මේක කොහෙන් පටන්ගන්නද මොනව කියන්නද කියල හරිම අදහසක් තාම ඔළුවෙ ඇතුලෙ නොතිබුණත් මේක නොකියා ඉන්න නම් මට හිතෙන්නෙම නෑ,
එක කාලෙක, එහෙම කිව්වට මේක වෙලා දැන් දවස් 3,4 ක් ඇති.....
එක ගෙදරක අවුරුදු 23ක් විතර වෙන දුවෙකුට විවාහයක් කරල දෙන්න ඒ දෙමව්පියන්ට උවමනා උනාළු,
අනේ ඒ උනාට මේ දෝනියැන්දට නෙමේ විවාහයේ වගේ වගක් තිබුනේ, එයාට විවාහය කිව්වම, නයාට අදු කොළ වගේම නොවුනත් ඊට ටිකක් අඩුවෙන් ඔය කියන මාතෘකාව එපා වෙලයි තිබුනේ....
අනේ ඒ උනාට ඉතින් අම්මට අප්පච්චිට උඩින් යන්න බැරි කමටයි, ගැලවිජ්ජාවටයි කියන දෙකටම හරි යන්න ගෙදරින් කියන ඕන දෙකට කැමතියි කියල මේ දෝනියැන්ද කිව්වලු..........
අනේ ඔන්න ඉතින් එක දවසක් අර දෝනියැන්දට උන්දැගේ අම්ම ගෙනත් දුන්නලු පොටෝ කෑලි 3,4ක්. 3,4ක් කිව්වට එතන තිබ්බලු පොටෝ කෑලි 6ක්ම. මොනවද ඒකේ තිබුනේ, හි හි හි හි..................
මනමාලයෝ! එක්කෙනෙක්ද? නෑ 6 දෙනෙක්ම. ඉතින් අම්ම කියපි දුවේ ඔතනින් කැමති, හොද කෙනෙක් තෝරලා කිව්වනම් කියල..........
අනේ දෙවියනේ මනමාලයෙක් තෝරනව කියන්නේ, මොකෝ අවුරුදු කුමාරයෙක් තෝරනව වගේ වැඩක්යැ පොටෝ කෑල්ලක් දිහා බලල තෝරන්න....
අනාගත සහකාරය කිව්වම කොච්චර බාරදූර වගකීමක්ද නේද?
මේ දෝනියැන්දත් ඉතින් පොටෝ කෑලි 6 දිහා බැලුවලු, අනේ ඉතින් රූපෙ නම් කියන්ට තරම් වරදක් නෑ.... රූපෙ දිහා බලල මක්කොරන්නෙයි, මොකෝ රගපාන්ට යවන්ටයැ උන්දැව....
අනේ ඉතින් පොටෝ කෑලි 6 ආයෙමත් අම්මටම දීලා දෝනියැන්ද යාප්පුවෙන් කියපි මේ කවුරුවත් හරි නැතෙයි කියල.......
අම්මත් ඉතින් හ්ම් හ්ම් කියල නිහඩ උනාට මොකෝ දෝනියැන්දට තිබිච්ච එකම පුරස්නෙ අම්ම තව කී දොහකින් මේ අලකලංචිය ආයෙමත් පටන් ගනීද කියලයි.......
විවාහය අත්‍යවශ්‍ය දෙයක්ද?
මේ දෝනියැන්දට තිබිච්ච එකම උත්තරයක් නැති පුරස්නේ ඕං ඔච්චරයි....
Subscribe to:
Post Comments (Atom)
වටිනාකමට මිලක්.....
වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...
-
System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. ක...
-
"සුබ ගමනක් යන්න ඕන දකුණු කකුල පෙරට තියලා." ඕන ගෙම්බෙක් මොකක් හරි වැඩක් කරන්න ගියාම කියන්නේ ඔය කතාව. නිකමට හිතුවද දකුණු කකුල න...
-
ඔන්න ඉතින් එකමත් එක කාලෙක හිටපු ලොවෙත් නැති හත් දෙනෙක්..කොලබ යන්න හිතුවලු..එකත් ඉතින් ලොවෙත් නැති කතාවක්, මුන් හත්දෙන හිටපු තැනත් මුන්ගේ ...
හිහ් හිහ්.. දෝනියැන්ද ලොක්කිම ද මන්දාලු..
ReplyDeleteඕක ඉතින් පරණ අයගේ බයිලාවනේ අක්කා....
ReplyDeleteදන්නවනේ අර කතාවක් තියෙන්නේ වදුරෙක්ගේ නැට්ට මොකේටද අහුවෙලා කැඩුනම, මේක ඇවිත් අනිත් වදුරන්ට කියපි නැට්ට වැඩක් නෑ, ඕක අයින් කරගනිල්ල කියල.
අන්න ඒ වගේ තම මේකත්..
කොර ගත්ත මගුලට කර ගන්න දේකුත් නැතුව තවත් එවුන් ඒ ගොඩටම දා ගන්න හදන්නේ..
අත්‍යවශ්‍ය නම් නෑ කොහොමත්..
හපොයි...ඔක නම් අත්‍යවශ්‍යම දෙයක් නම් නෙවෙයි...
ReplyDeleteදෝනියැන්දැ.... දැන් අම්මා පෙන්නපු පොටෝ කෑලි ඔක්කෝගේම ටෝටල් එක කියද...?
ReplyDelete