Tuesday, July 5, 2011

කටුස්සාගේ ප්‍රේමය...


දන්නෙත් නෑ...දන ගන්න විදියකුත් නෑ...කොරන දේකුත් නෑ...
අහල තියනවා ඔයනේ ඒ උනාට තේරුමක් නෑ මොකද්ද කියල. ඕක ඉතින් කියන අය පැහැදිලි කොරල දෙනවනම් කමක් නෑ.කෝ මොකෙක් වත් දන්නවා කියලය..ප්‍රේමය කියන්නේ මොකද්ද?.කියල අහල ඉවර වෙන්න කලින් කියයි ආදරය කියල...තව එකෙක් කියාවි සෙනෙහස කියල.ආලය කියල කියන අයත් ඉන්නවා.ඒ උනාට උන්ව ගණන් ගන්නේ නෑ.තේරුමක් නැනේ.ඕක දාර්ශනිකව පැහැදිලි කොරන්න ගියොත් මගේ රෙදි ගැල වෙනවා. මොකද කීවට පණ්ඩිතයා වගේ, මට ඇති දාර්ශනික කෙහෙල් මලක් නෑ. බම්බුව තමා.
නිකන් චාටර් වෙන්නේ නැතුව ඔය වචන වලට සමාන පදයි ,විරුද්ද පදයි හොයන්නයි,යුගල පද විචාරය කරන්න ගිහින් හොට එන ගන්නේ නැතිව, දන්නා ඉටි ගෙඩියක් කියල දාමු.
        කටුස්සා ඉතින් අද්‍රනවනේ?. අදුන්වල දෙන්න උවමනාවක් නැනේ?..ඉස්කෝලේ යන කාලේ නම් විද්‍යාත්මක නම මතක් තිබ්බා.. දැන් කොහෙද ඒ මොලේ... කටුස්සාගේ රස්සාව ගැන කියල දෙන්න උවමනාද?. නැනේ?. උට රස්සාවක් නෑ..නො ජොබ් කොම්පනියේම සීනියර් එක්සකෙටිව් බඩුවක්...අපි වගේම තමා (හැබැයි ඉතින් රස්සාව ).
     ඕකා එලෝ මෙලෝ නැතිව හිටියට ටක් ගාලා පාට මාරු කොර ගන්නවා. මාරු කර ගත්ත ගමන් මේ ඉන්නේ අර ඉස්සෙල්ල හිටපු කටුස්සම නෙවේ...වෙන කාගේද එකෙක්..උට තේරුමක් නෑ.. පාට ගැන හැබැයි සම්පුර්ණයෙන්ම වෙනස්...
පැහැදිලි කරලම කිවොත්,පාට  වෙනස් උන ගමන් මුගේ හිතේ තියන ඒවත් මාරු වෙනවනේ?. කලින් කරපු හැමදේම අමතක කොරල. මෙන්න යකෝ මු පටන් ගන්නවා අලුත් එකක්...මේක එතකොට අලුත් එකෙක්, පරණ එක නෙවේ...
හොදම වැඩේ කියන්නේ, මු ආපහු පරණ හිටිය පාටකට ආයේ පැන්නා කියලා. මු ආපහු පරණ එකම නෙවේ... ඒ කාලෙට හරියන. අලුත්ම අලුත්.. බ්‍රෑන්ඩ් නිව් චරිතයක්. පරණ ඒවා දැක්ක කියලා ගානක් නෑ. අලුත් එකක් කරනවා.
     පාට වෙනස් උන කියන්නේ අලුත් කෙනෙක්. නැවුම් අදහස් ,නැවුම් බලාපොරොත්තු, කැටි කර ගත් අලුත් ගමනක් ඇරබුමක්... කියලා තමා කියන්නේ . කව්ද ඉතින් ඕව දන්නේ ?.
අපිට නම් ඉතින් ඔය කිසි දෙකින් වැඩක් නෑ. ඕව ඉතින් දන්නා හින්ද තමා කිවේ . නිකන් ටින් කිරි ග ගන්න ඕනෙත් නෑ. මොකටද ආමාරුය...
ඔය එන කටුස්සෙක්  ආපුදෙන්. කරන දෙයක් කරපුදෙන් , කියන දෙයක් කියපු දෙන්.
මෙහෙම කියන්නේ කටුස්සෝ ගැන විතරක් කියලා අමනාප වෙන්න එපා.. ඔය කටුස්සෝ ගානටම ඔය වැඩේම කරන කටුස්සියොත් ඉන්නවා....
ලෝකයේ පැවැත්ම සදහා..........


1 comment:

  1. කටුස්සො පාට වෙනස් කරන්නේ තැනේ හැටුයටලු.....
    ඉතින් ඔය විදිහේ සත්තු ප්‍රේම කරන්න ගියත්...වෙන මොන වැඩක් කලත් ඔය ටිකම තමා...
    තමන්ට වාසි තියන විදිහට, පරණ එවාට වඩා අලුත් එක හොදයි කියලා ඒකට ගැලපෙන විදිහට පාට වෙනස් කරනවා. හැබැයි ඉතින් ලොකයේ පැවැත්ම සදහා ඔහොම අය ඉන්න එකත් හොදයි.....නැත්තම් කොහොමද පහුවෙලා හරි මේකා කටුස්සෙක් කියලා අදුරගන්නේ.......

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...