Saturday, September 17, 2011

මාරයා ඉදිරිපිට මොහොතක් හෙවත් මාමණ්ඩි දුටුවෙමි...

 මේක උනේ A /L කරන කාලේ.එතකොට O/L ඉවර වෙලා ඉස්සරෝම ක්ලාස් පටන් ගත්ත කාලේ.එතකොට අපේ කොල්ලෝ සෙට් එක නුවර ක්ලාස් යනවා.ඔය අතරේ මගේ අතිජාත මිත්‍රයට කෙල්ලෙක් ගැන ඉව වැටිලා තිබුනේ.ඉතින් මේ කෙල්ල ගැන හොයන්න ඕන කියල මු අපිට කීවා.අපිත් ඉතින් ඔය වගේ වැඩ වලට සහජ හැකියාවෙන් යුක්ත පොරවල් හින්ද අපිත් වැඩේ බාර ගත්තා.කෙල්ල සෙට් වුනේ කොහොමද කියන එක ලොකු කතාවක්.එකෙත් රසවත් සිද්දි ගොඩක් තියනවා ඒ ගැන මන් පස්සේ වෙලාවක කියන්නම්කො.මේ කතාව සිද්ද උනේ මන් අරකියපු කෙල්ල අපේ එකට කැමති උන මුල් කාලේදී සිද්ද වෙච්ච දෙයක්.
     ඔන්න ඒ කාලේ අපේ එවුන් වැඩිය රැට ඇවිදින්න ගියේ නෑ.යුද්ද කාලෙනේ හිටපු ගමන් බෝම්බත් පිපිරෙනවනේ.ඔන්න එක දවසක් හවස හය හමාරට් විතර මන් ආතල් එකේ සින්දුවක් එහෙම අහගෙන ඉන්නකොට(උ.පෙ කරාට අපි ඔය කාලේ පාඩම් කරේ ඉදලා හිටලා) මට කෝල් එකක් ආවා මගේ අතිජාත මිත්‍රයාගෙන් .
රසි-"මචං පොඩි ගමනක් ගිහින් එමුද?"
මං-  "කොහෙද බං?"
 රසි-"මේ ලගට ගිහන් එන්න .මං දැන් උබලගේ ගේ ගාවට ඇවිත් ඉන්නේ ටක් ගාලා වරෙන්කො"
   මු මේ ගේ ගාවටම ඇවිත් කතා කරන්නේ නම් හොදකට නෙවේ.මෙහෙම යන තැන නොකිය යන්නේ මොකක් හරි හුට පටයක් තම.මොකද මං මිට කලිනුත් මුත් එක්ක ඔය එක එක බහු බුත වැඩ වලට ගියානේ.මහා රෑ බයික් එහෙම කිලෝමීටර ගණන් තල්ලු කරන ගියානේ...
මු ඉතින් මගේ බච්ච සන්දියේ ඉදන්ම බොක්ක ප්‍රේන්ත.අපි දෙන්න ඉතින් පිස්සු වැඩක් කර ඒ කාලේ ඉදන්ම.තාමත් ඉතින් එහෙම තමා.
         අමතක උනානේ කතාව.....
ඔන්න ඉතින් මත ඉක්මනට ශෝටකුයි T එකකුයි දාගෙන අම්මට ලගට ගිහින් එන්නම් කියල ගෙදරින් මාරු උනා.මං යනකොට මෙන්න මේක වාහනෙත් අරන් පාර අයිනේ ඉන්නවා. එදා පෝය දවසක්.ෂුවර් අද මුන්ගේ තාත්ත ගෙදර නෑ.නැත්තම් මේ අටමගලේ මුට එන්න දෙන්නේ නැනේ.මත ගිහින් ඉතින් වාහනේට නැග්ග.අපි ඉතින් දැන යනවා.
"මචං උබ දන්නවද අපි කොහෙද යන්නේ කියල?'මු අහනවා ..
"මං දන්නේ කොහොමද ,උබ මට කීවද යන්නේ කොහෙද කියල..."
"මචං අරකිට මාව බලන්න ඕනලු,මාත් ඒකිව  හුග දවසකින් දැක්කේ නෑ .මං ඒකිට කීවා මං දැන් එහෙ එනවා කියල..."
හුටා
මං උද ගිහින් බිම වැටුණා...
"යකෝ දැන් මේ රෑනේ???උබට බැරිද මේක දවාලක යන්න.???අනික දැන් ඔකිගේ තාත්තත් ගෙදර ඇති??ඒකා මහා වසවර්තියනේ..."
ඒක තමා බං උබව එක්ක යන්නේ..උබ මොකක් හරි දාල ඒකව ශේප් කරපංකෝ "
මං ඉතින් ඒ කාලේ ඉදන්ම නයි ඇරලා ඒක ඒකව ශේප් කරන්න දන්නවා.  මොකෙන් මොකක් වෙයිද  දන්නේ නෑ අද නම්.එක දවසකුත් දවාලක ඔය පැත්තේ ගිහින් අපි දෙන්න බොහොම අමාරුවෙන් මාරු වෙලා ආවා.අද නම් වැඩේ කොර වෙයි කියලම තමයි මට නම් හිතුනේ.

