ඔන්න ඉතින් කාලෙත් ගතවුනා. අළුතින් පටන් ගත්තා නොවැ පාටමාලාවක්. මොක්කද කියන්නේ... **මානව සම්පත් කලමනාකරනය** (HRM).. එහෙම තමා ඒකට සිංහලින් කියන්නේ. මේකේ ඉතින් අර 1000ට 5 ක් වගේ කෙල්ලො 10ට 2ක් විතර ලස්සන අය හිටියා.. ඔය දෙකේන් එක්කනෙක් පොඩ්ඩක් ලස්සනයි නොවෑ.
ඔන්න ඉතින් දවසක් උදේන්ම පන්තියට ආවා. අපේ පන්තියේ අයියා කෙනේකුට පෑනක් ගන්න ඔනේ වෙලා.
“යමන් මලයා පොඩ්ඩක් කඩේ පැත්තේ..” කිවුවා..
මගේ එක්ක ඉන්න එකා නිසා මමත් ගියා.
මිනිහට කියන්නේ අපි BBD කියලා. ඒ කියන්නේ බඩු බාර දෙවියෝ. මැන්ස් තමා අපේ ඒරියි එකේ කෙල්ලෝ බාරව ඉන්නේ. එහෙම කිවුවම තේරෙනවානේ ඉතින්.
ඔන්න ඉතින් පඩ්පෙල බැහැගෙන පල්ලේහාට එනකොට අර කලින් කියපු ගැණූලමිස්සි මුනටම සෙට් වුනා නෙවෑ. උදේ පාන්දරම කෙනෙක් දැක්කාම Good Morning කියන එක පුරුද්දක් නේ. ඔන Wedding එකක් කියල මමත් කියපිය.
එවෙලාවේ මගේ පිටිපස්සෙන් BBD හිටියා නොවැ.
මෙන්න අර ගැණුලමිස්සිත් අමුතු විදිහට කැරකිලා හුරතල් වදනින් GOOD MORNING කියපිය.
කිවුවා විතරයි අර පොර කෙලපිය මට හොල්මන් වෙලා යන්න...
නැ.. නැ... ගැහුවේ BB දෙවියෝ නෙවෙයි. අර අනන්ගයා කියල පොරක්ක ඉන්නේ අන්න ඒ මනුස්සයා. වැදිච්ච පාර එහේමම හිතේ තියාගෙන BBD එක්ක කඩේට ගියා.
අපිට දවස් පහේම පන්ති තිබ්බට අර ලම්ස්සිලාට තියෙන්නේ මාසෙටම දවස් 3 යි. ඔහොම මාස 4 ක් විතර ගෙව්ලා ගිහින් එ ලමිස්සිලාට පන්ති ඉවර උනා නෙවැ....
“අහෝ දුකකි ඉරක් තිතකි...” ඒ රුවත් සිතින් වියැකි ගියා..
ඔහොම යනකොට HRM ඇඩ්වාන්ස් කොස් එකක් පටන් ගත්තා. මෙන්න බොලේ අර ලම්ස්සි මේකටත් ඇවිල්ලා.. “අම්මා ගහයි ටින් එකෙන් කිවුවළු….” මට නිකන් ඉහේ මලක් පිපුනා වගේ. ආයෙත් කොල්ලා වැඩෙට බැස්සා ඉතින්. J
මල හත්තිලවුවයි..!! කියන්නේ පන්තිය තියෙන්නේ සෙනසුරාදාටනේ. දැන් ඉතින් සෙනසුරාදත් වරෙන්කෝ. ඔන්න පාඩම් කරන්න කියලා සෙනසුරාදවල් දෙකක් විතර ආවා. ඔන්න ඉතින් ඔහොම යනකොට. දවසක් Office එක ඇතුලට මොකක් දෝ මගුලකට රින්ගද්දි මෙන්න අර ගැණුලමිස්සි මොකක්ද මන්දා Official Letter එකක් දෙන්න ඇවිත්. Reception එකේ ඉන්න අක්කත් මගේ හොද පිට් එක. මම ඉතින් අතින් පයින් අමුනලා කරල සිග්නල් එක දුන්නා එයාගේ විස්තර ටික තියාගන්න කියලා.
මේ අලකලන්චි අස්සේ පොඩ් සිද්දියකුත් මතක් උනා. මම ඉතින් කෙල්ලෝ ගැන හොදට හොයල බලන මනුස්සයා. ඔහොම කෙල්ලෝන්ගේ අලගිය මුලගිය තැන් හොයල බලලඉවර වෙනකොට ඊට දවස් දෙක තුනකට කලින් කෙල්ල කොල්ලේක් එක්ක යාළුවෙලා. මට වෙන්නෙම ඔහොම දෙවල් තමා. මම පෝඩ්ඩක් ඉක්මන් වෙන්න හිතුනා.
මට ඉතින් මතක් උනා යාළුවෙක් කියපු කථාවක් ..
“ගඨ ඇත්නම් පත කුඩාද..” කියලා. ඉතින් මම ගඨ ගත්තා අද අහනවාමයි කියලා. Reception එකේ ලස්සනට තියල තියන මල් කලබින් රෝස මලකුත් ගලවල ගත්තා.
මල කෙලියයි අක්කා කෙනෙක් කියපි.
“මල්ලි ඔක Yellow පාටනේ බන්, Red එකක් නේ දෙන්න ඔනේ… “
“මොකක් හරි මගුලක් නේ බන්… “ කියල මම අහන්න ඔනේ ටික කට පාඩම් කරගත්තා.
ඔන්න කෙල්ල වැඩේ ඉවර කරන් යන්න හැදුවා. මමත් යන්න ඉඩදිලා Office එකේ දොර ඇරන් එලියට ගියපු ගමන් කථාව අහන්න අධිටන් කරගත්තා...
