Sunday, February 19, 2012

"බඩ"...

මේ දවස් වල රැල්ල තමයි මේක. කොහෙන් ගියත් එකෙක් ඉන්නවා මේ සමාජෙට. බඩ කියන්නේ වැදගත් තැනක් නේ. ජීව විද්‍යවවට අනුව නම් බඩ කියන එකේ සැහෙන  ජාති තියනවා.අක්මාව, ආමාශය, අග්න්‍යාශය, පිත්තාශය, වකුගඩු, මුත්‍රාශය, තව සැහෙන දේවල් අන්තර්ගතයි. සමහරුන්ට බඩක් කියල දෙයක් නෑ. බඩ අල්ලපු ගමන් අහුවෙන්නේ පිට කොන්ද.සමහර එවුන්ට තියනවා බඩක්, අම්මට සිරි ඒක බඩක් නෙවේ බඩේ උපත. 

මුණු පොතේ අපේ කට්ටිය අලුතින් ගෘප් එකකුත් හදාගෙන "බඩලන්තේ" කියල. මේක කියවන බලා ඉන්නවා නම් සැට් වෙන්නකෝ  ඒකට. මටත් තියනවා ඉතින් අගලක විතර බඩක්. මත බොහොම වදයක් විදිනවා ඒක 6 පැකට්ටුවක් කොර ගන්න. දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් හැඩට ඉන්නත් එපාය. මුදලාලිලාට තියනවා වගේ කල බඩක් අවොත් කොහොමද සැප. බිම බැලුවට කකුලේ නියපොතු පේන්නෙත් නැනේ..
 
ගහනවනම් බඩට වදින්නම ගහන්න කියල කතාවකුත් තියනවනේ. මේ දවස් වල නම් ඒක තිතටම සිද්ද වෙනවනේ. මං බඩ ගැන කතා කරන්න හිතුවේ මේ දවස් ටිකේම බඩේ අවුල් ගැන අහන්න ලැබෙන හින්දයි. හැම එකම කියන්නේ "මචන් එන්න බැරි උනාට සොරි මගේ බඩේ පොඩි අවුලක්" කියලයි, මගේ යාලුවෙක් හිටිය ඕකට පොඩි දවස් වල ඉදලම බඩේ අවුලක්. ටොයිලට් එකක් පෙන්න බෑ කොහොම හරි ලොග් වෙනවා. කට හරි ලංකාවේ හොද ටොයිලට් එකක් දන ගන්න ඕන නම් උගෙන්ම අහන්න ඕන.
"අපෝ ඒක වැඩක් නෑ බං චාටර්..උබ යනවනම් පලයන් අහවල් ටොයිලට් එකට..අන්න යනවනම් එව්වා ගිහින් ඉද ගන්න විතරයි තියෙන්නේ"
ඔන්න ඔහොම තමයි පොර කියන්නේ.

බඩ ගැන කියද්දී බඩ ගින්න ගැනත් කියන්න ඕන. පොඩි කාලේ මං හිතන් හිටියේ බඩ ඇතුලේ  සෙට් එකක් ඉදන්, එන කෑම වලට වැඩේ දෙනවා කියල. පහු වෙනකොට තේරුණා එකත් මගේ වැඩක් කියල. අනේ වසනවටද කියන්න දන්නේ නෑ මට නම් හොදට කන්න පුළුවන්. ඒ වගේම තමයි මට ඉන්න අතිජාත මිත්‍රයෝ ටික, අපරාදේ කියන්න බෑ කෑම පොඩ්ඩක්වත් අහක දාන්නෙ නෑ. මං දන්නවා අපේ එකෙක් නම් කවදාවත් කන්න නැතුව මැරෙන්නේ නෑ. මැරෙන්නේ කාල වැඩි වෙලා.
  මේක කියවල බඩ ගැන අදහසක් තියෙනවනම් කොමෙන්ටුවක් දාලම යන්න. මටත් එතකොට බඩ පිරෙනවනෙ. නැත්නම් ඉතින් බඩේ හුලන් තමයි...

1 comment:

  1. බඩ ‍රැක ගන්න නේ මේ හැම දෙයක්ම....

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...