Friday, September 16, 2011

අපුරු පාඩම...

හුග කාලෙකින් කතාවක් කියන්න බැරි උනානේ.දැන් නම් ඉතින් කතාවක් කියන්න කාලේ හරි කියලා හිතුණා. මේකට මිනිස්සු ගැන දාගෙන කීවොත් ඒක එයාලට අපහාසයක් වේවි කියල හිතුන හින්ද සත්තුන්ගෙන් කතාව පටන් ගන්නම්කො.මේක අහල සත්තු මාත් එක්ක තරහ වෙයිද දන්නේ න.මේ කාලේ හැටියට සත්තු තරහ කර ගෙනත් බෑ.සත්තුන්ට දේශපාලන බලය තියනවනේ..
මේ නිකන් වල් පල් දොඩවන කියලා හිතන්න එපා.මං කතාව ස්ටාර්ට් කොරන්නම්කො එහෙනම්.
               ඔන්න එකමත් එක රටක හිටියා .... නෑ නෑ එක කලාවක හිටියා සත්තු ටිකක්. මේ සත්තු බොහොම සමගියෙන් ජිවත් උනා කීවොත් ඒක වැරදීමක් වෙන්නත් පුළුවන්.නැත්තම් ඒක ඇත්තක් වෙන්නත් වෙන්න පුළුවන්. පොඩි පොඩි වැලි ප්‍රශ්න තිබුණා .ලොකු සමාජයක් හින්ද ඒවා සුළු සුළු දේවල් නේ.
             ඔය වනාන්තරේ  පැත්තක හිටියා  නිකන් සොමියට බර නරි පැන්චෙක්. නරියෙක් කිවම හිතට එන්නේ කපටියෙක් කියලනේ?.. ඒ උනාට හැම නරියම කපටි නෑ.එයාල තැනට සුදුසු නුවන පාවිච්චි කරනවා..මේ නරි පන්චගෙන් කාටවත් කරදරයක් නෑ.ඕන කෙනෙකුට හිනා වෙලා කතාකරනවා නරි පුන්චල, හා පුන්චල,මේ ඕන කෙනෙක් එක්ක මේ නරි පංච සෙල්ලම් කරනවා.ඒ අයත් නරි පුන්චට හරි ආදරෙයි.මේ නරි පුන්චල හිටපු කැලේ හිටියා හොද උගත් වලස් රාළ කෙනෙක් ,ඉතින් මේ වලස් රාළ මේ කැලේ හිටපු ඔක්කොම පන්චලා,පැන්චිලට වනාන්තරේක ජිවත් වෙන්න දන ගන්න ඕන දේවල් උගන්නන පටන ගත්තා.  
             මෙන්න මේ කැලාසියේ හොදම ,දක්ෂම කෙනා උනේ හා පැන්චියෙක්. මේ හා පැංචි හරි දක්ෂයි.උගන්නන දේවල් ඉක්මනට අල්ල ගන්නවා.ඉතින් අපේ නරි පන්චත් මේ හා පැංචි එක්ක එහෙම හොදට හිතවත්.මොකද හා පැංචි හුගක් දේවල් දන්නවනේ ,මේ පන්තියේ හැමෝමත් හරිම එකමුතුයි.
            ඔහොම කාලයක් ගිය මෙන්න මේ කැලේ අපේ නරි පැංචා හරිම ජනප්ප්‍රියයි ,මොකද නරි පැංචා හරි විහිළුකාරය.ඕන කෙනෙක්ව ඉක්මනට හිනස්සවන්න එයාට පුළුවන්.ඔය කාලේ මේ හා පැන්චිගේ හිතේ නරි පැංචා ගැන කැමැත්තක් ඇතිවෙන්න පටන් ගත්තා.හැබැයි මේ නරි පැංචා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.එය ඉතින් වෙනද වගේම හැම කෙනා එක්කම එකම විදියට හිටියා.මේක ඉතින් ටික කාලයක් යනකොට ප්‍රසිද්ද රහසක් උනා. ඒ කියන්නේ නරි පැංචා ඇරෙන්න අනිත් හැම කෙනාම මේක ගැන දැන ගත්තා. 
