  නොන්ඩි කරයි කියල..චාටර්ලු..
  මේකේ ලියන්නේ අමු සිංහලෙන් .මේවා කියවන්නේ වැස්සකට හරි ඉස්කෝලෙක පුටුවක් රත් කරපු ඔරිජිනල් ලංකාවේ මිනිස්සු.උන්ට සිංහල පුළුවන් හින්ද මේවා කියවනවා. නැතුව කොණ්ඩේ නැති හරි තියන හරි චිනෙකුට හරි,ඔටුවෝ එක්ක ඉන්න අරාබි කාර යෙකුට   හරි, පොත්ත සුදු හින්ද සුද්දෝ කියල හිතන් ඉන්න එකෙකුට හරි කට හම යනකම්  මේවා කියෙව්වට වැඩක් නෑ..ඌ  දන්නේ නෑ සිංහල.
එක හින්ද තේරෙන අමු සිංහලෙන් මේවා කියන්නේ කියවගන්න පුළුවන් වෙන්න.
මං බහුබූත කියෙව්වා වැඩිද මන්ද..කමක් නෑ මං නේ කියවන්නේ..මට තියන අමාරුව මොකද්ද...
 අච්චාරු වත් කැද වත් හදන්නේ කොහොමද කියල කියන්න මං යන්නේ නෑ,එහෙම කිවත් වැඩක් නෑ.කාටද? මොකටද?.මං කියන එක බලලා කවුරුවත් ඒවා හදන්න යනවා කියලය.මොකෝ මං පබිලිස් සිල්වා යෑ  ..
අච්චාරු කියන වචනෙයි කැද හැලිය කියන එකෙයි තේරුම ඒ දෙකේම තියෙන්නේ මහා ගොඩක් දේවල් එකතු කරලා හදපු දෙයක් කියන එකයි. ඒ දේවල් හදන්නේ එක වගේ දේවල් එකතු කරලා නෙවේ. වෙනස් දේවල් වලින්. මං මේ මෙච්චර වෙලා කියන්න දැගලුවේ අච්චාරු ගැනවත් කැද ගැනවත් නෙවේ..
පටලුවුණු අවුල් වුන දෙයක් ගැන කියන්න එකට කියන්නේ ජිවිතේ කියලලු.මං දන්නේ නෑ කව්ද ඒ වචනේ හැදුවේ කියල. බල්ලෙක්ට බල්ලා කීවට ඇයි කියල කවුරුවත් දන්නේ නෑ..අන්න ඒ වගේ ජිවිතේ කියල කිවට් කව්ද ඕකේ තේරුම දන්නේ?.
එක මහා අච්චාරු කැද හැලියක්..කොහෙන් පටන් ගන්නද? මොනවා තියනවද කියල ? හදපු කෙනාවත් දන්නේ නෑ?. මේ ලෝකෙට එන්න කලින් මෙහාට එන්න ඕන කියල සිහින මැව්වද කියල ඇහුවොත් කාගේ වත් උත්තරේ "ඔව්" කියල ඇහෙන්නේ නෑ..ඇයි එහෙනම් මෙහාට ආවෙ?.
එන්ඩ උන හින්ද ආවා..නැත්තම් උවමනාවක් තිබ්බේ නෑ කියල කවුරුහරි කියාවි. ඒ කිවත් ඇයි කියල තේරුම් කරලා කියල දෙන්න කවුරුවත් නෑ. මං කල්පනා කරේ මං මේ විදියට කියන කොට මේ විදියට බනින කොට., මං සර්ව අශුබ වාදියෙක් විදියටත් අසම්මත මිනිහෙක් විදියටත්, මගේ පිටේ හරකෙක්ගේ වගේ හනවඩු ගහයිද කියලයි?.
හරකාගේ පිටේ ගහන්නේ අයිතිකාරයාගේ නම..
එතකොට?
මගේ පිටේ හංවඩුව ගහන සර්ව සමාජය කියාගන්න එක්තරා හෝමෝ සපියෙන්ස්
සපියෙන්ස් කියා ඩාවින් හදුන්ව දුන්,මොලෙන් ඉතාමත් දියුණු, ශිෂ්ට සම්පන්න යුගයක වැදගත් ආකාරයට හැසිරෙන, සර්ව අශුබ වාදී අසම්මත සත්ව කොටසක්ද ?..
අච්චාරුවක්ද?  නැත්තම් මේක කැද හැලියක්ද?

   

2 comments:

  1. අච්චාරුව කියන්නෙත්......කැද කියන්නෙත්.....අපි...කන....බොන..දේවල් වලින් දෙකක් විතරයි.......
    ඔය කෑම ජාති දෙකම, හදන්න පුලුවන් ක්‍රම දෙකයි තියෙන්නේ...එකක් මේ දෙකම රසට හැදීම....අනික මේ දෙකම කටේ තියන්න බැරි විදිහට හැදීම.....
    හැබැයි...ඔය කියන ක්‍රම දෙකම කරන්නේ...අපි කෑමට දාන ලුණු,මිරිස්,තුනපහ...වගේ දෙවල් වලින් තමයි.....
    එහෙම බලාගෙන යනකොට මට හිතෙන්නේ.....ජීවිතේ කියන්නේ, අච්චාරුවයි, කැදයි, දෙකම එකට දාල හදපු....අමුතුම අමුතු කෑමක් විදිහට......
    ඔය කියන සර්ව සුබවාදී සිතුවිලිත්...අසුබවාදී සිතුවිලිත්.....හරියට කලින් කියපු..තුනපහ, මිරිස් වගේ තමයි.....
    කොයි පදමට දැම්මොත් හොදයිද කියන දේ දන්නේ...අපි විතරයි....දාන පදම අනුව, ජීවිතේ...සුබවාදී වෙයිද...අසුබවාදී වෙයිද....කියන එක තීරණය වෙනවා....
    මිනිසා කියන සත්ව කොටසට ඔය කියන නම දුන්නෙත්....ඒ නිසයි කියන එක තමා..මට නම් තේරෙන්නේ.....

    ReplyDelete
  2. පහළ පන්තියක එකෙක් සම්මත වැඩක් කරත් ඒක සමාජය දකින්නේ අසම්මතයක් විදිහට, හැබැයි ඉහළ පන්තියක එකෙක් අසම්මත වැඩක් ක‍රොත් සමාජය ඒක දකින්නේ සම්මතයක් විදිහට, අච්චාරැව උනත් කැද හැලියක් උනත් සමාජ සම්මතය මේකයි, අච්චාරුව හරි කැද හැළිය හරි හැදෙන්නෙ ඉහළ පන්තියේ හෝටලයක නම් අන්න ඒක සුඛෝපභෝගී කෑමක්, අනේ උන් දන්නේ නෑ ‍මේ ගෙන්දගම් පොළව උඩ රත්වෙන හැළියක හැදෙන කැද උනත් අච්චාරුවක උනත් තියෙන දිව්‍ය භෝජන පරදන රහ, උන්ට ඒ රස විදින්ට පින නෑ ඕංංංංංංංංංංං

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...