Saturday, June 25, 2011

ආදරය...

සිත ලගට වී සිතෙහි බැදෙනා
සිතුවිල්ලකි....
කනට ලන්වී සෙමින් කොදුරන
සොදුරු වදනකි....
වදන් පෙලකින් මුමුනන නමුදු
අරුත් දහසකි....
මහා කතරක් හරිත ගන්වන
පිනි වැස්සකි...
නැවුම් සිසිලකි...
සියලු සත සිත් සනසන තුටු වන
මිහිරි වූ විෂකි...
බිගු තුඩ රස ගන්වන
මදු විතකි...මකරන්ද බිදුවකි...
ප්‍රබොධමත් හිමිදිරියක නව ඇරඹුමක සතුට පුරවා
පසුව හැරයන....
නෙත් කදුලෙන් තෙමන
නපුරෙකි...
බිදී ගිය සිත් යළිත් තනනා
පුදුමයකි...විශ්වකර්මයකි...
ජීවිත මගෙහි
සොදුරු නවාතැනකි...
අමිල...පිවිතුරු
සිතුවිල්ලකි...

2 comments:

  1. දකින දේ...පෙනෙන දේ...ඇහෙන දේ...කියන දේ...

    ReplyDelete
  2. යථාර්තය මායාවෙන් වසන්නා වූ
    මයාව යථාර්තයට ගෙන යන්නා වූ
    අරුතක් රැදි නොරැදි මයාව.............

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...