             නරි පන්චට ඉතින් වටෙන් වටෙන් මෙහෙම ආරංචියක් ආවා. ඒත් එයාට ගානක් නෑ.ඕව ඉතින් විහිලුවටත් කියන දේවල්නේ. ඔන්න ඒක දවසක් හා පැංචි ,නරි පන්චට මේ ගැන කිව. නරි පැංචා ඉතින් හොල්මන් උනා.ඒත් යාලුවෙක් තරහ කර ගන්නත් හොද නැනේ කියලා හිතපු නරි පැංචා ඒ ගැන හොදින් කියලා දුන්න. කවදාවත් නරියෙක්ට හාවෙක් ගැලපෙන්නේ නැනේ??.ඒ වගේ දෙයක් කොහොමටත් සිද්ද වෙන්නේ නැති නිසා නරි පැංචා මේ ගැන හා පන්චිට පැහැදිලි කරලා දුන්න. හා පන්චිත් ඒක හොදට අහගෙන හිටියා.නරි පන්චත් එක්ක යාලුවෙක් විදියට ඉන්නත් පොරොන්දු උනා. හැබැයි මේ කතාව රහසක් විදියට තිය ගන්න ඒ දෙන්නම හිතා ගත්තා.
             ඔහොම කාලයක් ගිය. මෙන්න යකෝ අර හා පැංචි අයෙත් නරි පන්චගෙන් අර කලින් දේම ඇහුව.එදා නම් නරි පන්චට හොදටම කේන්ති ගිහින් හා පන්චිට බැන්නා.හොදටම බැන්නා
හා පන්චිත් හොදටම ඇඩුවා.පහුවෙනිදම හා පැංචි ඇවිත් නරි පන්චගෙන් සමාව ගත්තා.නරි පන්චත් ඉතින් පව් කියලා හිතල සමාව දුන්න. මේ සැරේ නම් මේ කතාව නරි පන්චාගේ යාලුවෝ දෙතුන් දෙනෙක් දැන ගත්තා,හා පන්චිටත් ඉතින් ලජ්ජා හිතුණා මේ ගැන.මේක අනිත් අය දැන ගත්තොත් හා පැන්චිට  ලජ්ජා වෙන්න වෙන හින්ද, එතකොට හා  පැන්චිගේ ප්‍රතිරූපයට හානියක් වෙනවනේ. ඔන්න එතකොට හා පැන්චිට ගැන දෙවි නුවන පහල උනා.එය එකපාරටම අඩ ගෙන ගෙදර අයට ගිහින් කීවා නරි පැංචා එයාට හරියට කරදර කරනවා ඒ හින්ද ආයේ කොහෙවත් යන්න බෑ කියලා.මේක අහපු හා පැන්චිගේ අය්යාට හොදටම කේන්ති ගියා.එය නරි පන්චට හොද පාඩමක් උගන්නන්න හිතාගෙන කට්ටියකුත් එක්ක නරි පැංචා හොයාගෙන ගියා.නරි පන්චාව හම්බ උනා.නරි පැංචා කියපු දේ හා පන්චට තේරුම් ගන්න පුළුවන් උනා.ඒ හින්ද ඒ දෙන්න ආයේ රණ්ඩු කරන්න ගියේ නෑ.
          මේ හින්ද නරි පැංචා හොදටම කලකිරුණා.   ආයේ කවදාවත් පැන්චිලට උදව්වක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕන කියලා නරි පැංචා හිතට ගත්තා.

ඔන්න ඒ විදියට තවත් කතාවක් ඉවර උනා...

7 comments:

  1. ඇ............ අදමයි ඇහුවේ ඕන්.........

    ReplyDelete
  2. ඕවත් ඉතින් වෙනවා ඇත්තටම...

    ReplyDelete
  3. ඔයින් ගියා මදැයි...

    ReplyDelete
  4. ඔය කතාවට මිනිස්සු දාලා ගත්තොත් නම් ඉතින් මාරයි! :D

    @හා පැටික්කී

    හා පැටික්කි අක්කාගේ එහෙනම් අපි නොදන්න සීනුත් තියෙනවා ඈ..

    ReplyDelete
  5. ළමයෝ ඒ හා පැංචි මිසක් පැටික්කි නෙමෙයි..... හනේ හැබෑට හා දැක්කත් ඇති මේ ළමයට....... :@

    ReplyDelete
  6. @චතුවා..
    .මචං පැංචි & පැටික්කි කියන දෙකේ වෙනස මොකද්ද බං?

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...