Wednesday, July 13, 2011

මඤ්ඤං ......

එපා වෙනවා. තිත්ත වෙලා මට නම් දැන්හොදටම ඇති..
මොනවද  දැන්ඔයා එපා වෙලා තියෙන්නේ?
මේ ජිවිතේ...
අර මොකෝ? කවදාවත් නැතුව?
නෑ නෑ, මට දැන් හුග දවසක ඉදල මෙහෙම හිතෙනවා
සැහෙන්න ලොකු ප්‍රශ්නයක් වගේ?.
එකක් නෙමේ ගොඩක්...
ඔහෝ, මොනවද ඇත්තට ඔය තරම්  තියන ප්‍රශ්න? ආ?
මේ.....
ඔව් ඔව් කියන්න කියන්න,උදව්වක් කරන්න පුළුවන් දෙයක් නම් කරන්නම්.
වැඩක් නෑ, ඒවා ඔයාට විසදන්න බෑ..
අය්යෝ, එහෙම කියන්න එපා..ඇයි කෙල්ල තරහ උනාද?
නෑ..
එහෙනම් කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනාද?
නෑ නෑ..
විබාගේ ලකුණු අඩුයිද?
නෑ අනේ...
අම්ම බැන්නද?
නෑ නෑ නෑ
එහෙනම් මොන මගුලක්ද මේ?
මට සැහෙන්න හිතට අමාරුයි...
ඉතින් මොකද්ද දැන් ඔය ප්‍රශ්නේ?
මගේ මුනට නහය ගැලපෙන්නේ නෑ කියල කෙනෙක් කීවා...
කව්ද කිවේ?
මනුස්සයෙක්...
ඉතින් අදුරන්නේ නැති මනුස්සයෙක් එහෙම කීවට ඕක ඔයතරම් බැරෑරුම් දෙයක් නෙවේනේ....
නෑ එක නෙමේ අවුල...
මොකද්ද??
ඒ මනුස්සය...
ඇයි???
ඒ මනුස්සයට ඇස් පේන්නෙ නෑ...

5 comments:

  1. එහෙමනම් දැකලා තියෙන්නේ වෙන කේස් එකක් වගේ

    ReplyDelete
  2. (මඤ්ඤං වී ඔලුව කසමින්..)

    උඹ මේකද බං පහුගිය දවස් වල අප්සට් මූඩ් උන්නේ?

    ReplyDelete
  3. ආ චතු...පහු ගිය ටිකේ මං එහෙම හිටියද?...මට නිච්චියක් නෑනෙ????

    ReplyDelete
  4. මේක නම් මඤ්ඤං තමා...මොකක් ලියන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ.....

    ReplyDelete
  5. ජීවිතය මඤ්ඤමක් නොවන්නේ කෙදිනද?

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...