Sunday, September 4, 2011

ක්‍රියාවද... ප්‍රතික්‍රියාවද...

මෙහෙම හිතමු...
ඔනෑම කෙනෙක් එක් දෙයකට සමීප වෙනකොට තවත් දෙයකින් ඈත් වෙනවා...
එක් දෙයකින් ආරක්ෂා වෙනකොට තවත් පැත්තකින් අනාරක්ෂිත වෙනවා...
එක් අතකින් දියුනු වෙනකොට අනිත් අතින් පිරිහෙනවා...
මේ කියපු දේවල් අපි කාටත් එක විදිහම තමයි. කොටින්ම කිව්වොත් මේක ලොක ස්වභාවයේ එක් අංගයක්. හැබැයි ඒ ස්වභාවය තේරුම් නොගන්න තාක් කල් දුකින් නම් ඈත් වෙනවා බොරු...
දැන් මෙහෙමත් හිතමු...
මොන යම් හො ක්‍රියාවක් තියනවා...ඒත් එකට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ කවුද...? ඒකට උත්තර හොයන එක එක අතකින් අමාරු වැඩක්.
හැබැයි ඉතින් කොහොම කිව්වත්, අන්තිමට බොහොමයක් ක්‍රියා කරන්නෙත් ඒවට ප්‍රතික්‍රියා උපදවන්නෙත් අපිම තමයි...ඒ කියන්නේ තමන්මයි.
"මමංකාරයෙන් (ඒ කියන්නේ මම කියන එකම තමයි.) කරන ඔනෑම දෙයක් ලොකයේ ධර්මතා වලට පටහැනි..." මම කියන දෙයක් නම් නෙවෙයි, ලොකයේ ස්වභාවය හරි හැටි තේරුම් ගත්ත බොහො දෙනෙක් කියපු කතාවක්.
කොටින්ම කියනවානම් 'මම' නැති ක්‍රියාව, ප්‍රතිකියාවක් නොඋපදවයි.

2 comments:

  1. ක්‍රියාකාරිත්වය උදෙසා ක්‍රියාකරන ප්‍රපංචය, හුදෙක් අන් අය සදහා නොව "මම" උදෙසාමය...

    ReplyDelete
  2. මේ ලෝකය තුළ සියල්ලෙහි රදා පැවැත්ම
    මමත්වය නම් වූ එක් කර්කෂ වචනයක් තුළ රදා පවතී....

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...