කොහොමින් කොහොම හරි අපි දෙන්න ඒ ගේ පැත්තට කිට්ටු උනා.කෙල්ලට මිස් කෝල් එකකුත් දුන්න හින්ද එකී සදලු තලේට නැගල බලන් ඉන්නවා අපි ඇත තියාම දැක්ක.මට පටස් ගාලා මතක් උනේ රෝමියෝ ජුලියෙට් .අඩේ උන් දෙන්නත් මෙහෙමද දන්නේ නෑ ඒ කාලේ කොරේ.
ඔන්න අපි දෙන්න ගේ ගාවට කිට්ටු වෙනකොටම අපේ එකාගේ වසවර්ති මාමණ්ඩිය ආවා නේද සදලු තලේට කෙල්ල ෆුල් හොල්මන්.අපිත් ඒ වගේ.කරන්න දෙයක් නෑ ඉතින්.අරු බය වෙච්ච පාර ඉබේටම වගේ වාහනේ අර ගෙදරට අල්ලපු ගෙදර මිදුලට දැම්ම.
මල කෙළියි දැන්..ඒ ගෙදර දොර අරගෙන කොල්ලෙක් ආවා.දැන් ඉතින් මගේ වාරේ..උව මොකක් හරි කියල ශේප් කරන්න ඕන..අරු මුකුත් කියන්නෙත් නෑ.මං කතාව පටන් ගත්තා.
"අය්යා මේ පැත්තේ ඉන්නවද ******* කියල කොල්ලෙක් ඉස්කෝලේ *****************.එයා අපේ යාලුවෙක්".
ම්ම්ම්ම්....එහෙම කෙනෙක් නම් මේ පැත්තේ නෑ...මල්ල්ලිලා කොහෙද...???
අපි නුවර අය්යා..අපේ යාළුවා කීවා අද එහෙ එන්න කියල.අපි දෙන්න ආවා දැන් ගේ හොයා ගන්න බෑ... 
ඔය කියන කෙනෙක් නම් මේ පැත්තේ නෑ මල්ලි..ඔයාලට කොහේ කියලද කිවේ???
මට හරියට මතක නෑ අය්යේ ,එයා කියපු විදියට හැරී හැරී තමයි අපි ආවේ...
මල්ලිලා කෝල් එකක් දාල බැලුවේ නැද්ද???
කෝල් එකක් දැම්ම අය්යේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ...දැන් ඉතින් මොනවා කරන්නද අපි එහෙනම් ගිහින් එන්නම් අය්යේ..
මල්ලිලා කොහෙන් හ‍රි පාර වරද්දාගෙන...පොඩ්ඩක් හොයල බලල එන්න එපැයි.... 
    දැන් වැඩේ නම් ශේප්.දැන් ඉතින් කොරන්න තියෙන්නේ මෙතනින් මාරු වෙන එක.අම්මට සිරි වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑ.කරන්න දෙයක් නෑ.අර පොරවත් සෙට් කරගෙන කොහොම හ‍රි වාහනේ තල්ලු කරලා ස්ටාර්ට් කොර ගත්තා.ඊට පස්සේ කෙල්ල බලන එක පැත්තකින් තියල අපි දෙන්න ගෙදර ආවා.යන්තම් ලෙඩක් දා ගන්නේ නැතුව බේරුනා.එදා තමා අපි දෙන්න කෙල්ලෝ බලන්න කියල කෙල්ලන්ගේ ගෙවල් ලගට ගිය අන්තිම වතාව..යේ කවදාවත් ගියේ නෑ.ඔය ටෙලිවිෂන් එකේ තියන කතාවල තියන ඒවා අත්හද බලන්න කියල එක දවසකුත් කෙල්ලෙක්ගෙ ගෙයක් ගාව බයික් එකක් තල්ලු කරලා චාටර් උනා.ඔය වගේ සිද්දි සේග්මන්ට් ගොඩක් තියනවා.ඒවත් හෙමින් සැරේ පොස්ට් කරලා දාන්නම්කො...කම්මැලි හිතුනට කමක් නෑ මේක කියවල කොමෙන්ටුවක් එහෙම දාල කියන්නකෝ.මේක නම් ඉතින් ඇත්තටම වෙච්ච දෙයක්.

4 comments:

  1. නියම කතාව...මං කල්පනා කලේ හිනාව නවත්තා ගන්නේ කොහොමද කියලා...

    ReplyDelete
  2. දැන් නම් හිනා යනවා මටත්...ඒ වෙලාවේ නම් මාරයා දැක්ක.

    ReplyDelete
  3. උඹට බොරු කියලා හොඳට පුරුදුයි කීවා නේ.. හ්ම් හ්ම් දැනගත්ත එක හොඳා.. කතාවනම් ඉතින් කලින්ම අහලා කලින්ම හිනා වුනානේ අපි.. :D :D

    ReplyDelete
  4. උබ ඔය කථාව කලින් අපිට කියල ත්යනවා ‍වගේ මතකයි... :D :D

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...