3, 2, 1, GO.... මම කට ඇරියා.
“Excuse me'...මට ඔයා එක්ක පොඩ්ඩක් කථාකරන්න පුළුවන්ද..?? “ මගේ පළමු වචන ටික.
“ඔවු කියන්න...” එයා කියපි.
මල හත්ඉලවුවයි… මගේ වදන් ටික එලියට එන්නේ නෑ... දාඩියත් ගලන්න පටන් ගත්තා.
මම මොකුත් නොකිව නිසා එයා යන්න ගත්තා..
පඩිපෙල් දෙකක් බැහැල මම ආයේ ඇහුවා..
“Excuse මට ඔයා එක්ක පොඩ්ඩක් කථා කරන්න පුළුන්නද....?? ” මේ සැරේ එයා නැවතුනේ නෑ.
පඩ්පෙල ඉවර වෙන්න එන්නේ තව ටිකකින් එයා පාරට බහිනවා.
ආන් මට ඉන්න බැරියෝ..............!!
මෙන්න එක පාරටම පැන්නේ නැද්ද.... නෑ නෑ එයා නේවෙයි, මගේ කටින් වච්චන වගයක්.
“මේ.. මේ.... මේ... මම ඔයාට කැමති ඔයා මොකද කියන්නේ...” හිතාගෙන හිටියේ එහෙම අහන්න නෙවෙයි..
“අයියෝ මම දන්නෑ…. “ ඔන්න ඔහොම උත්තරයක් දිලා යන්න ගියා.
එයා අදින්නේම සුදුපාට ඇදුම්මයි. මම හිතන්නේ එයා කැමති පාට වෙන්න ඇති. මම කළු පාට ඇදුම් වලට කැමති වුනත් දැන් ඇදුම් ගන්න යද්දි අත යන්නේ සුදු පාට එවාට.. අනේ මට මොකදො වෙලා..
කොහොම හරි එයාගේ නම හොයාගත්තා නිල ලත් මාර්ගයකින්.. ඉතුරු විස්තර හොයන්න කෙනේකුට බාරදුන්නා.
සෙනසුරාදට යනවා, මම ඒයා දිහා කෙලින් බලනවා, එයා මගේ දිහා හොරෙන් බලනවා. එයාගේ යාළුවෝ මා දිහා බලල හිනා වෙනවා..
ගෙදරට වෙලා කල්පන් කරකරා හිටියා. ඔය අතරේ තොරතුරු හොයන්න කියපු කෙනාට මැසේඡ් එකක් දාල මතක් කරා.. ඔන්න ටික වෙලාවක් ගිහින් රිප්ලයි එකක් ආවා..
“FRANKIE මෙන්න හොයාගත්තා….”
“එයාගේ නම මේක(Blank….)”
“යාළුවෝ කථා කරන්නේ (Blank…)නමින්.”
“එයා ඉන්නේ (Blank…..) “
“එයා 1989 කෙනේක්...” කියන එක දැක්කා විතරයි, මොකක්දෝ එකක් නැතිවෙලා ගියා වාගේ දැනුනා. “අහෝ මෙවන් ඛේදවාචකයක්... “
2011.09.24 වෙනිදා ඔන්න ඔහොම තමා දුක්මුසු කථාව ඉවර වුනේ….
කසුන් කල්හාර අයියා කිවුවා හරි…
“ඇරබුම කදුලක්වෙලා මා බලා ඉද්දි ඒ දිහා....”
හා හා ඔය වැඩේ හරිනැනේ...?? කියවලා ඉවරවෙලා නිකන්ම යන එක. ඒ නිසා කමෙන්ට් එකක් දාලම යන එක පවු නෑ නේ..
api mehema una kiyala gema atharinne na malli !!! api vadagath paasalakata giya kollo !!! try & try one day you can try again....!!! <3
ReplyDeletehindeewi kothanaka hoe himikariya........
ReplyDeletehaiyooo bohoma amaruwen kiyeuwa..paw wade..:'(
ReplyDeletemacho love karanna wayasa problem ekak karaganna eka waradiy banz
ReplyDeleteවයස ප්රශ්නයක් නෑ බං...අතාරින්න එපා...
ReplyDeleteade so sad...... umba atharinna epa machn wayasa aulak na
ReplyDeleteයකෝ.. මෙවන් ඛේදවාචකයක් උඹට වුනා කියලා උඹ ළඟම ඉන්න මමවත් දැනගෙන හිටියේ නෑනේ බං..
ReplyDeleteපාරේ යන්නේ එක බස් එකද බං.. ;)
මේවට මොනවා කියන්නද මන්ද, අපිට සංස්කෘතියක් කියල දේකුත් තියෙනවලු මල්ලියේ...
ReplyDeleteපනින්න පෙර සිතා බලන්න...
මේක කරන් ගිහිල්ලා අනාගතයේදි පසුතැවෙනවාට වඩා හොදයි. නියපොත්තෙන් කඩන්න තියනදේ අමාරුවෙන් උනත් දැන්ම කඩල දාන එක..
ReplyDeletemachan ube love eka real nam, dennagema ideas galapenawanam, life eka purama dennatama sadaranayak wenawanam echcharai banz. mama danna lankawe සංස්කෘතිය thula kohewath marriage ekakadi kellege wayasa kollata wada aduwenna one naha. dennata denna waradi watahimakin nam kohoma unath prashana enawa.
ReplyDeletei e o maara story ekane... eth etin adareta wayasa bhadawak ne kiyala thamai mamanam ahala tiyenne.............thts up 2 u bro...anyway vsh u all the bst.....
ReplyDeletecome on dude it is only 2 years..... my w,w is also elder than me....
ReplyDelete