Thursday, June 23, 2011

දිව දෙකේ මිනිසුන් සහ පාවාදීම

අබුද්දස්ස කාලේ කිව්වට මොකෝ දැන් වෙන දේවල් ඒ කාලෙටවත් ගැලපෙනවද මන්ද? ඔන්න ඔහොම කාලෙක එක පවුලක අයියයි, මල්ලියි හිටියා කියමුකෝ, එක බත් පත කාලා හිටියට මොකෝ මල්ලි නූල් සූත්තරකාරයා. අයියා ඉතින් දෙයියනේ කියලා මල්ලිගේ සුබ සිද්ධියටමයි වැඩ කොලේ. ‍ඔය කාලේ ගේ දොර දේපල අයියා මලෝරු දෙන්නට බෙදල දුන්න නෙව දෙමව්පියො මූලික වෙලා. ඔන්න ඉතින් කාලෙක මේ අයියා මලෝරු දෙන්නගෙ ඉඩ කඩම් රජයට ඉල්ලලා තිබුණා රජයේ ගොවිපළක් දමන්ට, අනේ මල්ලි කියාපි මම නම් දෙන්නෙ නැත කියලා, අනේ ඉතින් මලයගේ කැමැත්ත නොවැ කියලා අයියා රජයේ මහත්තුරුත් එක්ක කතා කොරන්ට ගියාට මොකෝ රජයේ මහත්තුරු නෙවෙයි මේ අයියණ්ඩි කියන දේ කණකට ගත්තේ, අනේ ඉතින් මේ අයියත් හොදෝටම හිත නරක් කොරන් ගෙදර ආවා. මෙන්න පහු දොහොක මලයා අහපි අයියගෙන්, අයියණ්ඩි දෙන්නේ නැත ඉඩ කඩම් රජයේ මහත්තුරුන්ට කියලා, අයියණ්ඩි උඩ ගිහින් බිම වැටුනේ නැතැයි මලයා අහපු හතරබීරි කතාවට. පහු දොහොක අයියණ්ඩිට ආරාංචි වෙච්චි මලයා ඉඩ කඩම් රජයේ මහත්තුරුන්ට දීලා හොද හිතත් දිනාගෙන ගාණකුත් අතමිට මොලව ගත්තාය කියා. ‍ කොහොමින් කොහොම හරි අයියා නරක මිනිහා කෙරෙව්වා රජයේ මහත්තුරුන්ට.
ඕං බලාහල්ලා එක බත් පත කාලා හිටියා උනත් අයියණඩිට කොරපු දේක කරුණු කාරණා ගැලපිචිච හැටි.
අයියණ්ඩිට හිතට දුකයි, මක්කොරන්නෙයි මලයනෙ කියලා උන්දැ හිත හදාගත්ත.

4 comments:

  1. එක බත් පත කාලා, එකට ඉන්න නිසාත්.....හිත් නරක් කරන්න බැරි නිසාත්....සමහර වෙලවට ඔහොම කට වහගෙන ඉන්න වෙනවා.
    ඒත් ඉතින් පහු පහු වෙද්දී....උනේ මොකක්ද, ඇත්ත මොකද්ද, කොහොමද උනේ....කියලා තේරුම් ගන්නකොට...වෙන්ට ඔන දෙවල් වෙල ඉවරයි.
    හිතල බලන්න වෙන්නේ, තමන් ඒ ගොඩට වැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක විතරයි. ඒ මොකද කියනවනම් ඔය දිව දෙකේ මිනිහයි, පවා දෙන මිනිහයි හැම වෙලේම බලන්නේ...තව එකෙක් හරි ඒ ගොඩට ඇදගන්න තමා......

    ReplyDelete
  2. මොනවා කොරන්නද මලයානේ..

    ReplyDelete
  3. මොනා කොරන්ඩද ආයුබෝවන් , මේ ඉතින් අබුද්දස්ස කාලෙනේ...ඔං

    ReplyDelete
  4. මට එච්චර ඒක තේරුණේ නැනේ.....

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...