Thursday, June 2, 2011

ඇහුනා...

මන් හිතන් හිටියේ..අම්මා බත් කවනකොට මාව බය කරන්න කියපු කතාවක් කියල. බලනකොට ඒක එහෙමම නෑ...ඒක අතකට ඒ කාලේ එහෙම හිතපු එකත් වැරදීම නෑ...මොකද මං මෙච්චර කාලයක් හිතන් හිටියේ පොඩි එවුන් කියන්නේ මහා එපා කරපුම ජාතියක් කියල..එත් මාත් එහෙම කාලයක් හිටිය කියල මතක් වෙන කොටත් පොඩි ලැජ්ජාවක් එක්ක පාලුවකුත් හිතට එනවා...
දැන් උනත් පොඩි එකෙක්ගෙන් මෙහෙම ඇහුවොත් අනික් අතට ඌ අහයි "ඇයි ?" කියල..
උන් වචන දහයක් කතා කරොත් පහක්ම ඇයි කියල...අහනවනේ.
 
හැම යකෙක්ම කලුයිද?
පොඩ්ඩක් ඉන්න.. මන් දන්නවා ,දැන් මොකද්ද හිතන්නේ කියල......
"කොයි යකාද? "
නෑ, මන් අහන්නේ ඒ හිතේ ඉන්න යකාවත්,යකින්න ගැනවත් නෙවේ..පොඩි කලේ අපි ගස් වල ඉන්නවද කියල හොරෙන් බලපු...කළුවර වෙලාවට අගට පනියි කියල බය උන....
අහිංසක යක්කු ගැන.....
ඇත්තටම හිතන තරම් යකා කළුද?

1 comment:

  1. ඇත්ත..............
    හිතන තරම් යකා කලු නෑ තමයි.......ඒක මට දහස් වාරයක් ඇහුන කතාවක්.....
    හැබැයි....ඔය කියන යකා ඉන්නේ අපේ හිත් වලම තමයි.........
    ලීයක් හැඩ කරලා.....පාට සායම් ගාලා.....යකා මේ වගෙයි කියලා පෙන්නුවාට.......
    හිතේ ඉන්න යකයි.....ඔය පෙනෙන යකයි අතරේ ලොකු වෙනසක් තියනවා...කියලයි මට හිතෙන්නේ.....

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...