Thursday, July 14, 2011

පැටලිලාද මන්දා...

කොහොමත් මට ටිකක් විතර පිස්සු කියලා ලගදී ඉදන් දෙතුන් දෙනෙක්ම කිව්වා. මං මෙච්චර දවසක් හිතන් හිටියේ "අනේ මට නෙවෙයි උන්ටයි පිස්සු කියලා...". හැබැයි මට දැන් හිතෙනවා මට නම් මොකක් හරි පොඩිවට හරි පිස්සුවක් තියනවා කියලා.
මාත් ඉතින් පැත්තකට වෙලා කල්පනා කරා. හික්...ලොකු පටලැවිල්ලක්, හරියට නිකන් නූල් බොල ගොඩක් එකට ගැටගැහිලා තියනවා වගේ...අග මුල හොයා ගන්න බැරුවනේ මම දගලන්නේ...
එතකොට ඉතින් බලන් ඉන්න අයට මට පිස්සු කියලා හිතෙන එක අහන්නත් දෙයක්ද?
මං තවත් කල්පනා කරා...හරිනේ... මම මෙච්චර දවසක් ගිහින් තියෙන්නේ නොලැබෙන දෙයක් ගන්නනේ...පැටලෙන්නේ නැතුව තියේවියැ.
සමහරු කියනවා,නොලැබෙන, නොගැලපෙන දේවල් ගැන හිතනකොට ඔහොම වෙනවලු...
හැබැයි ඉතින්,ඔච්චර දවසක් ඔය නොලැබෙන දේ ගන්න දැගලුවනේ...තවත් උත්සාහ කරමු කියලමයි හිතුනේ.
ඒ උනාට අනිත් අය ඉදිරියේ මම පිස්සෙක් වෙන්නේ මොකටද.........?
දැන් මම කල්පනා කරන්නේ...ඔය නොලැබෙන දේ ගන්න කියලා මට කිව්වේ කව්ද කියලා හොයන එකයි...
ඒත් ඒ...මමමද කියලත් හිතෙනවා...
අනේ දෙයියනේ...පැටලිලාම තමයි...

3 comments:

  1. ඒකනේ...අපි කොයි කාලෙක ඉදන්ද කියන්නේ ඔය පිස්සුවට බෙහෙතක් හොයා ගන්න කියල..කෝ ඇහුවයා...
    ඒක හින්ද තමා පැටලෙන්නේ

    ReplyDelete
  2. කියන්නා කෙසේ කීවත්
    අසන්නා සිහිබුද්ධියෙන් අසනවානම්
    ජීවිතය කෙදිනකවත් නොපැටලේවී...............

    ReplyDelete
  3. ඔන්න මාත් ටැපලෙනව.......

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...