Wednesday, May 16, 2012

යකුන්ගේ අඩවිය සොයා 1

වසර නොදනී
දිනය නොදනී 
නමුත් සිදුවීම දනී.
   ගෝත්‍රය යක්ෂයන්ගේය, පර පුර ඔවුන්ගේය, යුගය නොදන්නේය. බලය ඔවුන්ගෙන් ගිලිහුනද. මේ භුමියේ අයිතිකාරයින් ඔවුන් වන්නේය. නොදන්නා යුගයක ජිවත් වූ නොදත් යක් පරපුරක් වෙනුවෙන් සොයා ගිය ගමනක් මෙසේ ඇරබෙන්නේය.අතීතය මෙසේ දිග හැරේ

කම්මලක් නොතිබූ යුගයක, අවියක් තනා ගැන්මටත්, ගොවිතැනක් කිරීමට ආයුදයක් වත් තනා ගැන්මට නොදත් අතීත පරපුරකට එය කර දුන්නේ යක්ෂයන්ය. 
" රාක්ෂ කන්ද "
    එනම් යකුන් විසු රාක්ෂ ගල මෙය වේ. මෙය අසලට ගොස්  තමාට ඇවැසි  දේ කන්නලව් කර, පඩුරු තබා ගිය විට. අවශ්‍ය ආයුදය ලබා ගත හැකි බව එකළ ගැමියෝ ඇදහූහ
එය සොයා යන්නවුන් නැවත නොපැමිණියේය, එය ඔවුන් නොදැන යුත්තක් බව  ඇදහූහ . එහෙත් නිර්භිතයන්  තුන් දෙනෙකු නිසා එය ඔවුන් සොරකම් කර ගත්හ.  එතැන් පටන් මෙය පාලු අඩවියක්  වූ බවට නොරහසකි. මෙය හුදෙක් ගවේෂනයක්ම නොව, අපගේ අතීතය පිරික්ස බැලීමකි






ගම්පොල සිංහපිටිය ඔස්සේ කුරුදුවත්ත නගරය පසු කල විට දොළොස් භාගය මාර්ගය අසල පිහිටි නාම පුවරුවක සදහන් වුයේ Raxawa  Estate යනුවෙනි. එම මාර්ගය දිගේ ඉහලට යන විට raxawa තේ කර්මාන්තශාලාව හමුවන අතර. එහි පාළු ගතියක් දිස්විණි තවත් ඉහලට යත්ම තේ වතුයාය මැද පවතින ලැයින් කාමර පමණක් දක්නට ලැබුණි. වාහනයකින්  යා  හැකි උපරිම දුරට ගිය පසු ගමන් පටන් ගත යුත්තේ පා ගමනින්ය. මෙහි දැක්වෙන්නේ ඒ යන අතර මගදී කැමරාවට හසුවූ දසුන් කිහිපයකි.






වහනයෙන් බැස්ස විට දක්නට ලැබෙන්නේ ඉතා විශාල ගල් පර්වතයකි. බැලු බැල්මට  යෝදයෙක් සේ දිස් වෙන මෙම පර්වතය දිගු දුරක් විහිදී යනු පෙනෙන්නේ ව්නාන්තරයකින්ය. එහි කෙල වරට් වන්නට වං ගෙඩියක් හා මෝල් ගසක් වැනි පර්වතයක් දක්නට ලැබෙයි. එය අපේ ගමනන්තයි. යකුන්ගේ පර්වතය එයයි. 

ගමන අරඹන විට තේ වත්තක් ඔස්සේ යාමට සිදු වුනි. එහි සේවය කරන බොහෝ අය අපට සුහද සිනාවකින් සංග්‍රහ කලෝය. ඔවුන්ගෙන් කිහිප දෙනක් අපට මග පෙන්වුවෝය. 

උඩ වැඩියා මල්, බොහෝ අය ගෙවතු වල වග කරන මල් වර්ගයකි. ඉතා ඉහල මිල ගණන් වලට අලෙවි වන මේවා. මෙම මාර්ගය  දෙපස විශාල ප්‍රමාණයක් දක්නට ලැබිණි.  වචනයෙන් කිව නොහැකි සුන්දර දේ කැමරා කාචයට හසු කර ගැන්මට හැකි විනි. 


.




 ඉතිරිය ඊළගට ...



1 comment:

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...