Tuesday, January 17, 2012

ipod සීයා...

බස්  එකේ පැය 3 ක් කෝච්චියෙන් ගියත් ඒ වෙලාවමයි...කොලබ යන්නයි ගෙදර එන්නයි මේ වෙලාවම යනවනේ, බුස් එකේ යනවා නම් බෙල්ල කැක්කුම හැදෙනකන් ,කෙල පෙරා ගෙන නින්දක් දානවා. කෝච්චියේ නම් සද්දේ හින්ද ඇහැරිලා ඉන්න පුළුවන්කමක් යන්තන් තියනවා. කඩුගන්නාව හරියෙන් යනකොට නම් බිංගෙවල් ටිකක් හරි බලා ගන්න පුළුවන්නේ. කොහොම උනත් ඉතින් මේ ගමන හරි කම්මැලියිනෙ.

ඔන්න ඔය හින්දම මාත් හිතුව සින්දුවක් අහගෙන යන්න මොකක් හරි කනේ ගහන් යන්ට තිබුණා නම් හොදය කියල. "apple " අයි පොඩ් එකක් ගන්ඩ තරම් මගේ වත්කමක් නැනේ..ඒ හින්දම අපේ "e -bay "  කුරිය සර්විස් එක කරන කිබුලට කියල ගෙන්න ගත්තා චීනයේ නිෂ්පාදිත   අයි පොඩ් කැල්ලක්. ගින්නක් න බඩු හොදයි.

දැන් ඉතින් අාතල් එකේ සින්දුවක් අහගෙන යන්ට පුළුවන් කියල ජොලියෙන් හිටියා. දැන් ඉතින් මොකේ ගියත් මං ඕක කනේ ගහගෙන ආතල් එකේ යන්නේ.ඔන්න ලගදි දවසක හදිස්සියේම නුවර එන්ඩ උණා. ඔන්න ඉතින් කොටුවෙන් නැග්ග මාතලේ කෝච්චියට. කෝච්චියේ තියෙන එකම අවුල මුනෙන්  මුණ බලාගෙන යන එකනේ.එකත් අවුලක් නෑ කෙල්ලෙක් වත් හිටියොත්. ඒ හින්දම කෙල්ලෙක් හිටපු තැනක් බලල මාත් ඉද  ගත්තා ඉතින්.

මගේ කරුමෙට ඒකි ගම්පහෙන් බැහැල ගියානේ...හපොයි..මොන කරන්ඩද දැන් ඉතින් සින්දුවක් වත් අහපිය කියලා ගහගත්තා කනේ.පොල්ගහවෙලදී විතර  වයසක සීයා කෙනෙක් නැග්ගා කෝච්චියට. ඇවිත් ඔන්න මට ඉස්සරහින් ඉදගෙන. පුදුමෙන් වගේ මගේ දිහා බලං ඉදලා අනුකම්පා සහගත් විදියට හිනා උණා. මාත් ඉතින් මනුස්සකමට හිනා උණා . මේ වෙලාවේ කෝච්චියේ ටිකක් විතර සෙනග. ලගපාත හිටගෙන කෙල්ලෝ කොල්ලෝ ටිකකුත් හිටියා. ටික වෙලාවකින් සීයා මගෙන් මොකද්ද ඇහුව වගේ මම දැක්ක. මේක කනේ ගහන් ඉන්නකොට මොකවත් ඇහෙන්නේ නැනේ. මාත් මොකක්ද කිව්වේ කියලා ආපහු ඇහුවා...

"පුතේ කන් ඇහෙනවා මදි හින්දද ඕක පාවිච්චි කරන්නේ"????

මට පොලව පලාගෙන යන්න හිතුණා . ඒත් එක්කම කෙල්ලෝ හීනියට වගේ හිනාවෙන සද්දයක් ....

3 comments:

  1. හපොයි ..විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ....

    ReplyDelete
  2. දැන් එතකොට...අර අන්තිමට හීනියට ඇහුන හිනාව ඇහුනේ කොහොමද දන්නෑ...එතකොටත් ඔක කනේ තිබුනද දන්නෑ...

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...