කේන්දර ගැලපෙනවද...? ඔන්න ඔය වචන දෙක ගොඩක් අයගේ ජීවිත වල ඇහිලා තියන වචන දෙකක් වෙන්ඩ ඔනෑ. මොකද ඉතින් කසාදයක් හෙම බදින්න අදහසක් තියනවනම් හැමොම වගේ ඔය ප්රශ්නේ අහනවානේ...
මං නම් ඉතින් ඔවා ගැන වැඩිපුර දන්නේ නෑ. හැබැයි කේන්දර ඔලුව උඩ තියාගෙන ඉන්න කෙනෙක් මට ලගදී මුන ගැහුනා. හරිම අපූරුයි...එයා කියන විදිහට ඔය කේන්දරේ තියන කොටු දොලහෙන් තමයි අපෙ මුලු ජීවිතයම තීරණය වෙන්නේ...
කසාද බදිනකොට කුජද, සදුද, බුදද, අරකද මේකද බලන්න ඔනේලු...ගෙදරක ප්රශ්න තියනවනම් ඒත් ඔය කොටු ටික පිලිවෙලට තියනවද බලන්න ඔනේලු...
මගේ හිතේ...එයා මුලු සෞරග්රහ මණ්ඩලයම ගැන කිව්වද කොහෙද... එතකොට මට හයේ පන්තියේ විදයාව පාඩමත් ඒ අස්සේ මතක් උනා...
මං ඉතින් මේ ග්රහයෙක්වත්, කේන්දරේවත් හෑල්ලු කලා නෙවෙයි. ඒවත් ඉතින් තියෙන්නෙ එපැයි...හැබැයි මං හිතන්නේ ඔය කොලේක ඇදලා තියන කොටු ටිකකට අපේ ජීවිතේ තීරණය කරන්න පුලුවන්යැ...
මේ කොච්චර කිව්වත් මාත් ගෙදර ඇවිල්ලා, මගේ ග්රහ කොලේ අරගෙන බැලුවා...මට තේරුන විදිහට...??? අනේ මංදා...
අනේ මන්දා?
ReplyDeleteකටේ මසුරන් දාන්න වටින පෝස්ට් එක
ReplyDeleteඔය ග්රහයන්ට තනියම කිසි දෙයක් කොර ගන්න බැරි එකේ ..කොරයි අපිට...
ReplyDeleteකේන්දර බඩ බැඳගෙන මෝඩ විදියට පාවිච්චි නොකර අපේ පැරණි චාරිත්ර සුරැකෙන විදියට වැඩ කළාම හොදටම ඇති.
ReplyDeleteබ්ලොග් එකක් ඇතුලේ ලින්ක් දාන එක හරි නෑ තමයි ඒත් මේකෙ දේවල් ඉදල හිටල හරි බලන්න.
http://lankajhothisha.blogspot.com/