Thursday, April 12, 2012

හරක් හොරා

පරණ සිද්දියක්. මං අහපු කතාවක්. කතාව කියපු කෙනා නම් කිව්වේ මේක ඇත්තම සිද්දියක් කියලයි. මේ වගේ කතා ගොඩක් අහන්න ලැබුන. වෙලාවක් තිබ්බ ගමන් එක එක එලියට දාන්නම්කො. පරණයි කියන්නේ 60-70 දශක වල වෙච්ච රස කතා නිසානේ. මෙන්න මේකයි සිද්දිය. මං කියන්නම්කො කියපු විදියට.මේ කියන්නේ කතාව කියන කෙනාගේ  විදියටමයි. ඒ කියන්නේ මං අහපු විදියටමයි.

" ඔන්න ඒ කාලේ අපේ ගමේ මිනිස්සු වැඩිපුරම කරේ කුබුරු ගොවිතැන්. ඉතින් හැම ගෙදරකම වගේ හරක් බානක් වත් හිටියා. වැඩිපුරම හිටියේ මි ගොන්නු. මොකෝ හාන්න කරන්න, කොළ මඩින්න හැම දේටම .සමහර ගම් ගෙවල් වල මි කිරි හදන්නත් පුරුදු වෙලා හිටියා. ඉතින් හැම ගෙදරකම වගේ හරක් ඉන්න හින්දම මුන්ව කොටු කරලා, මුරකාවල් දාල තිය ගන්නේ නෑ. කොහේ හරි තණකොළ තියන ඉසව්වක උදෙන්ම ගැට ගහල තමුන්ගේ වැඩක් පොලක් කර ගන්නවා. "
"හරක් හොරු." මේ කාලේ නම් පුරුදු වචනයක් නෙවෙයි ඉතින්. හැබැයි ඉතින් ඒ කාලේ නම් හිටියා. මුන්ගේ වැඩේ තමයි ගම් ගෙවල් වලින් හරකෙක් දෙන්නෙක් හොරකම් කරලා එක්කෝ මස් කඩේට විකුනනවා, නැත්තම් වෙන ඇත පළාතකට ගොහින් ගොයියෙකුට විකුනනවා. එහෙමත් නැත්නම් හරකව මස් කරලා පුච්චලා රා බොන්න කට ගැස්මට ගන්නවා. මේ වගේ වැඩ කරන්නේ ඉතින් ගමේ ඉන්න එපා කරපුම එකෙක් තමයි ඉතින්. කාගේ හරි හරකෙක් නැති උනොත් මිනිස්සු දන්නවා මේක කරන්න ඇත්තේ අහවල් එකා තමයි කියල.

ඔන්න ඉතින් අපේ ගමෙත් හරකෙක් නැති උණා. අපි ඒ අයිති කාරයට කියමුකෝ ජේමිස් කියල. ඉතින් ජෙමිස්ගේ හරකා නැති උණා කියන්නේ මිනිහට සැහෙන්න පාඩුයි. මිනිහත් බොහොම හිතේ අමාරුවෙන් හැම තැනම හරකව හොයාගෙන යනවා. මේ ගමෙන් ටිකක් ඇතට වෙන්න හිටියා ටිකක් හොර වැඩ වලට ප්‍රසිද්ද මිනිහෙක්. අපි කියමුකෝ මිනිහ ගිරිගොරිස් කියල. ඉතින් බැරිම තැන ජේමිස් ගිරිගොරිස්ගේ ගෙදරට යන පාරත් සෝදිසි කරලා බැලුව. මොකද හරකා ගියා නම්  අඩි සලකුණු තියෙන්නත් එපැයි. හරකෙක්ගේ අඩි සලකුණු නොදැක්ක හින්දයි, ගිරිගොරිස්ගෙන් අහන්න තරම් ධෛර්යයක් නැති හින්දයි. ජේමිස් ආපහු හැරිලා ගිහින් ගමේ ප්‍රදානියට පැමිණිලි කරා. 

ගමේ ප්‍රධානියා  ජෙමිස්ගෙන් අහපු මුල්ම දේ තමයි.
"ජේමිස් තමුසේ ගිරිගොරිස්ගේ ගෙවල් පැත්ත සෝදිසි කරලා බැලුවද"??
" එහෙමයි හාමුදුරුවනේ ,හරකෙක්ගේ අඩි සලකුණු නම් තිබ්බේ නෑ. සපත්තු දාපු දෙන්නෙක්ගේ අඩි පාරවල් නම් ඒ ගෙවල් පැත්තේ තිබුන"....

මේ කාලේ ගම් වල මිනිස්සු සපත්තු දැම්මේ නෑ. එහෙම සපත්තු දාල අව නම් ඒ විශේෂ කෙනෙක් තමයි. අනික අර වගේ හොරෙක්ගෙ ගෙදරට යන්න තරම වැදගත් කෙනෙක් නැති හින්දම. ගමේ ලොක්කට සක හිතුන. මිනිහ මේ ගැන හොයල බැලුව. ඔන්න එතකොට තමයි වැඩේ පත්තු උනේ.
ගිරිගොරිස්ම තමයි හරකව අරන් ගිහින් තියෙන්නේ හැබැයි මිනිහ මොලේ කල්පනා කරලා, අහුවෙන හින්දම කොහෙන් හරි හොයා ගත්ත බුට් සපත්තු කුට්ටම් දෙකක් හරකාගේ කකුල් වලට දාල. ඉතින් කාටවත් හොයන්න බැනේ  හරකෙක් ගියා කියල????..

ඔන්න ඕක තමයි කතාව. මේ වගේ කතා ගොඩක් අහන්න ලැබුන මට. ගමේ ගොඩේ ඇවිදින කොට පරණ මිනිස්සු ගව ලස්සන රස කතා තියනවා. ඉතින් මේ කතාව හොදයි කියල ඔයාලට හිතෙනවනම්. ප්‍රතිචාර දක්වන්නකෝ. එතකොට මං අනිත් කතා ටිකත් හෙමින් හෙමින් එලියට දාන්නම්කො.




1 comment:

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...