මේ කථාව ලියන්න විශේෂ හේතු පාදකයක් උනේ අපේම සහෝදරයෙක් මෙහි පළකරපු ලිපියක්.....
මිනිස් ජීවිතය වඩාත් අර්ථවත් හා සුන්දර වෙන්නේ, ආදරය හෙවත් ප්‍රේමය නිසාය. මෙය මිනිසාගේ හදවත් පුබුදු කර, තෘප්ත කර මිනිසාට ජීවත් වීමෙහි සුන්දර බව මතුකරලනවා. මේ නිසාම ආදරය හෙවත් ප්‍රේමය අපේ ජීවිත වලට හැකිතාක් දුරට බද්ධ කර ගැනීම ජීවිතයක් ගත කිරීමේදී අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකීම වටිනවා. අපි හැකි සෑම විටකදිම ආදරය, කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය, හිතවත් බව වර්ධනය කර ගන්නට ඕනේ. බොහෝ දෙනාට විවිධ හේතු සාධක නිසා ප්‍රේම සහකරුවෙකු සොයාගැනීම හෝ ඇය/ඔහු රදවා ගැනීම අපහසු වෙනවා. මෙම කාර්යේදී අපට 100% ක්ම අප බලාපොරොත්තු වන පෙම්වතෙකු, පෙම්වතියෙකු, මිතුරෙකු, මිතුරියෙකු හමුවන්නේ නෑ. අපට අප සොයන තැනැත්තා හෝ තැනැත්තිය නොලැබෙන්නේ අපගේ අධ්‍යාත්මික අවපාතයක් නිසාවෙනි. එසේනම් අප සුදුසු සහකාරියක හෝ සහකරුවෙකු සොයන්නේනම් ඊට පෙර අපගේ අධ්‍යාත්මික අවපාතයට සුදුසු පිළියමක් යොදා ගත යුතුය. අද බොහෝ දෙනා සිතා සිටින්නේ මුහුදේ සිටින්නේ එක මාළුවෙකුද කියාය. මාළු දහස් ගණනක් සිටියත්, තමාට ගැලපෙන මාළුවෙකු ඒ අතරින් සොයා ගැනීම වඩාත් අසීරු කාර්යයයි. අපට මිත්‍ර සබදතා, නැණවත් මිත්‍ර සබදතා පැවැත්වීමට නොයෙකුත් අය සිටී. එහෙත් අපගේ සහකරුවා හෝ සහකාරිය වන්නේ ඒ අතරින් අප තෝරාගන්නා, අප සමග එක්ව ජීවත්වීමට වඩාත් සුදුසු පුද්ගලයාය. ආදර සබදතා කෙසේ ඇතිවන්නේද යන්න තවම අපට පිළිතුරු සොයාගත නොහැකි ගැටළුවකි. කෙසේවෙතත් මෙලොව ජීවිතය සතුටින් ගත කිරීම අප සැමගේ ප්‍රාර්ථනයයි. මවකගේ කුස පිළිසිදගත් මොහොතේ සිට මරණය දක්වාත්, මරණින් පසුවත් අප සැවොම එකට ඇද බැද තබන තනි සාධකයක් වේ නම් එය ආදරයයි.
දැලක් එලුවාම් ඕන තරම මාළු අහුවෙනවනේ අක්කේ...ඕන තරම් අරන් අනිත් ටික ආපහු දානවා...
ReplyDelete:D
ඒත් ඡෙරි ඔය වැඩෙ ඔයා කියන තරම් ලෙසි නෑ.අපිට ඔන මාලුව දැලට අහු නොවෙන්නත් පුලුවන්.මොකෙක් හරි මාලුවෙක් හරියන්නෙ නෑ බං.ඒත් ඒ මාලුවා අහුවුනෙ නැතත් ඒ මාලුවට තියෙන අාදරෙ නැති වෙන්නෙ නෑ. <3
ReplyDeleteමොනවා උනත් මම කිඹුලා කියපු එකට එකඟයි....
ReplyDeleteඅපි දැල් දමන්නේ හැම මාළුවටම නෙමෙයිනේ එක මළුවෙක් දිහා බලාගෙනනේ එත් ඒ මාළුවා අහු නොව්නෝත්.......????? එතන තමා ගැටලුව.....
එදාට දැනෙන දුක ගොඩක් වැඩියි, ඒක තනියම විදිනකොට ......
ඒක ජෙරියෝ විදින්නම ඕනි දැනගන්ඩ
ඕනම මාළුවා හොයාගත්තත් අපේම කරගන්න ගොඩක් අමාරුයි නේද අක්කි
ReplyDelete